(මනෝප‍්‍රිය ගුණසේකර)
ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නඩු විභාගයේ දී විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුවකුට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
විත්තිකාර කාන්තාවන් දෙදෙනාට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් ලක්‍ෂ 5 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුට රුපියල් 2,000/- දඩයක් නියම කළේය.
රාජගිරිය ප‍්‍රදේශයේ ඉඩමක් පිහිටි අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ අරමුණින් මීට වසර 12කට ඉහතදී විත්තිකරුවන් ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විත්තිකරුවන් බේරා ගැනීමේ අරමුණින් පැමිණිල්ලේ සාක්කිකරු බොරු සාක්කි දී ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියන්ට හා පැමිණිල්ලේ සාක්කිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.
අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ අරමුණින් ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකාරියන් වු රාජගිරිය ප‍්‍රදේශයේ වටවලගේ යසවතී සහ පතිරගේ චන්ද්‍රලතා නමැත්තියන්ට ද බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකරු වු සිනිල් සුමනවංශ අමරතුංග නමැත්තාටද මෙලෙස දඬුවම් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තුච්ඡ මිනිස්සු සදහටම හිරේ අරින්න ඕනේ.
තමන්ට කිසිඳු අයිතියක් නැති අන්සතුදේ කෙරෙහි ලොල් වූ හැමෝටම හොඳ පාඩමක්... ජීවිතාන්තය දක්වා යකඩකූරු ගැන ගැන ඉන්න දෙන්න තියෙන්නේ.. මේවගේ හොරුන්ට...
මේ අර ඔබේසේකර වලව්ව සහ ඉඩම වෙන්න ඇති...
ප්‍රසන්න රණතුංගටත් ඔය වගේ චෝදනාවක් තියෙනවා නේද...?
මේ වගේ ව්‍යාජ ඔප්පු හදන අයට කිසිම සමාවක් දිය යුතු නැත.
ගෝඨා, බැසිල්, රවී වගේ මට අයිති නැහැ කියලා කිව්වා නම් ඉවරයි.
නියම නඩු තීන්දුවක්. වංචාකාරයින්ට හොඳ දඬුවමක්... නීතිය හරියට තිබුණොත් සමාජයේ වැරදි අඩු කළහැකියි.
මේවගේ වැදගත් නඩු තීන්දු රටවැසියාගේ දැනගැනීම පිණිස සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන කාරණාවක් ලෙස දැමිය යුතුයි.