‘විමල් වීරවංශ ඇත්තටම හිරේ ගියේ යුතුකම් ඉෂ්ට කරලා. හැබැයි පොඩි අවුලක් තිබෙනවා. එයා යුතුකම් ඉෂ්ට කරලා තියෙන්නේ  තමන්ගේ පවුලට බිරිඳගේ පවුලට සහෝදරයින්ට හා යහළුවන්ටයි‘​ යැයි විදුලිබලහා පුනර්ජනනීය නියෝජය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පවසයි.
ජාතික අධ්‍යාපන සේවක සංගමයේ බණ්ඩාරගම ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමින් නියෝජය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා එසේ පැවසීය.