
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි නමුත් ඊට ආරාධනා ලැබුණේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැසී ගොස් තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ඇරඹීම සඳහා වන ගිවිසුම්ද අත්සන් කළේ තමා කර්මාන්ත ඇමති ලෙස බව කී විමල් වීරවංශ මහතා සබරගමු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාල විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙන අයුරු දුටු බවද සඳහන් කළේය.
කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී පැවසූයේ විමල් වීරවංශ මහතා මේ සඳහා බොහෝ උදව් උපකාර කර ඇති හෙයින් ඔහුට ආරාධනා කළා නම් ඉතා හොඳ බවයි.
අදාල උත්සවයේ සංවිධාන කටයුතු සහ ආරාධනා කිරීම් කළේ අදාළ ව්‍යවසායකයා බවත් ඊට කර්මාන්ත අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැති බවත් රමෙිෂ් පතිරණ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් දුක් ළඟදීම ලැබේවි
ඒ වුනාට මෙයා නිවාස ඇමැති ධූරය දරන විට පවුලේ නෑදැයන්ට මහජන මුදලින් ඉදි කළ නිවාස දුන්නේ එකට අපි දුකින් ඉන්නේ.
ඉදිරියට ඔයිට වඩා දුක හිතෙයි ඔයාලාට
මහින්දගේ සාටකේ එල්ලිලා බඩවඩා ගත්තු තවත් දුෂිත දේසපාලුවෙක් මොකට දුක් වෙනවද?
රටේ ජනතාව නොබෝ දිනකින් 226 ටම "දුකට පුං" ගහනවා, ෂුවර්...
කළ හොඳ එක්කෝ අගයකිරිම මනුස්සකමයි.
ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන මුගේ දුක...
දේශීයත්වයක්, ජාතිකත්වයක්, අදීනත්වයක් තිබු ආණ්ඩුවක්, තව තවත් ණය නොවී, ගත් ණය ගෙවා දමමින් සිටි ආණ්ඩුවක්, වර්ධනීය දිසාවට ගමන් කරමින් තිබු ආණ්ඩුවක්, බුරියානි කල්ලියකට, විදෙස් බලවේගවලට, ඇමරිකන් තානාපතිනියට අවශ්‍ය අන්දමට වනසා දමන්නට, අරාබි වසන්තයේ ශ්‍රී ලංකා ස්වරුපය මෙහි ස්ථාපිත කරන්නට පරිසරය සකස් කළාම ඔහොම වෙනවා වීරවංස මහත්තයෝ.
සියට තුනෙ සුනඛ හඩ මැද සද බබලයී .
ලී කුවාන් යු හා මහතීර් මොහොමඩ් ( ලන්කවෙ වර්සොන් එක ) එකට එකතු කරලා ලංකාව ගොඩගන්න ගිය කෙනා නෙද මෙ කියල හිතන කොට පපුව හොස් ගාලා යනවා. පපුවට ගහගෙන යුන් එක ඉස්සරහා මාරාන්තික උපවාස කරා මත්කයි. මෙ ඔක්කොම අපි වෙනුවෙන් නෙ. අනෙ . කවරෙක් හො මෙතුමට සතුට පැකට් එකක් දෙන්න දුක නිවාගන්න.
දුක්වෙන්න එපා. කොමරේඩ් තව ටික කාලයක් ඉවසන්න... ඔයාට වැලිකඩ බෝඩිමෙන් හොඳ කාමරයක් ඉක්මනින් ලැබේවි... එතකොට ඔයාට සතුටින් ඉන්න ලැබෙයි...