
(අංජුල මහික වීරරත්න)
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ආයෝජකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස දැනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වරාය නගර ආර්ථික කොමිසම ක්‍රියාත්මක වේ.
එහෙත්, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණයට අදාළ ව්‍යාපෘති හඳුනාගැනීම, ඒවායේ තාක්ෂණ හා ආර්ථික විභවතාව ඇගයීම සහ බලගැන්වීම සඳහා නිසි පර්යේෂණ හා සංවර්ධන ආයෝජක හිතකාමී යාන්ත්‍රණයක් විධිමත් පරිදි ස්ථාපිතව නොමැති වීම සැලකිල්ලට ගෙන, ජනාධිපති කාර්යාලය යටතේ " පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)" ස්ථාපිත කරනු ලැබ තිබේ.
දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් පර්යේෂණ නිම කිරීමට නියමිත ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන හෝ සේවාවන් ලෙස වෙළෙඳ පොළට හඳුන්වා දීම සඳහා ඉදිරිපත් වන ආයෝජකයින්ට පහසුකම් සැලසීම එම ප්‍රවේශය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත වාණිජකරණය සඳහා යොමු කෙරෙන ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කර, සුදුසු ආයෝජකයින් වෙතයොමු කිරීම සඳහා තාක්ෂණ, අධ්‍යාපන, විද්‍යා, සෞඛ්‍ය, පාරිසරික, ආහාර භා තිරසරභාවය, සමාජ සංවර්ධනය, යහපැවැත්ම හා අනෙකුත් අංශ වල විශේෂඥ දැනුම සහිත විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාපෘති යෝජනා ගැන බලන්න ඇගැයුම් කමිටුවක්
සාලිය Tuesday, 27 May 2025 10:56 PM
විෂය නොදන්නා හරක් පත් නොකරන්න.