IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වයිකෝත් පිල් මාරුවක

ශ්‍රි ලංකාව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බව පවසමින් තමිල්නාඩු එම්.ඩී.කේ.පක්ෂයේ නායක කොටි හිතවාදී වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

ඉකුත් මයි මාසයේ පැවති ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදීගේ සන්ධාන රජය සමග එක්වූ වයිකෝ ඉන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ සිය පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකින් පසුව යැයි පැවසේ.

භාරතීය ජනතා පක්ෂ රජය දෙමළ ජනතාව පාවා දෙන බවත්, ඔවුන් ශ්‍රී ලංකා හිතවදී ප්‍රතිපත්ති අනුගමනය කරන බවද වයිකෝ ප්‍රකාශ කොට ඇතැයි පැවසේ. පාලක භාරතීය පක්ෂ ස්නධාන රජය සහ වයිකෝ ගේ එම්.ඩී.එම්.කේ.පක්ෂය අතර පසුගිය කාලය තුල අර්බුදයක් මතුවී තිබිණි. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන සුබ්‍රමනියම් ස්වාමි වරෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ වයිකෝ මෝදිගේ රජයෙන් නෙරපා හැරිය යුතු බවයි.

වයි.ගෝපාලස්වාමි හෙවත් වයිකෝ නිරන්තරයෙන් ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ංගනය වන බව පවසමින් ශ්‍රී ලංකාව විරෝධි උද්ඝෝෂණ පවත්වන එල්ටීටීඊ හිතවාදීයෙකු වේ.



අදහස් (0)

වයිකෝත් පිල් මාරුවක

සමන්ති Wednesday, 10 December 2014 01:31 AM

වයිකෝ විතරක් නොවෙයි හැමෝම දේශපාලන වාසියට වැඩකරන්නේ.ලංකාවේ ඉන්න දෙමළ ජනයා ශ්‍රී ලාංකික වියයුතුයි. මක්නිසාද යත් ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝදෙනෙක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. 1949 ට පෙර පකිස්තානය ,ඉන්දියාව ,බංගලිදේශය සියල්ල එක රටක්. සිංහලයන් බෙන්ඝාලි දෙසින්ද ,දෙමල සම්භවයක් ඇති අය දකුණු ඉන්දියාවෙන්ද ,මුස්ලිම් අය පකිස්තානයෙන්ද පැමිණියවුන් වේ.දැන් මොවුන් සියල්ලම ශ්‍රී ලාංකික වියයුතුය.කකුල් තබාගත යුත්තේද ශ්‍රී ලංකාව තුලය. කතාකරන භාෂාව අනුව වර්ග නොවිය යුතුය. ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල අය ඉන්දියානුවන්ය.ශ්‍රී ලංකාව තුළ දෙමල බස පමණක් දන්නා සිංහලයෝද,සිංහල පමණක් දත් දෙමල වැසියන්ද සිටිති. (නි)

:       0       0

සදුනි Tuesday, 09 December 2014 12:26 PM

මොනවා! අපේ අයව ආදර්ශයට ගත්තාවද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site