පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ මහතා පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
ඇප ඇයදුමට සුවිශේෂි කරුණු ලෙස සඳහන් කර තිබු වීරවංශ මහතාගේ දියණියගේ මානසික තත්ත්වය ඇප ලබා දීමට කරුණක් නොවන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි වලින් හත්මුතු පරම්පරාවම කාපු එවුන්. (බ)
හරි ෂොක්නේ. ඕන හොරකමක් කරලා අනෙ මගෙ දරුවගෙ මානසිකත්වය හොද නැහැ මම හිරේ තපින කොට කියලා එළයට එන්න පුළුවන්නම් (බ)
මෙයාට වගේම ඒ දවස්වල ඉදපු නියෝජ්‍ය ඇමති , සභාපති දෙන්නටත් දඩුවම් දෙන්න ඕනි.....ඒ අතින් නීතිය සාධාරණ නෑ....(බ)
හොරා කෑවනම් විදවපන් කොල්ලෝ ඔයා එළියේ හිටියත් වැඩක් නැහැනේ ඒ හින්ද ඇතුලේ ඉන්න හොදේ (බ)
දියණියගේ මානසික තත්ව බලන්න තිබුනේ හොරකම් කරන්න ඉස්සරවෙලා. හොරකම් කරපු සල්ලි ඔක්කොම ගෙවල් විකුණලා හරි රටට ගන්න ඕන. (බ)
අර මහ බැංකු හොරා ඉන්නවා ඇත්තෙත් හිරේ වෙන්න ඇති නේද? (බ)
විමල් කියන්නේ පියෙක් නෙමෙයි අවස්ථාවාදියෙක් .... තමන් ජඩකම් වහගන්න දරුවෝ බැරි නම් බිරිදවත් විකුනන මිනිහෙක් (බ)
දියණියගේ මානසික තත්වය කෙසේ වෙතත් මෙතුමාගේ නැන්දනිය නම් හරිම උපාසක පාටයි. කාට කාටත් යුටියුබ් එකේ බලන්න පුළුවන් එතුමියගේ මුවෙන් පිටවන උතුම් වදන්. අනේ මෙහෙව් ජාතික මාමකයන්! රටකට ගිය කලක්! (බ)
වැරදි ඇතිව හෝ නැතිව රිමාන්ඩ් ගත වෙන හැමෝගෙම පවුල්වල අයගේ මානසික තත්වය හරි නැහැ තමයි. එතුමියගේ තීන්දුව නම් සුපිරි එකක්! (බ)
ඒ වුනාට අර අක්කගේ දුවගේ මානසික තත්වය සලකා බලන්න තිබුන (බ)
බොහොම හොඳය. නිතිය හරියට කරමු. (බ)
පහුගිය ආණ්ඩුව කාලේ, මීට වඩා දුක්වෙන්නෝන දේවල් වුනා. ඒ ආණ්ඩුවේ ඇමතිකම් දරපු විමල් ඇතුළුව හැමෝන්ටම ( ප්‍රභූන් ඇතුළුව ) ඒවා වින්දොත් තමා තේරෙන්නේ, කාට වුනත් දුක වේදනාව සමානයි කියලා. ඇයි තාජුදීන් වැනි වටිනා ක්‍රීඩකයින් මරද්දී පවා, මේ අය නිහඬව ඒවා අනුමත කළා නේද..? එහෙමනම්,කට්ට කන්නයි තියෙන්නේ. (බ)
එල්ටීටීය දකුණේ කළ මානසික සංග්‍රාමයට එරෙහිව ඔබ එදා නැගූ හඬ අපට අමතක නැහැ. එසේම මේ යතාර්ථයටත් ඔබ මුහුණ දිය යුතුයි. (බ)
නපුන්සකයින් වළිකන්නෙ සැබෑ පිරිමින්ට විලංගු දා පිරිමින් ලෙස පෙනී සිටින්නටය. විමල් ඔබ අද ලබන පන්නරය හෙට ඔවුන්ගේ මළගමය (බ)
මේවගේ වැරදි වලට සම්බන්ධ සියලුම දෙනා මේ වගේ සිරගත කෙරෙන්නේනම් මේ රට කොපමණ සුන්දර රටක් වේද.?නමුත් කරුමයක මහත, නීතිය අදාල වන්නේ තමුන්ට විරුද්ධ මත දරන අයට පමණක් වීමය. (බ)
අනේ දුක හිතෙන මුහුණ (බ)
ජේවීපී එකෙන් අයින්වුනෙම තමන්ගේ අයට කරගන්න තමයි (බ)
දුවට ඕවට පුරුදු වෙන්න වේවි දැන්. (බ)
වාහන අවභාවිත කර වීරයෙක් වගේ යන හැටි (බ)
මෙවැනි දක්ෂ කටවල් හිරේට දැමූවිට රට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට බාධාවක් වෙන්නේ නැහැ. සිංහලේට අබ සරණයි! (නි)
නියම පින්තුර ටික. වරදට දඬුවම් තවම ලැබුනේ නැහැ. (බ)
"සැම සිරකරුවොම මනුෂයෝය" යන තේමාව යටතේ මෙයාටද සාමාන්‍ය රිමාන්ඩ් සිරකරුවෙකුට වගේ සලකන්න. එකනේ මෙයාල ඉස්සර කීවේ. ධනපති අදහස් එන්න ඉස්සෙල්ල කියපුවා. දැනුත් ඉඳ හිට වාසියට කියන කියන දේවල්. (බ)
මේවා රගපෑම්...සරත් ෆොන්සේකා ගන්න කොට කෝ මව .......දරුවා ගැන දුකේ .... (බ)
දේශපාලන වාසියට හරි නැතුව හරි සිංහල මිනිස්සු ගැන කතා කරන්නේ විමල් ගම්මා විතරයි එ්කයි මම මේ මනුස්සයා ට සලකන්නේ. 1948න් පස්සෙ ලංකාවේ හිටපු මොන දේශපාලකය ද වාහන අව භාවිතා නොකළේ කම්බ හොරු අල්ලන්න කියලා බලයට ඇවිත් මහ බැංකුව හොරා කාල මේ වගේ සිල්ලර කේස් වලට මිනිස්සු ඇතුළට යවන්න විතරයි මේ ආණ්ඩුව දන්නේ (බ)
හිරේ ඉන්න අයගෙන් මෙයට විතරයි දරුවෝ ඉන්නේ වගේ (බ)
මහා බැංකුවේ කොල්ලකරුවන් නිදැල්ලේ. වාහන අවභාවිතය මම හිතන්නේ එයටත් වඩා දරුණුයි වගේ.(බ)
මහජන මුදල් හොරාකාලා ,හිරේට ගියාම ,දුවගේ මානසිකත්වය ගැන හිතල ඇපත් ඉල්ලනවා මොකද තාත්ත දොස්තරද ? සෑම සිරකරුවකුගේම ළමුන් ඉන්නෙත් ඔහොම තමා. හැබැයි ඒ අය එදා වේල කන්න හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් , තමා පියා හෝ මව සිරකරුවෙක් නම් ඒ ළමුන්ට මුළු සමාජයම ගරහනවා මේ අයට කවුද එහෙම කියන්නේ මෙයාල වීරයෝ , වෙනවා , (බ)
දරුවකුගේ මානසිකත්වය සිරගතවන සෑම සිරකරුවෙකුටම අත්විදින්න ලැබෙන කටුක සිද්ධියක්. ප්‍රභූ පැලැන්තියට කියලා විශේෂ දෙයක් නෙමෙයි. (බ)
වැරදි කරපු හැමෝටම දඬුවම් දෙන්න ඕනේ. එ්කේ වරදක් නැහැ. හැබැය් වාහන අවභාවිතා කරපු අය හිරේ දානවනම්, මට හිතෙන්නේ නැහැ ඔය පාර්ලිමේන්තුවේ කියන එකේ එකෙක්වත් එළියේ ඉතුරුවෙය් කියලා. (බ)
ජයසිරි මනිමේන්ද්රටත් විමල් මොනවාහරි දුන්නද. නුඹලා වගේ වන්දිබට්ටයෝ නිසා තමයි අපේ රට බල්ලට යන්නේ (නි)
රට ජාතිය වෙනුවෙන් හඩක් නගන සිංහල නායකයින් දඩයම් කිරීම ,යහපාලන ආණ්ඩුවේ මුලධර්මයයි. ඊයේ අශෝක අබේසිංහ සම්පුර්ණ සැලැස්ම ලස්සනට ඉදිරිපත් කළා. විමල් වීරවංශ හිරකළත් දේශප්‍රේමී සිතුවිලි සිරගත කළ නොහැකියි. මදක් ඉවසන්න ... ළගදීම හොද පාඩමක් යහපාලුවන්ට ඉගෙන ගන්න ලැබේවි...(බ)
මේවා කාටත් පාඩම්,...දැන් වලිගෙ ගිනිතියන්න මේ වගේ අය තවත් සිටීද ? (බ)
බණ්ඩාර -කැකිරාව, දේශප්‍රේමී සිතුවිලි කියලා අදහස් කළේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමන් සහ හත්මුතු පරම්පරාව යැපෙන එකද? (බ)
මම දුවනම් කියනවා අනේ තාත්තේ රටේ ජාතික ධනය හොරකම් කරලා අපිට වාහන එපා කියලා. එහෙම වුනානම් අද අඩන්න වෙන්නෙ නැහැ දුවටත්. (බ)
මේයාගේ නැන්දනිය සුද්ද සිංහලෙන් බනිනවා යුටියුබ් එකේ ඇත. පවුලෙ හැදියාව ඒකෙන් පේනවා (බ)
මේකේ අදහස් දාල තියන සමහරු හොරකමත් සධාරණීය කරන්න හදන හැටි දැක්කහම සිංහල අපිට ලැජ්ජයි. (බ)
වැරදි කළ අයව අල්ලන එක හොරුන්ට දඬුවම් දෙන එක සිංහල නායකයෝ දඩයම් කිරීමක් වෙන්නේ කොහොමද. මේ මිනිස්සු රට විනාශ කළා.මෙයාට විතරද දූවරු ඉන්නේ. (බ)
මහජන නියෝජිතයින් සඳහා වෙනම සිර මැදිරි සහ රිමාන්ඩ් බන්ධනාගාර හැදුවොත් නරකද.? මොකද ඔය 225 දෙනාගෙන් එකෙක්වත් හොඳයි කියන්ට නැහැ. ඔක්කොම නොම්මර එකේ හොරු. (බ)
මහ බැංකු හොරා එළියෙ නමි ඒකට විසඳුම විමල්ලාවත් එළියට දාන එක නෙමෙයි. ඒ හොරුන්වත් අල්ලන එකයි. නමුත් අපේ සමහර අය කියන්නේ ඒ හොරා එළියෙ නම් මේ හොරාත් එළියට දාන්න කියලා. මාර රටක් මේක! (නි)
සිංහලයින් වෙනුවෙන් හඩක් නගපු හැම කෙනෙකුටම අපවාද අවමාන අහන්න ලැබෙන්නෙත් සිංහලයින්ගෙන්ම තමයි.එල්.ටී.ටී. ත්‍රස්තවාදය නිසා පරාජිත මානසිකත්වයක හිටපු ජාතියක් අවදිකරන්නට ඔබගේ හඬ එදා විශාල ශක්තියක් වුණා. (බ)
විමල් හෙට හෝ අනිද්දා ඉහළ උසාවියට ඉදිරිපත් කෙරෙන ඇප අයැදුම් පතක් මගින් නැවත ඇප මත එළියට එනු ඇත. සමහර විට මේ චෝදනා ඔප්පු නොවී අනාගතයේදී ඔහු නිදහස් වියද හැකිය. යම් ලෙසකින් ඔහු නිදහස් වුවහොත් යහපාලන වාදීන් තම අසතුටද පල කරනු ඇත. බන්ධනාගාරයෙන් එළියට එන විට ඔහුව පිලිගන්න ඔහු යටතේ අයුතු වරප්‍රසාද ගත් එවුන් එක් රොක් වනු ඇත. (බ)
මේකෙ දාලා තියෙන අදහස් අනුවනම් පාඩමක් උගන්වන්න තව ගොඩක් කල් ඉන්න වෙනවා නේද බණ්ඩාර (බ)
අනේ බණ්ඩාරගේ දේශප්‍රේමේ (බ)
මෙි ජඩ පාලකයින්ගෙ ප්‍රධාන ඉලක්කය රටේ සංවර්ධනයවත් දුප්පත් මනුෂ්‍යයන්ගෙ බඩට කටට දැනෙන දෙයක් කිරීම නෙමෙයි. පළිගැනීමේ චේතනාවෙන් බලය රැක ගැනිමයි.හැබැයි ජඩ පාලකයනි මොන විලංගු දැම්මත්,අසාධාරණය වෙනුවෙන් අරින මේ කට කාටවත් නවත්වන්න බැහැ.ඒක හොඳට මතක තියා ගත්තොත් හොදයි. (බ)
මෙච්චර දියණිය ගැන අනුකම්පාවක් විමල්ට තියනවා නම්, දැනට ඉන්න සුපිරි නිවාස විකුණලා හරි මේ අලාභය ගෙවන්න පුළුවන් නේද.(හේ)
විමල් කියන්නේ කොච්චර අනිත් මිනිස්සුන්ට අපහාස උපහාස කරපු සහ කරන කෙනෙක්ද ? (හේ)
පක්ෂය පාවාදි මහින්දත් සමඟ එකතු වි ජනතා මුදල් මංකොල්ල කා තම වරිගෙම ගොඩදැමූ සමහරුන්ව අපේ මිනිසුන්ට ජාතික විරයන් වන අවස්ථාද ඇත. (නි)
මෙතන අදහස් කොටලා තියෙන ගොඩක් කට්ටිය අවස්ථාවාදී කොළ පාටට කඩේ යන ටිකක් .. කාපියව් කොස් කොළ (බ)
අහෝ යහපාලන ගැත්තනේ (බ)
මේකේ කොමෙන්ට් දාන අය එක තරහින් පළිගැනීමේ අදහසින් දාන බව හොදටම පේනවා. සල්ලි කොල්ල කාපු අය නම් දැන් මේ ආණ්ඩුවේ ඉන්න අයයි. ඡන්දයක් තිබුනොත් රටේ මිනිස්සු මොනවද කරන්නේ කියල බලන්න පුළුවන්. එ්ක තියන්න මේ ආණ්ඩුවේ ඉන්න හොරු කල් දාන එකනේ වැඩේ.(බ)
එතකොට නිදහස සමරන පෙබරවාරි 4 දාත් අපේ විමලේට ඉන්න වෙන්නේ හිරේ (බ)
නඩුව තව තව කල් යයි වගේ.(හේ)
විමල් උදව් කරපු අයත් ඉන්නවනේ ඔය අතර ඒ අය වෙන්නැති හරහට ආල තියෙන්නේ (බ)
රටේ නීතිය අනුව රිමාන්ඩ් බාරයේ පුද්ගලයකු රඳවාගත් හැක්කේ සීමිත කාලයයි නමුත් මෙයාල එ්කාලය ඉවර වෙනකම් ඉඳල නැවත රිමාන්ඩ් කරනවා වරදක් කරලා තියනවනම් ඔප්පුකරල හිරේ දාන එකයි තියන්නේ හොරකන් අතේ පත්තු වෙච්ච අය නිදහසේ ඉන්නවා මහබැංකුව මහදවල් කොල්ල කාපු අය නිදැල්ලේ ඉන්නවා එයාලට සුදුහුණුත් ගානවා සමහර අය හිත ඉන්නවා මේ රජය සදාකල් තියෙයි කියල බාග දෙකක් මුට්ටු කරලයි මෙයාල ඇදගෙන යන්නේ මුට්ටුව ගැලවුනොත් ඔක්කොම ඉවරයි හොරු අල්ලන්නේ තවත් හොරු රෑනක් (බ)
මට නිකන් මැවිලා පේනවා ඔය රනිල් ලොක්ක ඇතුළු යහපාලන නඩය මාංචු දාගෙන ඉන්න හැටි තව අවුරුදු දෙක තුනකින්. (බ)
අපි ඉන්නේ මැද පෙරදිග , අපේ ළමයි කොපමණනම් ඇඳලා ඇද්ද අපි දාලා එනකොට. ළමයි පව් . මේ වගේ දේසපාලුවෝ හින්ද තමයි අද හැමෝම ලංකාවේ දුක් විදින්නේ (බ)
යහපාලන ගැත්තන්ට කියන්න තියෙන්නේ මේ ටික මට, "පොල්කොළ වැටෙනකොට ගොක්කොළ හිනැහෙනවා ...ගොක්කොළ වුනත් දවසක පොල් අතු වෙනවා" (බ)
වාහන අවභාවිතාවද දැන් තියෙන ලොකුම හොරකම..මහා බැංකුව කොල්ලකාපු අය තාම එළියේ..අදහස් දාල තියෙන්නේ සමහරක් වෛරයෙන්..(බ)
ජාති වාදය, ආගම් වාදය, අධිරාජ්‍ය වාදය වපුරුවාගෙන දේශපාලනය කරන අයට තියෙන සැප. (බ)
අනේ මෙහෙම යහපාලනයක් (හේ)
දියණියගේ වේදනාව ගැන අපි කණගාටු වෙමු. ආයුධ පෙන්වන්න ගෙනියන්නේවත්, අතුරුදහන් කරන්නෙත් නැති බව විශ්වාස නිසා බිය වීමට කරුණක් නැත.තමන්ට අයිති නැති හිමි නැති කිසිවක් බුක්ති විඳින්නට යාම වේදනා සහගත බව අප කාටත් හොඳ පාඩමකි. කිසිවෙක් මේවා දේශප්‍රේමයෙන් හෝ මිත්‍ර කමට පියවන්නට යාම රටේ යහපත වෙනුවෙන් සිදු නොවිය යුතුය.(හේ)
වැඩියෙන්ම දුක් විය යුත්තේ මේ රටේ දුප්පත් ජනතාව. මොකද ඔවුන්ට , දරුවන්ට ලැබිය යුතු කෝටි ගණනක් මුදල් නස්තිකරලා හොරකම් කරලා ඔවුන්ට ඒවාට බදු ගෙවන්න වෙලා තියන නිසා.(හේ)
කමෙන්ට්ස් දමපු ගොඩක් උදවිය චෝදනාව ඉදිරිපත් වෙච්ච ගමන්ම දිගට හරහට විමල්ට බැනල දමනවා, එ්ත් මේ උදවියට පෙනෙන්නේ නැහැ දුෂණය නවතනවා කියල ආපු උදවිය අද එළිපිටම බිලියන ගණනින් හොරා කන විදිය. මහා බැංකු හොරකම වගේ දේවල් ඔප්පු වෙලා ඉවරයි (බ)
පහර ගහන්නේ නින්දා අපහාස එල්ල කරන්නේ තමන්ට අභියෝගයක් වන මිනිසුන්ටයි. මහබැංකු හොරු නිදැල්ලේ ඉන්න එක ගැන කතා නොකර වාහන අවභාවිත ගැන කිඹුල් කඳුළු හෙලන්නන්ගේ අරමුණු අවබෝධ කරගැනීම අපහසු නැත (බ)
දක්ෂ කටවල් කියන්නේ 'බෝක්කු කටවල්' වලට නෙමෙයි. (නි)
හැබැයි අඩු පාඩුවකට තියෙන්නේ මෙයට බෙදන හැන්දෙන් මේ වගේම වරද වල කරපු ආණ්ඩුවේ ගත්තන්නට නොබෙදීම. මෙයින් ආණ්ඩුවට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. (ම)