තව ටික දවසකින් විමල් වීරවංශට නම් මිරිස් කන්න නොව වහ කුප්පියක් බීමට සිදුවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කීවේය.
‘මේ ගොල්ලන්ට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. අපි දැක්ක පසුගිය කාලෙම එයාගේ කටේ තිබ්බේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අර කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණ කියලා ජාතිවාදය අවුස්සලා, ජනතාව කුලප්පු කරවලා, උඩ ගෙඩි දීලා ජීවත් වෙච්ච පිරිසක්නෙ. එයාලට දැන් ඒවා කරන්න අවස්ථාවක් නැහැ ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න බැරි නිසා ඉස්සරහට වහ තමයි එයාලට කන්න වෙන්නේ‘ යැයි ද අමාත්‍යවරයා කීය.
තමා අමාත්‍යංශය භාර ගැනීමෙන් පසු සියලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලට ගිය බවත් ඒවා නොදැක ඉදිරි තීන්දු තීරණ ගැනීම අපහසු බවත් ඇමැතිවරයා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මත්තල ගැන කලින් මොනවද කිවුවේ?? (නි)
කාගේ කාගේත් කටවල් මිස වැඩ නැහැනේ ඉතින් (නි)
අපි මේ කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
මේ කියන ඇමතිවරු හැම වෙලාවේම කතා පැවැත්තුවත් රටට වැඩක් ඇති දෙයක් නම් කරන බවක් පෙනෙන්නේ නැහැ (නි)
පද්මිනි, අනුන්ට ඔලු අතගාන්න කියන්න ඉස්සර ඔය ඔලුව අතගාලා බලන්න. (නි)
පිටිගල මිලානෝ, බුද්ධිමත් දේශපාලකයන් සොයාගැනීමේ පිළිවෙත කුමක්ද? (නි)
මමත් පිටිගල මිලානෝගේ අදහස අනුමත කරමි. (නි)
මේ අයට කාගෙවත් කටවල් දිහා බලාඉන්නවට වැඩිය වැඩක් නැද්ද? වෙන වැඩක් කරන්නම බැරිද? අපිට දැනගන්න ඕනෑ විපක්ෂය කියන කතා නොවෙයි, ඇමතිලා කරන වැඩ ගැන. විශේෂයෙන්ම කළයුතු, නමුත් නොකළ වැඩ ගැන. (නි)
විමල් ගැන කවුරු මොනවා කිවුවත් ඔහු කෙළින් කතාකළ කෙනෙක් (නි)
අපේ රටේ දේශපාලනය කරන අයගෙන් වැදගත් විදිහට කතාකරන අය ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ගණනක් (නි)
ප්ලග් එක ගළවනවා කිව්වා, එක්සත් ජාතීන්ගේ මානව අයිති කොමිසමට විරුද්ධව උපවාස කරනවා කිව්වා. ඒ කටින් රටට වූ එක වැඩක් කියන්න. (නි)
සමහරුන්ගේ කට නිසා ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට වූ හානිය මොළේ නැති අයට තේරෙන්නේ නැහැ. (නි)
බුද්ධිමත් දේශපාලකයා කවුද කියා හඳුනාගන්න ඡන්දදායකයා බුද්ධිමත් වියයුතුය.මනාපය පෝස්ටරයට නොව අවබෝධයට දෙන්න. (නි)
හැරිසන් මහත්තයාගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
එතකොට එතුමාගේ කටේ තිබුණේ මොනවද? (නි)
මෙයත් අර ගස් බැඳපු ඇමති වගේ ජෝකර් කෙනෙක් වෙන්නයි හදන්නේ. මාධ්‍යයෙන් මා ඉල්ලා සිටිනවා බුද්ධිමත් දේශපාලකයන්ට වැඩි ඉඩක් දෙන්න කියා. රට නැති වුනේ මෙවන් අය නිසා.(රේ)
කියන්න බලන්න පසුගිය කාලයේ අනුරාධපුරයේ තමන්ගේ ඡන්දදායකයන් වෙනුවෙන් මොනවාද කළේ කියලා. (නි)
කටේ තිබුණේ " කුමන්ත්‍රණ, සාක්කුවේ තිබුනේ හොර අයි.ඩි, බැග් එකේ තිබුනේ හොර පාස්පෝර්ට්, අතේ තිබුනේ " ගල්කටස්".මහත්වරුනේ මේ තමයි ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී සංකේතය. (බ)
අනේ! ඔබේ හැටිත් අපි දන්නවා (නි)
හැරිසන් මහත්තය වාචාල කමට කියවනවා . විමල් සහෝදරයා රට ගැන හිතල කතා කරන්නේ (බ)
එ්ක තමයි හැරිසෝන්. අපිත් ඒ කාලේ ඒවා විශ්වාස කළේ නෑ... දැන් එ්ත් අපිට තේරෙනවා ඒ මනුස්සය ඇත්ත තමයි කියල තියෙන්නේ කියල. අපිට ඒකාලේ ඇත්ත තෙරුණානම් දැනුත් රට පෙරට! (බ)
කුමාර,අනේ ඔලුව අතගාලා බලාගන්නවද ටිකක්? (නි)
නමුත් ඉතින් ඒ කියපු ක්‍රමන්ත්‍රණ එකින් එක සත්‍යවේගෙන එනවා කියලයි අපිට නම් හිතෙන්නේ (නි)