හන්තාන සිසුවියන් දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (22) නියෝග කළේය.
මේ අතර අනෙක් සැකකරු වූ මානව නායකත්ව පුහුණු වැඩසටහනේ දේශක චන්දිමාල් ගමගේ, එම නේවාසිකාගාරයේ පාලිකාව ඉමේෂා කුමාරි හා මුදල් අයකැමි නුවන්දි වීරසිංහට ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවූ හෙයින් ඔවුන් තව දුරටත් රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබූහ.
නඩුව නොවැම්බර් 21 වැනිදාට කල් තැබිණි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ආයතන හිමිකරු නිමල් පීරිස්, දේශක චන්දිමාල් ගමගේ, ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය මහනුවර මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය 11 වැනිදා රිමාන්ඩ් කරනු ලැබූහ.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ අපරාධයට මරලත් මදි (අ)
ලංකාවෙනෙ. ඕවා ඔක්කොම ශේප් වෙන්වා. අනේ ලංකාවේ නඩු! (නි)
මුදල් ඇපය 10000 නම් මෙයාට තව දූෂණ කොපමණ කළ හැකිද. (බ)
හොර ෆොටෝ කාරයෙක් ලෙස හම්බකරපු සල්ලි ගොඩයි. නුවර කාලේ දසවද දී හිරේ විලංගුවේ දැමියා යුතුයි.(අ)
මුල්ම දවසේ මම කිවුවා හරියටම හරි. මේ මහත්මයා නොදැන කළ පුංචි වරදක්නේ. ඇප ලැබෙනවාමයි. නීතියේ මහත්තුරුත් පව්. පොලිසියේ අයත් එහෙමයි. බලන්නකෝ මෙයාගේ මුහුණේ තියෙන ලස්සන. මටත් හිතෙනවා වැඩමුළුවක් පටන්ගන්න (නි)
නීතිය මුදලට යටයි (බ)
මොහු නැවත ශිෂ්ට සම්පන්න සමාජයට ඒම සැලකිය යුතු වරදකි. ඔවුන් සමාජයෙන් කොන් කළ යුතුය. (බ)
ඔබට සතුටුයිද දැන්? (නි)
අපිට නම් දැනෙන්නේ පුුදුම කළකිරීමක් (නි)
මේ නුවර එවුන් නොවේ. නුවරට පිටින් ඇවිත් ව්‍යාපාර කරන එවුන්. ඒ නිසා නුවර මිනිස්සුන්ට දොස් කියන්න එපා. මුන් තමයි නුවර කෑවේ. (අ)
සා.පෙළ අසමත් දියණිවරුන් නේවාසික පාඨමාලාවට ඇතුළත් කළ අනුවණ වැඩේ සිදුකළ අම්මලා තාත්තලාට දඬුවමක් නැද්ද? (නි)
ඉතින් හරිම ලාබයි නේ. අහු වුනොත් විතරක් 10,000 ක් ගෙවනවා. ලාබාල තරුණියන්ට අතවර. සල්ලි දීල කරනවට වඩා හරි ලාබයි. (බ)
මෙයා නීතිය හා සාමය රැකීමේ ඉහළම කෙනාගේ ගජ මිතුරෙක් නේද. අපිනම් දැනගන හිටිය ඕක වෙයි කියල. (ම)
මේ අදාළ නීතිය බරපතල ලෙස සිදුරු සහිතයි...! අවශ්‍ය උදවියට රිංගා යාමට ඉඩසලස්වා එකල නීති සම්පාදකයන් විසින් කෙටුම්පත් කර ඇති සෙයක් පෙනේ. කාලානුරුපව ප්‍රබලව සංශෝධනය විය යුතුයි. එසේ කිරීමට බලධාරීන්ගේ අඳ ,ගොළු බිහිරි බව නැතිකිරීමට මහජන මතයක් ඇතිවන තෙක් මෙවැනි ප්‍රබලයන් ,බලවතුනට ඇප දීම් සිදු වේවි , වර්තමානයේ අපගේ ඇස් පනාපිට පෙනෙන නාටක ලෙසම...! (බ)
ආණ්ඩුවට සම්බන්ධ නම් දවසෙන් එළියේ ,,පොලිස්පතිතුමා නීතිය තමන්ගේ යාළුවා බේරගන්න නමලා වගේ (රේ)
එහෙම තමයි වෙන්න ඕන.අර අහිංසක දරුවන්ට, ඒ දෙමාපියන්ට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (රේ)
ලංකාවේ කෙල්ලෙක් ගේ වටිනකම Rs.110,000 ද?(රේ)
යහ පාලනයේ හොඳ (රේ)
මුළු මහනුවරටම කළු පැල්ලමක් එකතු කල මේ පාපකාරී කාමාග්නියෙන් දැවෙන පුද්ගලයාට මහනුවර රජකාලයේ දඬුවම් දිය යුතුයි.(රේ)
මේ රටේ සැමදේම හැඳුනුම්කම් වලට සහ මුදලට යටවෙලා. රටක් ජාතියක් නැහැ (නි)
වගකිවයුත්තනි, මේ මොකද වෙන්නේ? අහන්නත් අප්‍රසන්නයි මේවා (නි)
ටයි බයි හැට් දාලා - සුද්දෙක් වගේ(රේ)
මහා නුවරට කළු පැල්ලමක් . මේ මිනිහට මරණ දඩුවම් දෙන්න ඕනේ (බ)
කොහොමද හිනාව . අර අහිංසක දරුවන්ට දෙවියන්ගේම පිහිටයි ! (බ)
ඔය අගේට නැමිලා තියෙන්නේ නීතිය!!! (බ)
හම්බකළ සල්ලි ගොඩයි. කළ අපරාධයට මොනවා කළත් හිතට මදි. මොහුගේ මුළු වත්කම මෙම ගැහැණු ළමයින් අතරේ සමසේ බෙදාදීමට කටයුතු කරන්න බැරිද. (නි)
ලංකාව කියන්නේ කවමදාකවත් නීතිය හරියට ක්‍රියාත්මක කළනොහැකි රටක් කියලයි අපිට නම් හිතෙන්නේ. (නි)
මෙයාගේ වැඩ ටිකෙනම් අඩුවක් නොවේවි. (අ)
මේ පුද්ගලයාගේ පැත්තට කතාකළ අයට දරුවෝ නැද්ද? අහෝ දෙවියනේ! මේ පාපතරයින් කෙසේ හෝ නවතන්න (නි)
මේවාට උත්තර දෙන්න ගියොත් නිකන් ලේ කෝපවෙනවා (නි)
කොහොමත් ඉතින් මනුෂ්‍යයින්ට වඩා, සිව්පාවන්ට සලකන රටක්නේ මේක.(ම)
අනේ මෙමත් රටක් (ම)
මහනුවර නගරයේ සිටින සැම දෙනෙක්ම වාගේ මොහුගේ හොද මිතුරන්.(අ)
අපි හිතපු විදියටම වැඩ සිද්ධ වේවි.(අ)