බම්බලපිටියේ ව්යාපාරික සුලෙයිමාන් ඝාතකයන් ඔහු පැහැර ගැනීමට කුඩා මෝටර් රියකින් හා වෑන් රියකින් එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. පොලිසිය දැනටම පෞද්ගලික සීසීටීවී කැමරා 10ක තොරතුරු ලබාගෙන ඇත.
ඊට අමතරව පොලිසිය නගරයේ ප්රධාන තැන්වල සවිකළ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට යයි. මේ අනුව කොල්ලුපිටිය, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, බොරැල්ල, ඔරුගොඩවත්ත, කැලණිය දක්වා සියලුම පොලිස් සීසීටීවී බැලීමට නියමිතය.
පරීක්ෂණ සඳහා දැනට මාවනැල්ලේ සිටින පොලිස් කණ්ඩායම් දෙකට අමතරව තවත් කණ්ඩායමක් කොළඹින් පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම සෙවිය යුතු වැඩක් .ඉදිරියට මෙහෙම වෙන්න දෙන්න බැහැ (බ)
කඩිනමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වේවා කියා පතනවා.(බ)
සමහර පැහැර ගැනීම් ස්වයං සංවිධානය කළ අතුරුදහන් වීම් වුනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (බ)
එතකොට අර වෙන්නපුවේ බණ්ඩිරිප්පු වැවේ තිබෙන මළසිරුර ගැන පරීක්ෂණ පවත්වන්න පොලිස් කණ්ඩායම් කීයක් යැවුවද? මම හිතන්නේ එතන මරාදාලා තියෙන්නෙ කෝටිපතියෙක් නොවෙයි වෙන්න ඇති. අනේ මන්දා මේවා කියනකොට තරහා යයිද මන්දා සමහර අයට (නි)