කොටි සංවිධානයට හිතවත් දකුණු ඉන්දියාවේ නාම් තමිල් සංවිධානයෙන් මලයාසිවේ පිනෑංග් හි දී පහර කෑමට ලක් වූ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි අන්සාර් මහතා රජයේ ඔත්තු කරුවෙක් බවට හංවඩු ගසන තමිල්නාඩු කොටි හිතවාදී වන වයි ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු බව ‘ද හින්දු‘ පත්තරයට කියා ඇත.
වයිකෝගේ ජෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. මහ කොමසාරිස්ට පහර දුන් බව කියනපිරිසක් අත්අඩංගුවට ගත් මලයාසියාව තවත් පිරිසක් සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජයක් යටතේ මෙහෙම දෙයක් වීම සාදාරණයි , ගුටි කෑම, බැනුම් ඇසීම යහපාලනයේ කොටසක් (ම)
වයිකෝ ඉතින් එයාගේ රටේ තිබෙන ප්‍රශ්න දිහා බලන කෙනෙක් හෝ රටේ තිබෙන ප්‍රශ්න පෙනෙන කෙනෙක් නොවෙයිනේ. එයා පෙරලන බාල්දි ගැන අප කලබල වියයුතු නැහැ (නි)
එයාව ගෙන්නාගෙන වයිකෝගේ නියෝජිතයෙක් මැලේසියාව යවන්න පුලුවන්ද කියලා බලමුද? ලංකාව වෙනුවෙන් කටයුතු කරන්න. වයිකෝ ඉන්දියාවට ලොක්කා වුණාට ලංකාවට ලොක්කෙක් නොවෙයිනේ. (නි)
වයිකෝලටත් දැන් තමයි ලංකාව කියලා රටක් තිබෙන බව පෙනිලා තියෙන්නේ (නි)
හැමෝම මේ රටේ ප්‍රශ්න වලට තමයි ඇඟිලි ගහන්න එන්නේ (නි)
මොනවටද වයිකෝ ලංකාවට හොට දමන්නේ. එයාට කිසිම අයිතියක් නැහැ අපේ රටට අත පොවන්න. (නි)
අපේ මහින්ද මහත්තයා හිටියා නම් අද ඔහොම වෙන්නේ නැහැ (නි)
වයිකෝගේ මොළේ තමා මොළේ. තමන්ට පැවරිලා තියන රටේ තොරතුරු තමන්ගේ රජයට දැනුම්දීම ඕනෑම රටක තානාපති හෝ මහකොමසාරිස් කෙනෙක්ගේ ප්‍රධාන රාජකාරිය (නි)
ශ්‍රී ලංකා මහා කොමසාරිස් ලංකාවට වැඩ නොකර කාට කඩේ යන්නද කියන්නේ? ජාතිය මොකක් වුණත් ලංකාව වෙනුවෙන් ගුටිකෑවා. ජාතිවාදීව හිතන අය දැන්වත් ඔලුව කල්පනා කරලා රටම එක්සේසත්ව සියලු ප්‍රශ්න වලට මුහුණදෙන්න උත්සාහ කරන්න. නැත්නම් රට එකතැන පල්වෙනවා (නි)
පහරදුන් සිද්ධියට ජාත්‍යන්තරව කිසිම අදහසක් පළවුණේ නැහැ කිවුවනේ. දැන් මේ තියෙන්නේ. මේවා තමයි සංහිඳියාවේ ප්‍රතිඵල (නි)
වයිකෝ කව්ද අපේ රටේ ප්‍රශ්න විසඳන්න. කරුණාකර ඉන්දියාවේ වැසිකිළි ප්‍රශ්නේ විසඳලා ඉන්න. (නි)