මිගොඩ දේපල වෙළදාම් ව්‍යාපාරිකයෙකු සිකුරාදා දහවල් 11.30 සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
දෙදරු පියෙකු වන සුදත් චමින්දගේ(39) මෝටර් රථය හංවැල්ලේ ඇඹුල්ගම කැලණි ගඟ සමීපයේ තිබියදී සොයාගෙන ඇත.
කමිස බොත්තම් කිහිපයක්, පියන ගැලවුන ජංගම දුරකතනයක් හා ඔහුගේ සෙරෙප්පු දෙක කාරයේ තිබුන බවත් පොර බැඳීමක සලකුනු පෙනෙන්නට තිබෙන බවත් පොලීසිය කියයි.
සිකුරාදා 9.30 ට ගෙදරින් බැහැරව ගිය ව්‍යාපාරිකයා අවසන් වරට බිරියට ඇමතුමක් දී ඇත්තේ පෙරවරු 11.30 ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd