‘‘පලනි දිගම්බරන් මහතා සුළු පක්ෂ නායකයකු වුවද තමන්ගේ පක්ෂයේ මැයි රැලිය තනිවම සමරනවා. එහෙත් විමල් වීරවංශලට, දිනේෂ් ගුණවර්ධනලාට එහෙම කරන්න බැහැ. විමල් වීරවංශලාට ජනපදනමක් නැතිනිසා මහින්ද රාජපක්ෂ ඉදිරියට දමාගෙන ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙනවා. ඉතිහාසයේ වුණේ ඔය විදිහටමයි. සුළු පක්ෂ ප්‍රධාන පක්ෂ කඩන්න කුමන්ත්‍රනය කිරීමයි. අද වෙන්නෙත් ඒ දෙයමයි.‘‘ යැයි උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවසීය.
‘‘විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ දේශපාළන බංකලොත්භාවය තමයි මේ ප්‍රදර්ශනය කරන්නෙ. කන්න අවශ්‍ය වුනාම කබරගොයත් තලගොයා කරගන්න මේ අය දක්ෂයි. ඉස්සර නරක අය දැන් හොඳ වුණේ කොහොමද කියා මේ අය ජනතාව ඉදිරියට ඇවිත් ප්‍රකාශ කළ යුතුයි. හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට වගකිව යුතු බව කියූ බැසිල් රාජපක්ෂ මහතා අද ඒකාබද්ද විපක්ෂයේ කියාගන්නා පිරිස මෙහෙයවන ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඔය කණ්ඩායම ගිණිකන්දක් වගේ පුපුරන දවස වැඩි ඈතක නැහැ.
අපි කියන්නේ අපේ පක්ෂයේ වැඩ අපිට බලාගන්න දීල ඒගොල්ලන්ගේ පක්ෂෙ වැඩ බලාකියාගෙන ඉන්න කියලයි. මැයි පළමු වැනිදා කියන්නේ කම්කරුවාගේ දිනයයි. කම්කරු ජනතාව වෙනුවෙන් දැක්මක් සෑම දේශපාළන පක්ෂයකටම තිබෙනවා. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපදනමක් නොවෙයි, එයාලටයි එයාලගේ වැඩවලටයි මොන පදනමක්වත් නැහැ කියලයි මිනිස්සු කියන්නේ.(හේ)
රාජපක්ෂ මහත්තයා ඒ දවස්වල වැඩි බලතල දුන්නේ තමාගේ පක්ෂයේ අයට නොවෙයිනේ. අනිත් පක්ෂ වලින් එළවපු තනියම ඡන්දෙ ගන්න බැරි අයටනේ (නි)
දෙමල ජාතිකයන්ගෙන් වැඩිම දෙනෙක් තනි තනිව ගියත්, පක්ෂ වශයෙන් ගියත් යන්නේ එකම ඉලක්කයකට. නමුත් බොහෝ සිංහල දේශපාලුවෝ යන්නේ සිංහලයා බේද බින්න කරමින් බදගෝස්තරවාදයට. (නි)
ඉතින් මහින්දට ඔච්චර ජන බලයක් තියෙනවා නම් අලුත් පක්ෂයක් හදන්න ඔච්චර බය මොකද? (නි)
කාගෙ කාගෙත් කතා විතරයි (නි)
එහෙනම් කට්ටියම බයවෙලා මොකද (බ)
ඇයි දෙයියනේ මෙච්චර අඬන්නේ..? ඒ මිනිස්සුන්ට බය නැත්තන්, ඒ අය තමුන්ට තර්ජනයකුත් නෙමෙයිනන් පාඩුවේ ඉන්නකෝ ......(හේ)
දැන් නැවත මඩ ව්‍යාපාරය පටන් අරන් දැනටම බය වෙලා කිරුළපන රැළියට තියන ජන බලය දැකලා (හේ)
ඒකනායක පක්ෂ කට විතරයි වැඩ නැහැ ජීවත් වීමේ ප්‍රයෝග තමයි කරන්නේ .මුන් දියවන්නාවට එවපු උන් දියවන්නාවේ ගිල්වන්න ඕනේ (බ)
ඇමරිකාවේ ඉන්න හිගන්නෝ අලුත් විදියකට හිගකන්න පුරුදුවෙලා බල්ලෙක්ව හරි පුසේක්ව ළගින් තියාගෙන බෝඩ් එකක ලියල තියෙනව මෙයාට කන්න නැහැ ඒ සතාට තියෙන ලෙඩකුත් ලියනවා මිනිස්සු පුදුම විදියට මුදල් දෙන්නේ ඒසතාට ආදරේ නිසා විමල් ,ගම්මා මේ දෙන්නගෙත් සෙල්ලම එකයි (බ)
ජන පදනමක් ඇද්ද නැද්ද කියලා ඔබගෙත් විමල් වීරවංසගෙත් රැස්වීම් දෙකක් තියෙලා බලන්න කාගේ රැස්වීමටද වැඩිය සෙනග රැස් වෙන්නේ කියලා මේවා දුතට කියන කතා (බ)
පරපෝෂිතයෝ (බ)
මේ පරපුටුවන්ගේ වැඩ නිසා මහින්ද ගැන හරි දුකක් හිතෙනවා අනේ. හරි පව් අනේ. (බ)
කතාව නම් ඇත්ත ...(හේ)