දඹුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් තලකිරියාගම නික්ගොල්ලයාය ප්‍රදේශයේ ඉපැරණි වැවක විශාල බැම්මක් මේ දිනවල බොරළු ලබාගැනීම සදහා ප්‍රබල ව්‍යාපාරිකයකු විසින් යන්ත්‍ර සුත්‍ර යොදා කපන බව ගම්මු කියති .
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකුගේ නැදා කමක් ගැන ගම්මුන් ට පවසා මාස ගණනාවක සිට බොරළු කපා ටිපර් රථ වලින් රජයේ වැඩබිම් වල ට විකිණීම සිදු කරන බව ජනතාව කියති .
තම ගමේ පොදු සම්පත විනාශ වීමට විරෝධය පා ගම්මු 06 දින එලියට පැමිණ මේ විනාශය පිළිබධව මාධ්‍ය ට දැනුම් දුන්හ. මාධ්‍යවේදීන් ස්ථානයට යද්දී එම වියාපාරික මහතා කිවේ තමන් නිත්‍යානුකුලව මෙය කරන නිසා වීඩියෝ නොකරන ලෙසය .
ගැමියන් සමග මේ ස්ථානයට අප යනවිට 06 දින රජයේ නිවාඩු දිනයේද බොරළු කපා පටවන අකාරය දැකගැනීමට හැකිවිණි .
එහිදී දඹුල්ල පොලිසියේ පරිසර අංශයේ නිලධාරින් පැමිණ අවශ්‍ය ලිපි ලේකන පරික්ෂා කර බැලීමේදී ඉඩම් මායිම් පිළිබඳව ගැටළු ඇතිවිය .ගම්මුන් ව්‍යාපාරිකයාට විරෝධය පලකල අතර තම ගමේ පොදු සම්පත ට බලපත් සැකසු රජයේ නිලධාරීන්ට විරුද්දව ඉදිරියේදී පාරට බහින බව ගම්මු කියති .පොලිසිය තාවකාලිකව බොරළු කැපීම නවතාදමන ලදී .








COMMENTS
ඔය වැඩ වලින් වෙන්නෙ ප්‍රදේශය විතරක් නොවෙයි රටත් විනාශ වෙන එකයි. මට නම් හිතාගන්න බැහැ මිනිසුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. පැරණි රජවරු කොච්චර නම් මහන්සි වෙන්න ඇත්ද ඕවා හදන්න. (නි)
බලවත් ව්‍යාපාරිකයෙක් කියන්නේ කාගේහරි ලොක්කෙකුගේ සහෝදරයෙක්ද? (නි)
මෙහෙමත් යහපාලනයක්! (නි)
ලෝකයේ හැමදේම අනිත්‍යයයි. ඇයි ඔච්චර ලෝබ තණ්හා? මේ ආත්මෙදි පළනොදුන්නොත් ලබන ආත්මෙදි උපදින්නේ ඔය වැව් කණ්ඩියේම ලොකු පණුවෙක් වෙලා, ඔය කරන වැඩ අනුව හිතනකොට (නි)
මේ මිනිස්සුන්ට ගොඩක් ස්තුතියි මෙවැනි හොර වැඩක් ඉස්මතු කරලා පෙන්නුවට. මේ රටේ නිලධාරියෝ නිදිවැදිලද? එක එකාගේ නම් පාවිච්චි කරලා මේ වගේ අපරාද කරන එක කොයි තරම් පාපයක්ද? (බ)
ලංකාවේ දේශපාලකයන් තුළින් කවමදාවත් රටේ සාධාරණයක් හෝ නීතියක් ඉටුවන්නේ නෑ, ලංකාවට ඕනා "ලි කුවන් යු" වගේ අවංක පාලකයෙක්. දැන් අපේ රටේ ඉන්න ඔක්කොගෙම බොක්කේ දඩමස්. (බ)
හරිතබර ලංකාවක් ගොඩනඟමු (සිහිනයෙන්) (නි)
කුමාර් (ගල්ෆ්), ලී කුවන් යු වගේ අයට අපේ අය ඡන්දෙ දෙන්නේ නැහැ. බයයි නීතියට වැඩ කරන්න වෙයි කියලා. (නි)