පාර්ලිමේන්තුව අද (06) රැස්වු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකින් සභාවේ වැඩ අවුල් විය. රැස්විම් මිනිත්තු දහයකට නැවැත්විමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට සිදු විය.
එක්සත් ජාතින්ගේ ජිනිවා යෝජනාව අනුව ශ්‍රි ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ ගැන සෙවිමට හයිබ්‍රිඩ් අධිකරණයක් පත් කර ඇතැයි විමල් වීරවංශ මහතා කිවේය. එවැන්නක් නැතැයි රජයේ මැති ඇමැතිවරු කීවේය. එහෙත් එය නොපිළිගත් විරවංශ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවයි. නිසි කල්හි විවාදයකට ඉඩ ලැබෙනු ඇතැයි සභා නායකවරයා කිවේය. ජාතික නිදහස් පෙරමුණේ සිසිර ජයකොඩි ඇතුළු මන්ත්‍රීවරු බැනරයක් ප්‍රදර්ශනයක් කරන්නට වුහ. මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ද ඊට එක් විය. එජාපයේ පාලිත තේවරප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු තවත් පිරිසක් එ දෙසට එමින් සිටියදී තවත් මන්ත්‍රිවරු පිරිසක් එය වළක්වාලිය.
ජංගම දුරකථනයකින් විරවංශ මහතා ඡායාරූප ගත් බව කියමින් මන්ත්‍රීවරු කෑගසුවේය. රාවුෆ් හකිම් ඇමැතිවරයා පැවසුවේ විමල් විරවංශ මහතා කළ වැඩේ වැරදි බවයි. මිනිත්තු දහයකට පසු සභාව යළි ආරම්භ විය.
හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පැමිණ සිටියේය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල් වීරවංශ මැතිසබේ නැති ප්‍රශ්නයක් අදියි
සමන් Tuesday, 06 October 2015 02:12 PM
ජයවේවා ඔබට! (නි)
රුවන් රාජපක්ෂ Tuesday, 06 October 2015 03:49 PM
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පැමිණ සිටියේය. (බ)
නිෂා Tuesday, 06 October 2015 09:16 AM
විමල් මතිදුණි ඔබට ජයම වේවා (අ)
රෝහිත Tuesday, 06 October 2015 09:19 AM
පිස්සෝ යවපුව ඔහොම තමයි (අ)
ජයතිලක Friday, 09 October 2015 07:09 PM
අයියෝ, මෙතුමා නම් තාම හැදිලා නැහැ වගෙයි (නි)
රොහාන් Tuesday, 06 October 2015 11:32 AM
අංගොඩ යන්න ඕන අය පාර්ලිමේන්තුවට ඇවිල්ල ..(බ)