රංජන් කස්තුරි
විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.
එහි එක් පියවරක් ලෙස විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව මැලේසියාවේ PUTRA විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට විභාග දෙපාර්තමේන්තුවේ නිලධරයන් 12 දෙනකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප්‍රේල් 22 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඔවුනට ගුවන් ටිකට්පත් ප්රදානය කිරිම අද (20) උදෑසන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන වැඩ සේරම සිද්ද වෙනවා නම්, ලොකූ දෙයක්.. මෙච්චර කාලයක් කටින් කරපු දේවල් ගොඩක් මේ ආණ්ඩුව කලේ.. මේකවත් හරියටම සිද්ද වුණා නම් හොඳයි.
ලෝකයේ දියුණු රටක් භාවිතා කරන ක්‍රමයක් අත්හදා බැලුවොත් තමයි හොඳ...
කරන දේ නොකියන එක තමා මේ ආණ්ඩුවේ ප්රශ්නය...
ඊට කළින් ගමේ පාසල් ටික සංවර්ධනය කරන එකයි වෙලා තියෙන්න ඕනේ. ලෝකය එක්ක තරග කරන්න ආවාම සුදුසුකම් ටිකවත් අපිට නැහැ.
ඕස්ට්‍රේලියාවේ මම වැඩ කරන විශ්ව විද්‍යාලයේ ඔන්ලයින් විභාග බොහොම ටිකක් තිබෙනවා. නමුත් ඒ හරහා අක්‍රමිකතා සිදුවෙන්න තිබෙන ඉඩ වැඩි නිසා තවමත් සාම්ප්‍රදායික විදිහට තමයි විභාග පවත්වන්නේ. මේ ඔන්ලයින් ක්‍රමය විභාගවලට භාවිතා කරනවා නම් අපේ රටටත් මුලින්ම ඉතා විශාල වියදමක් දරන්නත් වෙනවා.
2017 .11.06 වන දින බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසලේ ගුරුවරුන් විසින් දරුවන් යොදාගෙන කල උද්ඝෝෂණය සම්බන්ධව කිසිම පියවරක් ගන්නට නොහැකි වූ හා එම පාසලේ වසර විසිගණන් සේවය කරමින් පාසලට පිළිලයක් වූ ගුරුවරුන් මෙවර හෝ ස්ථාන මාරු කිරීමට නොහැකි වූ ඔබ ගැන කුමන කතාද? ඔබට බලන්ගොඩ ජනතාවගේ අප්‍රසාදය...
ඇමතිතුමනි, ඇත්තෙන්ම ඔබතුමා දක්ෂයෙක්. ඒත් ඔන්ලයින් ක්‍රමයට විභාග තිබ්බොත් කපටියන් එකෙන් රිංගලා විභාග සමත් වෙන්න පුළුවන්. ඒ ගැන දැඩි අවධානයක් දෙන්න. මොකද අපේ රටේ නීති විභාගයත් හොරට කරපු කට්ටිය තමයි ඉන්නේ.
පුලුවන්නම් ටියුෂන් නතර කරන්න. ළමයින්ට ඉතාම ගුණයි
මේවා හොඳ වැඩ තමා එහෙත් දැනට තියෙන පාසල් අධ්‍යාපන ක්‍රමයත් මේ වගේ සොයා බැලීමක් කරොත් හොඳයි.
අනේ ඉස්සෙල්ලම OL AL විභාග ප්‍රතිපල මාස 2 ඇතුලත දෙන්න බලන්න. අවුරුදු 13 පාසල් යන ළමයි තව අවුරුදු 1 1/2 ගෙදර බලාගෙන ඉන්නවා ප්‍රතිපල ප්‍රමාදය නිසා.
ඉතා සැලැස්මක් අනුව කරනවානම් පහ වසර ශිෂ්‍යත්වය හත වසරට දැමිය යුතුය. පළමු වසරේ සිටින ළමයට තරගය නොව බුද්ධි වර්ධනය වන ක්‍රම (නිර්මාණ ,ලෙගෝ ,බිල්ඩින් බ්ලොක්, රෙසර්ච් ) භාවිතා කල යුතුය.