ශ්‍රි ලංකාව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බව පවසමින් තමිල්නාඩු එම්.ඩී.කේ.පක්ෂයේ නායක කොටි හිතවාදී වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
ඉකුත් මයි මාසයේ පැවති ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදීගේ සන්ධාන රජය සමග එක්වූ වයිකෝ ඉන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ සිය පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකින් පසුව යැයි පැවසේ.
භාරතීය ජනතා පක්ෂ රජය දෙමළ ජනතාව පාවා දෙන බවත්, ඔවුන් ශ්‍රී ලංකා හිතවදී ප්‍රතිපත්ති අනුගමනය කරන බවද වයිකෝ ප්‍රකාශ කොට ඇතැයි පැවසේ. පාලක භාරතීය පක්ෂ ස්නධාන රජය සහ වයිකෝ ගේ එම්.ඩී.එම්.කේ.පක්ෂය අතර පසුගිය කාලය තුල අර්බුදයක් මතුවී තිබිණි. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන සුබ්‍රමනියම් ස්වාමි වරෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ වයිකෝ මෝදිගේ රජයෙන් නෙරපා හැරිය යුතු බවයි.
වයි.ගෝපාලස්වාමි හෙවත් වයිකෝ නිරන්තරයෙන් ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ංගනය වන බව පවසමින් ශ්‍රී ලංකාව විරෝධි උද්ඝෝෂණ පවත්වන එල්ටීටීඊ හිතවාදීයෙකු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිකෝ විතරක් නොවෙයි හැමෝම දේශපාලන වාසියට වැඩකරන්නේ.ලංකාවේ ඉන්න දෙමළ ජනයා ශ්‍රී ලාංකික වියයුතුයි. මක්නිසාද යත් ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝදෙනෙක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. 1949 ට පෙර පකිස්තානය ,ඉන්දියාව ,බංගලිදේශය සියල්ල එක රටක්. සිංහලයන් බෙන්ඝාලි දෙසින්ද ,දෙමල සම්භවයක් ඇති අය දකුණු ඉන්දියාවෙන්ද ,මුස්ලිම් අය පකිස්තානයෙන්ද පැමිණියවුන් වේ.දැන් මොවුන් සියල්ලම ශ්‍රී ලාංකික වියයුතුය.කකුල් තබාගත යුත්තේද ශ්‍රී ලංකාව තුලය. කතාකරන භාෂාව අනුව වර්ග නොවිය යුතුය. ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල අය ඉන්දියානුවන්ය.ශ්‍රී ලංකාව තුළ දෙමල බස පමණක් දන්නා සිංහලයෝද,සිංහල පමණක් දත් දෙමල වැසියන්ද සිටිති. (නි)
මොනවා! අපේ අයව ආදර්ශයට ගත්තාවද්ද? (නි)