පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ඉන්දියා මර උගුලක්, සීපා ගිවිසුම හකුලා ගනිව් යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ඉන්දියා මර උගුලක්, සීපා ගිවිසුම හකුලා ගනිව් යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූ ගාලා කීයක් විතර ඉන්නවද ඔතන? (නි)
සමහරු ඉතින් හොඳදේටත් නරකදේටත් දෙකටම සද්දේ දානවා. පසුගිය කාලේ නම් හැමදේටම කට වහගෙන ගොළුවෝ, අන්ධයෝ, බීරො වගේ හිටියා (නි)
ඔබට ජයවේවා! (නි)
බොහොම හොඳයි. ඔහොම යමු (නි)
අපිත් සීපා එකට කැමති නැහැ. නමුත් අපි දැක්කා ප්‍රකාශයක් එය සාකච්ඡා කරන්නේ හෝ අත්සන් කරන්නේ නැහැ කියලා. (නි)
ඔබ මෙලෙස ක්‍රියාකරනු දැකීම සතුටක් (නි)
අපි ඔබ සමඟයි (නි)
රටට අවැඩක් වෙන කිසිමදේකට අපෙත් සහයෝගයක් නැහැ (නි)
හැමදේටම එකඟවෙන්නම අවශ්‍ය නැහැ. විමල් සමඟ අපි ඉන්නවා (නි)
විමල්, ඔබ නිසා තමා රට බේරගන්න හැකිවුණේ. නැත්නම් අද අපි මේ කතාකරන්නේ ඒකීය ශ්‍රී ලංකාවක සිට නොවේ. ඔබේ අපක්ෂපාති යහපත් සටන් ව්‍යාපාර ඉදිරියටම ගෙනියන්න. (නි)
විමල් වැනි අය සිටීමත් අපිට ශක්තියක් (නි)
ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන 88-89 දී කී දේ සිහිවෙනවා (නි)
විමල්, ඔබට සදා ජය! (නි)
මෙයාලා වෙන මොනවා කරන්නද? ඒත් ඕවාට රැවටෙන මිනිස්සු මේ රටේ දැන් නැහැ (නි)
සීපා ගිවිසුමෙන් රටට ඔය කියන විදිහේ අවැඩක් වෙන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ. මේකෙන් ලංකාවට ගෙන්නන්න පුලුවන් ඉන්දියාවේ සුදුසුකම්ලත් වෘතීකයින් පමණයි. අනෙක් අතට ලංකාවේ වෘත්තිකයින්ටත් ඉන්දියාවේ රැකියා කරන්න අවස්ථා ලැබෙනවා. ඉන්දියාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සමාගම් (ෆෝචූන් 500) සියල්ලකගේම ශාඛා තිබෙන තැනක්. ඒවායේ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ඇතිවෙනවා.කෝටි 100 ඉන්න ඉන්දියාවේ ලාංකික ව්‍යාපාරිකයින්ට 65% දක්වා අයිතිය ඇති ව්‍යාපාර අරඹන්න අවස්ථාව ලැබෙනවා කියන්නේම ලොකු දෙයක් (නි)
ඉන්දියාව මෙවැනි ගිවිසුම් නේපාලය, භූතානය වැනි රටවල් සමඟද ගසා තිබෙනවා. ඒවායින් ඒ කුඩා රටවලට ආර්ථික වාසි අත්වෙලා තිබෙනවා. උදාහරණයකට නවදිල්ලියේ හා පන්ජාබ් ප්‍රාන්තයේ චීන අවන්හල් බොහොමයක අයිතිකරුවන් නේපාල ජාතිකයින්. ඇයි ශ්‍රී ලාංකිකයින්ට මේ ගිවිසුමෙන් පස්සේ චෙන්නායි, බැන්ගලෝර් වගේ දකුණු ඉන්දියානු නගරවල බිස්නස් ආරම්භ කරන්න අවස්ථාව ලැබෙනවා කියලා හිතන්න බැරි? (නි)
18 සංශෝධනය ගෙනෙනවිට මේ වීරයන් සිටියේ කොහේද? (නි)
මේක ගැහුවා කියලා ඉන්දියාවේ ඉන්ජිනේරුවො, වෘත්තිකයෝ ලංකාවට දුවන්නේ නැහැ. එහේ ඉගෙනගත් කෙනෙක්ගේ අරමුණ ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවට යාම.මේක ද්විපාර්ශවික ගිවිසුමක් නිසා මේක ගැහුවට පස්සේ අපේ උගත් කොල්ලන්ට ඉන්දියාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කළහැකියි (නි)
ඔයාලා පහුගිය කාලේ කොහේද අනේ හිටියේ? (නි)
මහින්දගේ පසුබැමෙන් පස්සේ එල්ලෙන්න වැලක් හොයා හොයා හිටපු "මෙයාලට " ඔන්න එල්ලෙන්න එකක් අහුවෙලා අනේ සාදු ; (අ)
ජාතියේ මුර දේවතාවා ඔබයි විමල්. අපේ සහය ඔබට (නි)
ඔබට ජය වේවා! (නි)
සටන් පාඨ අරගෙන වීරයෝ වෙන්න හදන්න එපා (නි)
විමල්ලා මේ වගේ දෙයක හරි එල්ලීගෙන ජනතාව ගොනුකරගන්න උත්සාහ කරනවා. ඒවාට අහුවෙන සුළු කොටසකුත් ඉන්නවා. ඒත් රටම රවටන්න බැරි බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල වලින් ජනතාව පැහැදිලි ලෙස කියා තිබෙනවා. (නි)
දැනටම ඉන්දියාව සමඟ බලවත් වෙළඳ අවාසියක් අපි අත්විඳිනවා. මෙම ගිවිසුම ලංකාවට අවශ්‍යයි. (නි)
ඉන්දියානුවෝ ඉතාමත් අඩු වැටුපට වැඩකරනවා.එක අපි හොදින්ම දන්නවා මැදපෙරදිග ඉන්න රැකියා කරන නිසා. ඉන්දියානුවෝ අපේ රටට ආවොත් වඩුවන්ට මෙසන්ලට වගේම ඉහල රැකියා කරන ඉංජිනේරුවන්ට දොස්තරලටත් රැකියා හිගයක් එනවා. ඖරුදු 10 ක් විතර යනකොට ලංකාවේ බින්න බහීවි. උඩරටට වූ දේ මුළු ලංකාවටම වේවි (අ)
නාමල්, රුවන්, රංග, ඔයාලා ඔය කියන්නේ න්‍යායාත්මක කරුණු මිසක් ප්‍රායෝගික කරුණු නෙමෙයි. ප්‍රායෝගිකව සිද්ධවෙන්නේ ඕකේ අනිත් පැත්ත. නේපාල ජාතිකයින්ට ඉන්දියානුවෝ සළකන්නේ සහෝදරයින්ට වගේ. හේතුව භාෂාව සහ ආගම අතින් ඒ අය ඉතා සමීපයි. අපි එහෙම නෙමෙයි. අපේ රටේ හින්දි දන්නා කට්ටිය හරි අඩුයි. අනිත් කාරණය ඉන්දියාවේ වැටුප් ඉතාමත් අඩුයි. දුප්පත්කම වැඩියි. (නි)
මෙතන අදහස් දැමූ කී දෙනෙක් ඔය ගිවිසුම ගැන දන්නවද? (නි)
ජාතික චින්තනය වෙනුවෙන් කැපවුණු බුද්ධිමත් ගුණදාස අමරසේකර , නලින්ද සිල්වා , ගොවිදු පරපුරේ සහුර්දයිනි මානසික සුවය පිණිස මේ අවිචාරවත් ලක්වැසි මෝඩයින් වෙනුවෙන් ඔබේ වටිනා කාලය තවදුරටත් කැප නොකරනු මැනවි. මෙතෙක් කලක් ඔබ කළ සේවයට අපමණ තුති සේම නිදුක් නිරෝගී සහනය පතමි.(ම)
ඉන්දියාව හැමදාම ආදරෙන් ඔලුව අතගාල ටොක්කක් දෙන බව දන්නෙම නැද්ද (බ)
ඔය සීපා ගිවිසුම ගෙනාවේ "මරාතුමා" ඉන්න කලේ නේද? එතකොට විමලේ හිටියේ කොහෙද? (ම)
කෝ මේ විමලේ? (බ)
අගය කරමි, මේක කළොත් රට ඉවරෙටම ඉවරයි. (බ)
මෙය බොහොම කලකට පෙර ආ යෝජනාවක්. ගිය රජය මෙය අත්සන් නොකළේ කර්මාන්ත, වියාපාරික ප්‍රජාවගෙන් එල්ල වූ විරෝධය නිසා. දැන් ඉන්දියාවේ බලපෑමට යට වෙලා මේ ආණ්ඩුව මෙය නොකළ යුතුයි. (අ)
මේකත් අර විදුලි පුටුව වගේ .නැති දේකට කෑ ගහනවා .රජය නිල වශයෙන් කියල තියෙනවා සීපා ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියල .මෙයාල බොරුවට කෑ ගහනවා .ඊට වඩා නරකද ඔය වටිනා කාලය ඉගෙනීමට යොදවල ඕලෙවල් පාස් කර ගත්තා නම් (අ)
විමල් කෝ ඉතින්? (නි)
අපේ දොස්තර වරු බස් කාරයෝ වර්ජනය කරනකොට එහෙම අයත් ඉන්න එක හොදයි.නැත්නම් අහිංසක ලෙඩ්ඩු මගින් පාරවල් වල වේලෙනවා.අර ජේ ආර් කල වගේ අසාධාරණ ලෙස වර්ජනය කරන අයට දෙන්න ඕනි හොද බෙහෙතක් (අ)
නොලැබුන තානාන්තර නිසා , විමල් විරවන්සට මේවා කිරීම හැර වෙන විකල්පයක් නැහැ , ඉස්සර වාගේ ආරක්ෂක ඇමතිට ෆෝන් කරලා පොලිස් නිලධාරින්ට අපහාස කිරීමත් අපහසුවට පත් කිරීමත් දැන් කරන්න බැහ , මොහු වෙනුවෙන් තවමත් රැවටුන සහ රැවටෙන සිහලුන් කොටසක් රටේ ඉන්න කම් මොහු මෙහෙම නටාවි (අ)
අනේ ඔය කෑගහන පිරිසගෙන් අහන්න ඔය ගිවිසුම ගැන දන්නේ මොනවද කියල ? (අ)
මම මේ ගිවිසුම ගැන කතාකරන්නේ නැහැ.මම අහන්න කැමතියි ඔය කෑගහන වීරයෝ ඔය ගිවිසුම කියවලා තියෙනවාද කියලා? අනික එයාලාගේ කාලේ ඔය චීන්නු එක්ක ගහපු ගිවිසුම් තවම ගළවගන්න බැරුව අපි දඟලනවා. (නි)
ඔබතුමාට ජයපිට ජය ලැබේවා! (නි)
සීපා කියන එක සමහරුන්ට ඇහිලා තියෙන්නෙ සිව්පා කියලා වගෙයි. මමත් විරුද්ධයි කුඩු, එතනෝල්කාරයන්ට. එයාලට මනාපදෙන සිව්පාවො මෙහෙ ඕනෑතරම් ඉන්නකොට ඉන්දියාව ගැන මොන කතාද? (නි)
නාමල්,රුවන්,රංග ඉන්දියාව සමඟ ගොඩ බිමිනින් සම්බන්ධ වෙලා තියන හොඳ ආර්ථිකයක් තියන රටක් කියනවද? ඔයාලගේ අම්මල ඉන්දියන්ද? (ම)
පුටුවෙන් බංකුවට - බංකුවෙන් පාරට... මහපාරේ මේ විදියට කෑගහපු සමහරු අද සංවිධායකලා වෙලා. පරිවාරක රථ පිරිවරාගෙන ගිය ඇමතිවරු අද මහපාරේ. පවු අනේ! (නි)
ඇත්ත. කරන හැමදේටම සද්ද නැතුව ඉන්න ඕනෑ නැහැ තමයි (නි)
නාමල් සහ රංග බලාගෙන ඉන්න. ඉන්දියාව අපිට උදව් කරන්න තමයි සීපා ගිවිසුම ගහන්න අපිට බලකරන්නේ. ඔයාල වගේ පටු විදිහට හිතන අය නිසා තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.ඔයාලා හීන මව මවා ඉන්න. (නි)
එදා ඔවැනි විරෝධයක් තිබුනා නම් කොහොමට තියෙයිද? දැන් පේනවනේ ජනවාරි 8 වෙනිදා ඉඳලා ලංකාවේ තිබෙන නිදහස. (නි)
විමල්ලා පස්සේ යන අය තවමත් ලංකාවේ ඉන්නවනේ? (නි)
නිවාස ඇමති වෙලා හිටිය විමල්ට මෙහෙම දෙයක් වේවි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. (නි)
ඇත්තෙන්ම මමත් දන්නෙ නැහැ මේ ගිවිසුම ගැන (නි)
අනේ අපි නොදන්නා මෙයාලගේ දේශප්‍රේමය? (නි)
දැන් අලුත්ම මාතෘකාව සීපා (නි)
මෙතන ඉන්න කවුරුහරි ඉන්නවද මේ සීපා ගිවිසුම සම්පුර්ණයෙන්ම කියවපු කෙනෙක්? මමත් දන්නේ එහෙන් මෙහෙන් ටිකක් තමයි. ඒ නිසා මේක ගැන කිසිම අදහස් දැක්වීමක් කරන්න බැහැ දැන්ම. ඒ වගේම ඇයි මේ අය මුදල් ශ්‍රමය වැයකරලා වටිනා කාලය නාස්ති කරගන්නේ? ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා නේද සීපා ගිවිසුමක් ගැන සාකච්ඡා කරන්නේ නැති බව? (නි)
සීපා ගිවිසුමෙන් අපේ රටේ මුහුදු සීමාවේ මාළු ඇල්ලීම සඳහා යම්කිසි වගන්තියක් තිබෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. ඉන්දියාව කිසිම දවසක අත ලෙවකන්න මී වද කඩන ජාතියක් නෙමෙයි. මාළු අල්ලන්න කියලා ඇවිල්ලා, මාළු ටිකත් නැත්තටම නැතිකරලා, මුහුදු සීමාවත් අල්ලාගෙන හොඳ නැටුමක් නටයි. (නි)
වීරවංශ කියන්නේ හොඳ කොන්දක් ඇති කෙනෙක් (නි)
සීපා ගිවිසුම ගැන අපි දන්නේ මොනවද? ඇරත් නව පාලන අධිකාරයට අවශ්‍ය දෙයක් කිරීමට ඡන්දයෙන් වැඩි ජනතා කැමැත්ත ලැබී ඇත (නි)
මේක රට විනාශ කරන්න ගේන දෙයක්.මේ ඉන්දියණ මිනිස්සු හරිම කපටි අත්මාර්තකමි ජාතියක්. අපේ රටට ඇවිල්ල රට ගිල ගනී. රටේ ත්‍රස්තඅවාදී ප්‍රශ්න අයෙත් ඇති වෙයි. මේ විනාසයට ඉඩ දෙන්න එපා. නාමල් රංග රුවන්ලා බබ්බු වගේ කතා කරන්නේ. රට ගේන ඉන්දියානු වන ගැන දන්නෙම නැති බබ්බු. මේ වගේ මිනිස්සු ඉන්න කොට රට බිලි වෙන්න ඉඩ දීල නිවටයෝ වගේ බලන් ඉදි. (අ)
ඔන්න ඔහොම තමයි පෙරට එන්න ඕනෑ (නි)
අපිත් ඔබ සමඟ එක්වෙනවා (නි)
සීපා ගිවිසුම ගැන කියවලාවත් නැති අය මෙතන ඒක විවේචනය කරන එක වැරදියි. (නි)
වීරවංශ කියන්නේ හොඳ කොන්දක් ඇති කෙනෙක්.අපේ සහය ඔබට! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු. මෙලෝදෙයක් දන්නේ නැති දේකට විරුද්ධ වෙනවා (නි)