ඉන්දීය සුපිරි නළු සල්මන්ඛාන් සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සහභාගීවීම ගැන ඔහුට දැඩි විරෝධය පළ කරන බව තමිල්නාඩුවේ එම් ඩී එම් කේ පක්ෂ නායක වයිකෝ ප්‍රකාශ කැර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ විකාශය වන සී නාලිකාවේ ප්‍රවෘත්ති සේවය අද(30) වාර්තා කර සිටියේ ශ්‍රීලංකා මහින්ද රාජපක්ෂ මහාතාගේ මැතිවරණ සටනට සහාය වීමට සල්මන්ඛාන් යෑම මහා පාවාදීමක් බව තමිල්නාඩු දේශපාලනඥ වයිකෝ ප්‍රකාශ කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ බුද්ධිමත්ව සිතන්න. රට අස්ථාවර වෙන්න දෙන්න එපා. මේ යන ගමන මහින්දට කරගෙන යන්න දෙන්න. (නදී)
සමාවන්න වයිකෝ මහත්තයා, මා සිතුවේ ඔබ තුමා සලමන් ඛාන් ගේ පැමිණීමට විරුද්ධ වන්නේ ලංකාවේ ලක්ෂ ගණනක් ජනයා ගංවතුරෙන් විපතට පත්වී, කෑම බීම නැතුව පීඩාවට ලක් වෙලා ඉන්න කොට මෙහෙ ඇවිත් බජව් දාන එක සදාචාර සම්පන්න නොවෙයි කියල හිතපු නිසා කියල. (නදී)
සල්මන් හරි නිර්භිතයිනේ (බ)
අපි නම් මෙතෙක්කල් හිතාගෙන හිටියේ ඉන්දියාවේ ඉන්නේ හොඳ අභිමානයක් ඇති උදවිය කියලයි (නි)
පිස්සුද ? එතුමා අාවේ ගංවතුර ආදාර අරගෙනනේ. දේශපාලන වේදිකාවක් දිහා අහක් ඇරලා බැලුවේ නැහැ. (නදී)
පේනවා නේද මහින්ද පරද්දන්න අවශ්‍යවෙලා තියෙන්නේ කාටද කියලා.(නදී)
සල්මන්ට ජය වේවා
මේ දවස්වල අපේ රටෙත් ඉන්නවා ඔය වගේ හීනෙන් විකාර දොඩවන උදවිය.(නදී)
අනේ මෙහෙමත් පිස්සෙක්. (නදී)