ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ආතතිය හේතුවෙන් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හා උපදෙස් ගැනීමට පැමිණීම වැඩි වී ඇතැයි කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
දරුවන්ගේ විභාග ළං වනවිට මෙය විශාල වශයෙන් වැඩි වන බවත් අධ්‍යාපන තරඟකාරීත්වය මෙයට ප්‍රධානතම හේතුවක් වී ඇති බවත් වෛද්‍ය රූමි රූබන් කියයි.
ඔහු මෙසේ ද කීවේය.
‘‘ දැන් ආතතිය හේතුවෙන් මනෝ වෛද්‍යවරුන් හමුවීමට එන පාසල් සිසුන් සංඛ්‍යාව වැඩි තිබෙනවා. මීට පෙර කාලයේ ද ඒ තත්ත්වය තිබුණා. නමුත් දැන් ප්‍රතිකාර සඳහා පැමිණෙන ප්‍රමාණය පෙර කාලයට සාපේක්ෂව වැඩි වෙළා. මෙයට හේතුව වන්නේ දෙමාපියන් විසින් දරුවන් තරඟකාරී අධ්‍යාපන රටාවට තල්ලුකර දැමීම බව පැහැදිලිියි දෙමාපියන්ගෙන් ඇතිවන දැඩි පීඩනය නිසා දරුවන් නිරායාසයෙන් ම ආතතියට ගොදුරු වනවා. නමුත් මෙහිදී තවත් දෙයක් පැහැදිලිව කිව යුතුයි. ඇතැම් දරුවන්ට ආතතිය නැහැ. ආතතිය තියෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට. දෙමාපියන් දරුවන්ගේ විභාගය වෙනුවෙන් දැඩි පීඩනයකින් සිටිනවා. එවිට ඔවුන් ආතතියට ගොදුරු වනවා. ඔවුන් තමන්ගේ දරුවා මනෝ වෛද්‍යවරයකුට පෙන්වනවා. නමුත් ප්‍රතිකාර ගත යුත්තේ අම්මා සහ තාත්තා. “
වෛද්‍යවරයා පවසන්නේ විභාගය ආසන්නවන කාලයේ දී සහ ප්‍රතිඵල ආසන්න වන කාලයේ දී මේ තත්ත්වය වඩාත් දරුණු වන බවයි.
ආතතිය ඇතැයි සැකයක් ඇත්නම් හෝ එය තහවුරු කරගෙන ඇත්නම් මනෝ වෛද්‍යවරයකු හමුවට පැමිණීම හෝ ළඟම ඇති රජයේ රෝහලක මනෝ වෛද්‍ය සායනයට පැමිණීම ඉතාමත් වැදගත් බව ද වෛද්‍ය රූමි පවසයි.
ශ්‍රී ලංකාවේ මනෝවෛද්‍ය විශේෂඥයින්ගේ හිඟයක් ද පවතියි.
COMMENTS
අපේ නිදහස් අධ්‍යාපනය වුනාට,අධ්‍යාපනයේ නිදහස නෑ. තමන් දක්ෂ, තමන්ට සහජයෙන්ම උරුම වූ ක්‍ෂෙත්‍රයක අධ්‍යාපනය ලබන්න කිසිම ළමයෙකුට ඉඩක් මේ අධ්‍යාපන ක්‍රමය තුල නෑ. එක එකාට ඕනෑ දේ තමයි ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ. (බ)
විභාගේ අසමත් වුණත් දැන් කාලේ බයවෙන්න එපා ළමයිනේ. (නි)
ටියුෂන් පන්ති සම්පූර්ණයෙන් නවත්වන්න ඕනෑ (නි)