මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස බෙල්ලන්විල විමලරතන හිමි යළි පත්කරනු ලැබ සිටිති.
පේරාදෙණිය හා කොළඹ විශ්ව විද්‍යාල සඳහා උප කුලපතිවරුන් දෙදෙනකුද අද (5) ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස මහාචාර්ය උපුල් දිසානායක මහත්වරු ජනාධිපති ලේකම් කාර්යාලයේදී එසේ පත්වීම් ලැබූහ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය ජනපතිවරයා අද පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේදී උන්වහන්සේට පිළිගැන්වීය.
එම අවස්ථා සඳහා ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එක්ව සිටියේය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය උපුල් දිසානායක ඔබට උණුසුම් සුබ පැතුම් !!!! සහකාර ලේකකාධිකාරී /කෘෂිකර්ම පීඨය (බ)
මහාචාර්ය උපුල් දිසානායක ඔබට උණුසුම් සුබ පැතුම් සහකාර ලේකඛාධිකාරී /කෘෂිකර්ම පීටය (ම)
මහාචාර්ය උපුල් දිසානායක . ඔබට උණුසුම් සුබපැතුම් . මාතලේ විද්‍යා විද්‍යාලයේ ඔබේ පන්තියේ යෙහෙලියක් . (ම)
සුදුස්සාට නිසි ගරු-බුහුමන් (බ)
නියම තේරීමක් (ම)
රට හරිමගට ගන්න අධ්‍යාපනය මුලින්ම ඒ ගැන ගැඹුරින් සිතා හරි තීරණ ගන්න ඕනි. (බ)