(රංජිත් රාජපක්ෂ)
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.
සැකකරු නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් මුලා කරමින් ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර පදික වේදිකාවේ අලෙවි කරමින් සිටින බවට නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිස් නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවරඑලිය කදපොල සහ රාගල යන ප්‍රදේශය වල සැකකරුවන් බවත්, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ප්‍රධාන සැකකරු මෙම ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර තවත් පුද්ගලයන් ලවා අධික මිලකට අලෙවි කරන බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි .
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර බෝතල් සියයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ව්‍යාජ ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කළ දෙකක් මාට්ටු