(චන්ද්‍රසේන ගමගේ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනාගේ නිවසින් ආහාර ලබා ගත් බව කියන සිද්ධියට ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙලෙස කැදවා වීමට තිබේ.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීම මත ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අට වැනිදින විමල් වීරවංශ මහතා අදාළ කාර්යාංශයට පැමිණුනද එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම නිසා වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙනතිබුණි.
එම ප්‍රකාශය ප්‍රමාණවත් නැති බවට සලකා මෙම කැඳවීම කොට ඇති බව දැනගන්නට තිබේ. තංගල්ල සීනි මෝදර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා බන්ධනාගාර ගතකොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් පාඩමක් ඉගෙනගත්තේම නෑ. ආයෙත් ලෙමන් පප් කෑවොත් ගොඩයන්න පුලුවන්වෙයිද?
මේ හැමදාම බොරුවෙන් ජනතාව රවටපු අයෙක්... ලෙමන් පෆුයි, තැඹිලි වතුරයි දුන්නමවත් ඇත්ත කියයිද?
පචායුධ කියන්නේ නිකං නෙමේ...
මෙයාව තේරුම්ගන්න වියාග්‍රා ගහන්න වෙයි
කට ඇරියොත් බොරුමයි කියන්නේ. මුහුණෙන්ම පේනවා කොහොම එකෙක් ද කියලා. ඉරිසියාව වෛරය කුහකකම බේරෙනවා.
මම බලන්නේ පොලිසියේ ක්‍රියා පටිපාටිය ගැන. කොළඹ ඉඳන් කට උත්තරයක් ගන්න මිනිහෙකු කැඳවනවා. නිලධාරියා ලෙඩ වෙලා නම් ඔහුට ඒ බව දැනුම් දෙන්න නොහැකි ඇයි, ඔහු රස්තියාදු නොකර? එහෙම නැත්නම්, එදා ප්‍රශ්න කරපු නිලධාරීන් හට, ස්ථානාධිපති නිසි උපදෙස් ලබා නොදුන්නේ ඇයි? පොලිසියේ නොහැකියාව නිසා මිනිසුන් රස්තියාදු කරවීම කොතරම් සාධාරණ ද? එහෙම නැත්නම්, මෙය දඬුවමේ කොටසක් ලෙස සලකාගෙනද? රටේ තව සාමාන්‍ය ජනතාව කී දාහකට ඔය සංසිද්ධිය වෙනවා ඇද්ද? පොලිසියේ විතරක් නෙවෙයි, මට මතකයි බදුල්ලේ දොස්තර කෙනෙක් කට උත්තරයක් දෙන්න කොළඹට හතලිස් පාරක් ආපු ප්‍රවෘතිය. රාජ්‍ය නිලධාරීන් මෙයිට වඩා මිනිසුන්ගේ අපහසුතාවය ගැන සංවේදී විය යුතුයි.
තුන්මුල්ලේ පංචායුධ විමලේ, තංගල්ල පොලිස් ස්ථානයට යන්න ඉස්සෙල්ලා, මැදමූලන ඉලව්වේ හැරමිටි වාරුවෙන් යන නාකි මයිනා බලන්න යන එක නම් කාලොචිතයි. නාකි මයිනනේ කලකට පෙර පංචායුධගේ අප්පච්චි හැටියට මාරි බිස්කට්, තැඹිලි වතුර එහෙම, කැමරා ඉස්සරහා විමලෙගේ හොම්බට දැම්මේ...! විමලෙ මචං, මෙවර තංගල්ල පොලිසියට යනවිට, පැදුරු කොට්ට, ඇදුම් ටිකක් එහෙමත් අරං යන්න අමතක කරන්න එපා, ටික දවසක් එහෙ කූරු ගනින්න වෙන්නත් ඉඩ තියෙන නිසා..