මීගලෑව,ගිරාතලාන,කටුගම්පොළගම ව්‍යාපාරිකයකු වන පියාට ද බිරියටද පිහියෙන් ඇන ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා පැහැරගත් මැරයින් සිව් දෙනකු යතුරු පැදි දෙකකින් සඳුදා (28) මහ රෑ පලා ගිය බව මීගලෑව පොලීසිය කියයි.
මැරයින් දෙදෙනකු ෆුල් ෆේස් හෙල්මට් පැළැද සිටි බවත් තවත් දෙදෙනකු රෙදි පටි මුහුණේ බැඳගෙන සිටි බවත් පොලීසිය පවසයි.
නිවසේ බඩු සොරා ගැනීමක් හෝ කප්පම් කෑමක් වෙනුවෙන් මේ දරුවා පැහැරගත් බවක් නොපෙනේ යැයි ද පොලීසිය සඳහන් කරයි.
පැහැරගත් දමිදු යශේන් ඒකනායක දරුවා ගැන අද (29) සවස්වන තුරුම නිසි තොරතුරක් ලැබී නොමැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිහිය පොලිස් බල්ලෙකුට ඉව අල්ලලා අඩු වශයෙන් මේ අපරාධකාරයින් ගිය දිශාවවත් හොයාගන්න බැරිද? (නි)
මෙම දරුවට ත්‍රිවිද රත්නයේ පිහිටෙන් කිසිඳු උපද්‍රවයක්නොවී යහතින් දෙමව්පියන් වෙතට එන්න ලැබෙිවා....! (අ)
මෙම සිද්දිය අහන දකින හැම කෙනෙක්ම මෙම දරුවට කිසිම කරදරයක් නොවෙවා කියල හැම මොහොතකදීම ප්‍රාර්තනා කරන්න. (අ)
අනේ පවු! (නි)
අනේ අපොයි ර අපරාද කාරයෝ විතරමි මේ අපාරද කාරයෝ ඝාතනය කර හෝ මේ දරුවාව බේරගන්න (අ)
අනේ පැහැරගත් කට්ටිය මේ දරුවා එයාගේ දෙමව්පියන්ට බාරදෙන්න. මොන හිතකින්ද මෙහෙම දේවල් කරන්නේ? මේවා අහස පොලොව නුහුලන අපරාද. ජාති ජාතිත් මේවා පඩිසන් දෙන පාප. අනේ ජේසුනි මේ දරුවා රැක දෙන්න.(නදී)
දැන් හැමෝම කරාටි ඉගනගන්න. පිරිමි ගැහැණු පොඩි ලොකු භේදයකින් තොරව. පොලිසියට මහජනයා පරිස්සම් කරනවට වඩා කොච්චර වැඩ තියනවද? (අ)
මේ පොඩි එකා දකිද්දීදී මගේ නොවුණත් පපුව පැලී යනවා. රට එන අත නම් හොඳ නෑ. දරුණු අපරාද රැල්ලක් තියෙන්නේ. හෙට මේක කටද වෙන්නේ දන්නේ නෑ. මේ කරපු එවුන්ව අල්ල මරා දැමිය යුතුයි. (අ)
ගෑවුන අයව ඇස් පනාපිට පඩිසන් දෙනවා. (නදී)
නීතිය නිදහසේ ක්‍රියාත්මක නොවී මේ ප්‍රතිඵල (අ)
නිධානයක් ගන්න බිල්ලකටවත් ගෙනිච්චා ද දන්නේ නෑ අනේ පොලිසිය හොඳ සෙවිල්ලෙන් ඉන්න කැලෑවල්වල සොයන් හමුදාවේ සහයත් අරගෙන මේ රටේ ඉන්නේ මහා තිරිසන් ජාතියක් සල්ලි පමණයි මිනිස් ජීවිත තඹ දොයිතුවකටත් ගණන් ගන්නේ නෑ. (අ)
මේක පුද්ගලික තරහක් වෙන්න බැරිද? (නි)
නිදානයක් ගන්න බිල්ලකටවත් ගෙනිච්චා ද දන්නේ නෑ..ලොකු තැන්වල අනුග්‍රහයෙන්නේ නිදන් හාරන්නෙත්.(අ)
ඊයේ දෙනෝ දාහක් දෙන ඉදිරියේදී අවුරුදු 72 ක වයසැති ව්‍යාපාරිකයාට වෙඩි තියල මරල මුදල් පැහැර ගන්න තැත් කලා .ව්‍යාපාරිකය ඇත්නම මිය ගියා .දැන්නම් අපේ රටත් පිලිපීනයටත් එහා ගිය රටක් වෙලා.කොහොම තිබුන රටක්ද අප්පා.(අ)
"ලක්ෂ 2 1/2 ක් බේරා ගන්නට ජෝඩුවක් ජාඇල මහමග මහ සටනක් සල්ලි මල්ල රැක ගත්තත් බීම කොම්පැනි මහත්තයා මරුට".(අ)
තිසරණ සරණේ බලෙන් මේ දරුවාව මහා මගවත් දමා ගොස් තිබී හමු වේවා. අපිත් දරුවන් ඇති දෙමාපියන් මේ වා හදවත් වලට නුහුලන අපරාද. දෙමාපියන්ගේ හතුරෙක් විය යුතුයි මේ දේ කලේ. (නදී)
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් දරුවාව ඉක්මනින් දෙමාපියනට ලැබේවා (නදී)
දරුවාට අනතුරක් නම් කරන්න එපා. (අ)
අපිට,අපේ දරුවන්ට සුබ අනාගතයක පෙර නිමිති පහල වෙමින් තිබෙනවා කියල දැන් පේනවා. (අ)
ඉතාම සෝචනීයයි දරුවන් සිටින පියෙක් හැටියට මම දෙවියන්ගෙන් ඉල්ලන්න්නේ මේ නොදන්නා දරු පැටියව හොයල දෙන්න. අපේ රටට ගිය මේ කලදසාව මගේ ජිවිතේ දකින දුක්බරම කාලයයි. හැම තැනම අවුල් වෙලා කුඩු, මිනීමැරුම් හොරකම් දාමරික කම් මංකොල්ල කෑම නිතිය නැතිවෙලා හිතට අවංකව අපි සැමෝම හොඳින් අදිස්ටාන කරගතු දෙයක් අපේ ඇස් ඉදිරිපිට පේන දෙයක් තමයි මිනිසුනි නැවතත් කවදාවත් නුගත් නරක ක්‍රියාවල යෙදෙන අද්යාපනයක් නොලබා දාමරික කමින් ඡන්දෙ ඉල්ලන්න කිසිවෙකුටත් ඡන්දය නොදිය යුතුයි (නදී)
මේ අයව අල්ලලා මහාජනතාවටබරදෙන්න ජනාධිපතිතුමනි මේ දරුවාව බේරගන්න උදව්කරන්න (අ)
උපජිව, අරුණ, මොනවද මේ කියන කතා . තුන් හිතකින් වත් හිතන්න හොද නැහැ. මම නම් හිතන්නේ පුද්ගලික කෝන්තරයක් පිරිමසිමක්ද කියල. දරුවට යහතින් ගෙදර එන්ට ලැබේවා!! (අ)
යුද්දය ඉවර වන්නට කලින් අපට බය තිබුණේ කොහේ හෝ තබන බෝම්බ වලටත් , එල් ටි ටි ඊ ත්‍රස්තවාදින්ට . දැන් යුද්දය ඉවරවී අවුරුදු 5ක් වෙලත් අප සැවොම ජිවත් වන්නේ මරණ බියෙන් , ඒ අපේම ජාතියෙන් , දුෂිත මැරයන්ගෙන් සහ මැර දේශපාලුවන් නිසා .(අ
අහිංසක ළදරුවාගේ ජීවිතය බෙර ගැනිමට ලංකාවම පෙළ ගෙසි , මෙම මැරයන් අල්ලා ගෙනිමට පොලිසිය උදව් කළ යුතුය . පොලිසියට තනිවම මෙය කරන්නට කාලයක් යනවා . ළදරුවා මානසිකව පෙළෙනවා . (අ)
අනේ දෙයියනේ මේ දරුපැටියට ත්‍රිවිද රත්නත්තරේ පිහිට ආරක්ෂාව ලැබේවා! අපි ලංකාවට නිවාඩුවකට ආවත්, ඇගිලි ගැන ගැන ඉන්නේ, ආපහු යන්නේ කවදද කියලා.ඒකට හේතුව තමයි, අපේ දරුවන්ටත් මෙවන් විපතක් වේවි කියා,එදා සිට අපේ හිත් වල ඇති වී තිබෙන අසීමිත බය. (අ)
දැන් ඉතින් ළමයි ටිකත් අරන් රට පනින්න තමයි වෙන්නේ. ලංකාවේ ජීවත්වෙන්න ඉඩක් ඇත්තෙම නැහැ. දේශපාලුවෝ එක පැත්තකින් අපරාධකාරයෝ අනෙක් පැත්තෙන් (අ)
මීගලාව, ගිරාතලාන, කටුගම්පොලගම ලංකාවේ කොහෙද තියෙන්නේ? (අ)
මෙය දෙමවුපියනගෙන් පලිගන්න කරපු දෙයක් බව පෙන්වයි මෙ කිරි සත්වයා මොනවද දන්නෙ ඒ අහිංසක දරුවට තම දෙමවුපියන්ලගට යන්න ලැබෙවායි මා පතමි (අ)
මේවා මහපොලව උහුලන්නේ නැති අපරාධ. මැරයන් පණපිටින් අපාගත වියයුතු වරදක්. නමුත් පොලිසියෙන් අමාරුවෙන් අල්ලගන නඩු දැම්මම, අවුරුදු 10 විතර නඩු අහලා අවුරුදු 5 ට හිරේ දානවා. "හිරකරුවෝද මනුෂ්‍යයෝය " කියලා වගන්තියක් හදාගත්ත අමනුෂ්‍යයෝ කට්ටියක්, මැරයන් අවුරුදු 2 කින් නිදහස් කරයි. මේක සිරි ලංකාවනේ.කිසි පුදුමයක් නැහැ. (අ)
ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියන උදවිය මේ පුවත් කියවන්නේ නැතුව ඇති මගේ හිතේ. (අ)
මරණීය දන්ඩනය දෙන්නම වෙනවා මේ නරි රැළට (අ)
මේ පුංචි මල්ලි පැටියට කිසිදු සීරීමක් වත් නොවී නැවතත් එයාගේ අම්මා තාත්තා ලගට යන්න සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.. (දී)
හැම අම්මා/ තාත්තා කෙනෙක්ම මේ වෙලාවේ නියම සෙනහසින් සහෝදර බැම්මෙන් එකතුවී මෙවැනි අපරාධ කරන මිනිසුන්ව තරාතිරම නොබලා නීතියට හසුකරදෙන්න උත්සාහ කරන්න (නි)
දරුවා ඉක්මනින් හමුවේවා! (අ)
රට දැන් මිනීකන්නනගේ දේශයක් වගේ වෙලා.පුළුවන් විදිහට ඉඩකඩම් විකුණලා හරි රටින් පිටවෙන්නයි බලන්නේ (නි)
කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනකොට අනෙකුත් සියලුම අපරාධ ඉහළ යනවා කියල ඕනෑම පොඩි ළමයෙක් වුණත් දන්නවා. (නි)
කුඩා දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)
ඕකටත් දේශපාලුවෙක් ගෑවිලා ඇති මොකද එයාලට ඕන දෙයක් කරන්න මහ තැන්වලින් අවසර තියනවනේ. ආසියාවේ අාස්චර්යට ජයවේවා (නදී)
පොලිසියට ලක්ෂ 32 බයික් අරන්දිල තියනවලු මේ අපරාද වෙන්න කලින් නවත්තන්න. (නදී)
කෝ අපේ පොලිස් මාදය ප්‍රකාෂක තුමා (නදී)
මේ දරුපැටියට ත්‍රිවිද රත්නත්තරේ පිහිට ආරක්ෂාව ලැබේවා! දරුවට යහතින් ගෙදර එන්ට ලැබේවා!! මේ අපරාධයට සම්බන්ද මැරයන් .අල්ලගත්තට පස්සේ කිසිම නීතිඥයකුට උන් වෙනුවෙන් පෙනිසිටින්න එපා. නැත්නම් වීවිද තර්ක විතර්ක දාලා උන් නිදහස් වෙලා ආයමත් ඔවැනි වැඩම කරාවි. (නදී)
අයියෝ! මෙහෙමත් අපරාධ? රජය මේ අපරාධ රැල්ල ගැන මොකද කියන්නේ? (නි)
ජේසු පිහිටෙන් මේ අහිංසක දරු පැටියා සොයා ගැනීමට හැකිවේවා! (නි)
මේ වගේ වැඩ නවත්වන එක පොලිසියට ඒ තරම් දෙයක් නෙමෙයි. (නි)
අපේ රට අපරාධකාරයන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා (නි)
ආදර චූටි පුතේ, ඔයාට කිසිම කරදරයක් නොවේවා! (නි)
මේ දරුවාව පැහැර ගත් අය මිනිස්සුද? තිරිසන්නුද? (නි)
කුඩා දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)
මේ දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)
අපේ රටේ වන මේ අපරාධ රැල්ල නවත්වන්න ඕනෑකමක් කාටවත් නැද්ද? (නි)
ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවීමේ විපාක තමා මේ (නි)
ඔයාව ඉක්ක්මනින් දෙමාපියන් අතට ලැබේවා! (නදී)
අනේ අපොයි! (නි)
අනේ! අර පුංචි එකාගේ ජීවිතය බේරුනොත් ඇති. පවු ඒ නොදරුවා (නි)
අනිවාර්යයෙන්ම දේශපාලුවෙක්ගේ ගෝලොයෝ වෙන්ඩ ඇති. අනේ අපොයි රටකට ගිය කලක්. (අ)
අපි හැමෝම එකතුවෙලා මේ දරුවා හොයමු. රට පුරාම අපේ යළුවෝ ඉන්නවනේ. (නදී)
බොහෝවිට නිධානයකට බිලි දෙන්න වෙන්න ඇති.මේකටත් ආණ්ඩුවට බනිවි අපේ කට්ටිය (අ)
මේ පැහැරගත් කට්ටිය පොලිසියට ආයුධ පෙන්වන්න ආසයි වගේ.(අ)