බම්බලපිටියේ ස්ථාන හතරක ව්‍යාජ මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් හා නිෂ්පාදන අලෙවි කරතියි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට පැමිණිලි කළේය.
බම්බලපිටියේ පරිගණක සාප්පුවක මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධරයන්ද සමග සිදුකළ සෝදිසියකදී වින්ඩෝස් 7 හා 8 මෙහෙයුම් මෘදුකාංග අලෙවිකරන බවත් එය බුද්ධිමය දේපළ පනත කඩකිරීමක් බවත් පොලිසිය උසාවියට දැන්වීය.
බම්බලපිටියේ සාප්පු හතරකින් මයික්‍රොසොෆ්ට් සමාගම ලැප්ටොප් 4ක් මිලටගත් බවත් ඒ හතරම ව්‍යාජ මෙහෙයුම් පද්ධති සහිත ලැප්ටොප් බවත් එම පරිගණක පොලිසියට බාරදුන් බවත් අධිකරණය එම ලැප්ටොප් වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව සරසවියට යොමු කළ බවත් පැවසීය.
වැඩිදුර විභාගය ජනවාරි 21 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොරබඩු හැමතැනම (නි)
එහෙනම් ඉතින් ලංකාවෙ පරිගණක පාවිච්චි කරන්නන්ගෙන් 90% කටම නඩු දාන්න වේවි..අද ලංකාව තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ යම් දියුණුවක් ලබලා තියෙනවා නම් එකට පළමු හේතුව මේ හොරකම සහ කොරියානු භාවිතා කළ පරිගණක වෙළද පොළ..වැරද්දක් වුනත් හොරකමක් වුනත් මේ හොරකම සාධාරණ හොරකමක්..උහුලන්න බැරි ගණන් වලට මෘදුකාංග අලෙවි කරලා බිලියනපතියන් වුනු බිල් ගේට්ලට අපේ පුංචි දුප්පත් රටේ දුප්පත් මිනිසසු පරිගණක සාක්ෂරතාව වෙනුවෙන් කරන මේ හොරකමෙන් වෙන පාඩුවක් නැහැ ව්‍යාපාර වැටෙන්න තරම්..කොහොම වුනත් මේක ගැටළුවක් වෙනවා නම් සියල්ලන් නිදහස් මෘදුකාංග වෙත යොමු කරවීම සහ හැකිතාක පාසල් සහ සරසවි අධ්‍යාපනයේදී ලබන ප්‍රයෝගික දැනුම එම මෘදුකාන්ගයන්ගෙන් ලබා දීමට කටයුතු කරවීමට රජය මැදිහත් වීම වැදගත්.ගේට්ලගේ ආඩම්බර නොබලා ඕනෑම දෙයක් නිදහස් මෘදුකාංග භාවිතයෙන් දන් සිදු කරන්න පුළුවන්..සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන නව නිර්දේශයේදී මේකට හොද අඩිතාලමක් දාල තියෙනවා.. (හේ)
අනේ අපේ මෝඩ පොලිසියට තිබ්බේ නොදැක්ක වගේ ඉන්නනෙ. මම කියන්නේ ඔක්කොම සොෆ්ට්වෙයාර් හොර කොපි අපිට ගන්න පුළුවන් වෙන්න ඕනි එහෙම නැතිනම් පාසල් වල වින්ඩෝස් උගන්වන එක නවත්තල ලිනක්ස් උගන්වන්න ඕනි (බ)
ලංකාවේ තියෙන මෘදුකාංග බොහොමයක් අනවසර පිටපත් කරන ලද ඒවා . මක්නිසාදයත් නියම මෘදුකාංග වල මිල සමග පරිගණක විකිණීමේදී අඩු මිලට දීමට නොහැක (බ)
වින්ඩෝස් 10 ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න යූකේ යන්න එපා (බ)
එක එක්කෙනාගෙ ආඩම්බර බලන්නෙ නැතුව නොමිලේ ලැබන "ලිනක්ස්" වලට හැරුනා නම් ඉවරයි (නි)
වින්ඩෝස් 10 නොමිලේ දෙන්නේ වින්ඩෝස් 7,8 අව්‍යාජ පිටපත් භාවිත කරන්නන්ට පමණයි. ලිනක්ස් භාවිත කරන්න. ආරම්භයක් හැටියට උබුන්ටු හෝ මින්ට් වැනි ලිනක්ස් වර්ග දෙකෙන් එකක් භාවිත කරන්න. නොමිලේ මේවා අන්තර්ජාලයෙන් ගත හැකි අතර යාවත්කාලීන කිරීමටද හැකිය. (ම)
ලිනක්ස් ඕ එස් ඉගැන්නුවත් අනිත් මෘදුකාංග ගන්න ඕනනේ (බ)
පරිගණක භාවිතාකරන්නන් හට කියන්න ඇත්තේ නිකම් හොර දේවල් වලට අසුනොවී, දැන් ඔබට නොමිලේ වින්ඩෝස් 10 මයික්‍රොසොෆ්ට්, මෙහෙයුම් මෘදුකාංගය බාගත හැකිය. එය 2015 ජුලි මස සිට නොමිලේ නිකුත්කර ඇත. වින්ඩෝස් 7 හා 8 ඇති අයට එය ඉතා පසුවෙන් අප්ඩේට් කරගත හැකිය. විස්තර අන්තර්ජාලයට ගොස් ලබාගන්න. (නි)
අපේ රටේ හැටිනේ ඉතින්... (නි)
ලයිසන් කළ 'සොෆ්ට්වෙයාම' ගන්න සිද්ධවුණොත් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ආපසු පහළ බහිනවා. ඒ ගැනත් වගකිවයුත්තන් අවධානය යොමුකරන්න වෙයි. (නි)
මේවායේ මිල ගණන් අඩුද දන්නෙ නැහැ (නි)
ලිනක්ස් පාවිච්චි කරන්න. ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන්. වෛරස් ඇත්තෙත් නැහැ. (නි)
විවෘත මෘදුකාංග වලට යොමුවන්න. පිළිතුර එ්කයි. (නි)