(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වත්තල ප්‍රදේශයේ ව්‍යාපාර රැසක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බලපත්‍ර සහිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් කිසියම් පුද්ගලයකු  සොරාගෙන ගොස් ඇතැයි වත්තල පොලීසිය පවසයි.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ඇති සොරකු ව්‍යාපාරිකයාගේ කාමරයේ තිබූ මෙම ගිනි අවිය සොරා ගෙන ගොස් ඇති බව පොලිසිය.

ව්‍යාපාරිකයාගේ නිවසේ දේපළ සොරා ගැනීමේ අදහසින් සැකකරු නිවසේ නාන කාමරයෙන් නිවස තුළට ඇතුළු වී ඇති අතර , ව්‍යාපාරිකයාගේ ගිනි අවිය දැක එය රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ගිනි අවිය හා සම්බන්ධයෙන් සහ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැත.