බණ්ඩාරගම අටුළුගම සිට බැංකු රන් බඩු වෙන්දේසියකට පිරිසක් සමග ගිය මොහොමඩ් නස්රීන් (35) ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.
ඉරිදා කන්තලේ හෝටලයක නතර වී වෙන්දේසියට ගිය ඔහු ළඟ රුපියල් කෝටියක පමණ මුදල් තිබෙන්නට ඇතැයි පොලිස් පැමිණිල්ලේ දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසක් සමග ගිය නිසා අනෙක් අය ගැන සේව්වම ඕක විසඳෙයි (බ)
නොදන්නා සතුරාට වඩා දන්නා මිතුරාගෙන් පරිස්සම් වෙන්න. (නි)
මෙයාගේ විශ්වාසවන්තම සේවකයා ඉන්නෙ කොහොද කියල බැලුවනම් (බ)
මෙහෙම ගියොත් අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉක්මනින් නිසි පිළියම් නොගත්තොත් මේක හතු පිපෙනවා වගේ ව්‍යාප්ත වෙලා යන එක යකාටවත් නතර කරන්න බැහැ (බ)
පවු, දුක් මහන්සියෙන් හම්බකරපු මුදල් නිසා තවත් පවුලක් අසරණවුණා. අසාධාරණ හම්බකරන්නන්ට මේ මොකුත් නැහැ. කොහොමත් ළඟ හිටිය අයගෙන් ප්‍රශ්න කරන්න (නි)
කුමන ජාතියක වුණත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක එකමයි. මනුෂත්වය ගමන් කරන දිශාව අතිභයානක බැවින් ඒ ගැන සැළකිලිමත් වීම ඇරඹීමට සුදුසු කාලයයි මේ (නි)
රටක නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. (බ)
කලින් වැරදිකරුවන්ට හරියට දඬුවමක් දුන්නේ නැති එකේ විපාක තමයි මේ. බොහෝ රටවල අපරාධ අඩුවෙන්නෙ දඬුවම බරපතල නම් හරි ගහන දඩය අතිවිශාල නම් හරි තමයි. (නි)
පහුගිය කාලේ සුදු වාහන තිබුනා කියලා අපරාධ අඩුවුණාද? මුදල් පසුපස නරක විදියට හඹායන ආකල්පය මිනිස්සු තුළ තිබෙනතුරු මේ වගේ අපරාධ අඩුවෙන්නේ නැත. (නි)
චතුරි, ඔයාගේ ඔය කණ්ණාඩි දෙක ගළවන්න. ඔයාට පේනවා හොඳ මදි. එතකොට දැන් මේ වෙන දේවල් දුෂිත නොවේද? අර ඇමති කෙනෙක් උපන් දිනය සමරලා තියෙන්නේ මිලියන 8 ක් ජනතවගේ සල්ලි වියදම් කරලා. (නි)
ළඟින්ම සිටින අයගෙන් ප්‍රවේශම් වෙන්න (නි)
මෙයාලා මෙහේ රණ්ඩු කර කර ඉන්නවා. අන්න ඒ මනුස්සයා යාපනයේ... (නි)
කොටියක් තිබුනා කියලා විශ්වාස කරන්න අමාරුයි. අද බැංකු ක්‍රමය දියුණුවෙලා සල්ලි ළඟ තියාගන්න ඕනෑ නැහැ. එයාගේ ගිණුමට බණ්ඩාරගමින් සල්ලි දැම්මා නම් වෙන්දේසියට අවශ්‍ය මුදල බැංකුවේදීම එහෙන් අරන් ගෙවන්න පුළුවන්. (නි)
විජේපාල, කෝටියක් අරන් ගියාට ඔක්කොම සල්ලි එයාගේ නොවෙන්න පුලුවන්. (ර)
සත්‍යය ළඟදීම හෙළිවේවි (නි)
පව්! දුක්මහන්සියෙන් කීයක්හරි උපයාගෙන හොඳින් ජීවත්වෙන එකාට ඉන්න නොදෙන මිනිසුන් රජකරන ලංකාව! දැන් මේ රටේ නීතියක් නැත (නි)
කෝටිපතියාගේ නිවසේ හැටි බලද්දී පුදුමත් හිතුනා (නි)
ඒ ගමන දැන් මේක ලංකාවේ අලුත්ම විලාසිතාව වෙලාද? (නි)
කෝ මේවට දඬුවම් (බ)
දැන් දැන් මේ වගේ දේවල් වෙනවා වැඩියි. නවත්වන්න විදිහක් ඇත්තෙම නැද්ද? (නි)
බැංකුවල සින්නවූ රන් ආබරණ උකස් කරනවා (බ)
මොහුට කරදරයක් සිදුනොවේවා කියා පතමි (නි)
කලින් කරපු දුෂිත වැඩ කිසිවක් කරන්න බැහැ ඉක්මනින් මුදල් හම්බ කරපු කාලේ ඉවරයි... (ර)
අර ඒ කාලේ සුදු වෑන් දැනුත් තිබුණා නම් කියලත් හිතෙනවා මේවා ඇහෙද්දී (නි)
රට වටේම හොයන්නෙ නැතුව මුලින්ම ළඟම සිටි හිතවතුන්, සේවකයො ගැන හොයලා බලන්න. කාලෙත්, සල්ලිත් ඉතිරියි. (නි)
මේ සියල්ල පෞද්ගලික කෝන්තර වගේ. හැම දෙයටම දේශපාලනය ගාව ගන්නත් බැහැනේද? (බ)
සුනෙත්, ඒ කාලේ සුදු වෑන් වලින් ඇවිල්ලත් මේවා කළා. (බ)
මෙච්චර ලොකු මුදලක් යොදවල ව්‍යාපාර කරන කෙනෙක් මෙවැනි කුඩා නිවසක ජිවත් වෙයිද? මෙතන මටනම් සැකයක් තියෙනවා. (ර)
සල්ලි වලට මිනිස්සු තිරිසන් වෙලා අද ? මේ කෙනාට කරදරයක් නොවේවා . කිසි දෙයක් විශ්වාස කරන්න බැරි කාලයක් (බ)
අපේ රටේ පාලකයො එකිනෙකාට චෝදනා කරගන්න එක තමයි අපිට හැමදාම රූපවාහිනියේ ප්රවෘත්ති වලින් දැකගන්න ලැබන්නෙ. හිටපු අය වැරදි කළ නිසා අලුත් අය පත්කර ගත්තා. බලය රැකගැනීම පමණක් නොසිතා දැන්වත් රටගැන හිතුවොත් හෙඳයි. රට යන පැත්ත නම් භායානකයි. (නි)
අද කාලේ බැංකු ක්‍රමය ඔතරම් දියුණු තත්වෙක තිබියදී කෝටියක මුදලක් කොලඹ සිට ත්‍රිකුණාමලයට අතේ ගෙනගිය එක අදහගනන්ත් බැහැ . (බ)
කෝටියක් තිබුනේ මේ ගෙදරද? (නි)
ඕක තමයි අපි කියන්නේ රට නිවැරදි අතට නොගිය ශාපය හැමෝටම ගෙවන්න වෙනවයි කියන එක. ඉදිරියේදී මේ අපරාධ සාමන්‍ය දේවල් වෙනවා බොරුද බලන්න.(බ)
චතුරි, සිහිනයෙන් අවදිවන්න (නි)
කවුරු වුණත් සල්ලි අරන් යනකොට විශ්වාස කට්ටිය සමඟනේ යන්නේ. අනික වෙන කාටවත් දැනෙන්න තියන්නෙත් නැහැනේ. එහෙනම් විශ්වාස කට්ටියම තමයි අවිශ්වාස කරන්න තියෙන්නේ. (නි)
ඔව් චතුරි, ඉස්සර වැඩ දැන් බැහැ. දැන් වෙන වෙන වැඩනේ වෙන්නේ (නි)
මොහාන්, ඔබ හරි ඇති. නමුත් යාපනයේ වින්ද්‍යා සිසුවිය දුෂණය කර මරාදැමීමේ සිට මේ දක්වා මොනතරම් දේවල් අහන්න ලැබුනද කියලා ඔබත් දන්නවා ඇති. සුදු වෑන් 100% නිවැරදි කියලා මම කියන්නේ නැහැ. නමුත් එදාට සාපේක්ෂව බලනකොට අද මෙවැනි දේවල්වල ලොකු වර්ධනයක් පෙන්නුම් කරනවා. මට කියන්න තියෙන්නේ, ඔබ නොදනී මුළු ලොවම දනී කියල තමා. (නි)
මේකනම් අහස පොලොව නුහුලන අපරාදයක්. මේකත් අර පරණ එක වගේම ලගම ඉන්න කෙනෙක්ගේ වැඩක් වෙන්න ඇති. (ර)
කළකිරෙනවා මේවා අහනකොටත්. තිරිසන්ම මිනිස්සු ඉන්න රට ලංකාව. මම නම් ආයේ එන්නෙවත් නැහැ ලංකාවට. මම ඉන්නේ ෆින්ලන්ඩ්. මෙහෙ මිනිස්සු දෙවිවරු වගෙයි (නි)
අද මිනිස්සු වෙන කවරදාටත් වඩා සල්ලි පස්සේ දුවනවා කාගේ බෙල්ල මිරිකලා හරි තමන් ගොඩ යන්න හදන්නේ... (ර)
මිනිස්සු බැංකු පාවිච්චි කරන්නේ නෑ කළු සල්ලි දාන්න. බැංකු වලට ලොකු සල්ලියක් දාන කොට උත්තර දෙන්න වෙන නිසා. මේවයින් අපරාධකාරයෝ තමයි වාසි ගන්නේ. (බ)
අහිංසක මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා (නි)
තාජුදීන් තාජුදීන් කියා කියා රාජපක්ෂලා පස්සේ දුවනවා. රට පුරා පාතාලේ වැහි වැහලා (බ)
ජමල්ඩීන් බැංකුවල සින්නවූ රන් ආබරණ උකස් කරනවා සමහර බැංකු අපෙට නොදන්වා අපේ බදු මේ එයට වෙන්දෙසේ කරනවා(අ)
පිරිසක් සමඟ නේද ගියා කියලා තියෙන්නේ? එතකොට මොහු සමඟ ගිය අනෙක් පිරිස ඉන්නවද. ඒ අය මොකද දන්නේ නැහැ මේ ගැන කියන්නේ. එක පැත්තකින් බලනකොට කෝටියක් කියන්නේ ඇත්තටම පරම්පරාවක්ම ජීවත්කරවන්න පුළුවන් මුදලක්. ඉතින් එහෙම මුදලක් තිබිලත් තව ගොඩ වැඩිකරගන්න ගිහින් නේද අමාරුවේ වැටිලා තියෙන්නේ. අනේ මන්දා මේ වෙලාවට තමයි අපිට බුදු හාමුදුරුවෝ දේශනා කරපු "තණ්හාය ජායති ශෝකෝ" ගාථාව මතක් වෙන්නේ. (නි)
කොහොමටත් වැරද්දක්නා වුනා නම් ඔවුන්ට දඬුවම් ලැබේවි. (බ)
රවී කියන එක හරි. නියම ජාවාරමක් ඒවායේ යන්නේ හැමෝගෙම ඇස් වහල (බ)
චාන්දනී රවී කියන විදියට බැංකු වල උගස් බදු දෙනවා නම් මෙලහකට මුළු බැංකු පද්ධතියම කඩා ගෙන වැටිලා. පුද්ගලික බැංකුවලනම් උකස් රත්රන් භාණ්ඩ විගණනය නිසි ක්‍රම වේදයක් යටතේ නිතැතින්ම සිදු වෙනවා. හරියට බැංකුවේ උකස් බඩු තියන තැන වැඩ කරනවා වගේ කතා කරලා මෙතන පාඨකයන් ට වැරදි දේවල් කීම හරි නැහැ නේද ? (බ)
රවී කියන විදියට බැංකු වල උගස් බදු දෙනවා නම් මෙලහකට මුළු බැංකු පද්ධතියම කඩා ගෙන වැටිලා. පුද්ගලික බැංකුවලනම් උකස් රත්රන් භාණ්ඩ විගණනය නිසි ක්‍රම වේදයක් යටතේ නිතැතින්ම සිදු වෙනවා. හරියට බැංකුවේ උකස් බඩු තියන තැන වැඩ කරනවා වගේ කතා කරලා මෙතන පාඨකයන් ට වැරදි දේවල් කීම හරි නැහැ නේද ? (බ)
චතුරි, මොකක්ද මෙතන දුෂිත වැඩේ? මොකක්ද කියන්නේ ඉක්මනට මුදල් හම්බ කරනවා කියලා? (නි)
ලෝකෙන් එපාමකළ රට ලංකාව. මගේ මිනියවත් කවදාහරි ලංකාවට යවන්න ඉඩතියන්න එපා දෙවියනේ! (නි)
දැන් සුදු වැන් නැහැනේ ? (බ)
ඕකට තමයි කියන්නේ යුද්ධයෙන් පස්සේ එන සාමයෙන් ප්‍රවේශම් වෙන්න කියලා (නි)
ළඟ කෝටියක් තිබුනලු. ඒ වුණාට ගෙදරට හරියට දොරක්වත් නැහැනේ. බාගෙට හදපු ගෙදර නිකමටවත් කෝටි ගණනක බිස්නස් කරන කෙනෙක් හදන ගෙයක් කියලා කියන්න බැහැ. අනේ මන්දා! මට නම් මේකේ අවුලක් තියෙනවා (නි)