පාර්ලිමේන්තුව අද (06) රැස්වු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකින් සභාවේ වැඩ අවුල් විය. රැස්විම් මිනිත්තු දහයකට නැවැත්විමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට සිදු විය.
එක්සත් ජාතින්ගේ ජිනිවා යෝජනාව අනුව ශ්‍රි ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ ගැන සෙවිමට හයිබ්‍රිඩ් අධිකරණයක් පත් කර ඇතැයි විමල් වීරවංශ මහතා කිවේය. එවැන්නක් නැතැයි රජයේ මැති ඇමැතිවරු කීවේය. එහෙත් එය නොපිළිගත් විරවංශ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවයි. නිසි කල්හි විවාදයකට ඉඩ ලැබෙනු ඇතැයි සභා නායකවරයා කිවේය. ජාතික නිදහස් පෙරමුණේ සිසිර ජයකොඩි ඇතුළු මන්ත්‍රීවරු බැනරයක් ප්‍රදර්ශනයක් කරන්නට වුහ. මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ද ඊට එක් විය. එජාපයේ පාලිත තේවරප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු තවත් පිරිසක් එ දෙසට එමින් සිටියදී තවත් මන්ත්‍රිවරු පිරිසක් එය වළක්වාලිය.
ජංගම දුරකථනයකින් විරවංශ මහතා ඡායාරූප ගත් බව කියමින් මන්ත්‍රීවරු කෑගසුවේය. රාවුෆ් හකිම් ඇමැතිවරයා පැවසුවේ විමල් විරවංශ මහතා කළ වැඩේ වැරදි බවයි. මිනිත්තු දහයකට පසු සභාව යළි ආරම්භ විය.
හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පැමිණ සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ඔබට! (නි)
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පැමිණ සිටියේය. (බ)
විමල් මතිදුණි ඔබට ජයම වේවා (අ)
පිස්සෝ යවපුව ඔහොම තමයි (අ)
අයියෝ, මෙතුමා නම් තාම හැදිලා නැහැ වගෙයි (නි)
අංගොඩ යන්න ඕන අය පාර්ලිමේන්තුවට ඇවිල්ල ..(බ)