මෛත්රිපාල සිරිසේන ජනපතිගේ වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට ළමා නිවාසයේ රඳවා සිටි සිසුවා ද වෙබ් අඩවි හැක් කිරිම ගැන ෆේස් බුක් මගින් උපදෙස් දුන් බව කියන මොරටුවේ ජනිත් මධුෂංක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (2) නියෝග කළේය.
පාසල් සිසුවාට රුපියල් ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් ද ජනත් මධුෂංකට රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් ශරිර ඇප 4 ක් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැක් කළා කියන්නේ වෙබ් අඩවියේ ආරක්ෂාව මදි. එය හදා ගැනීමයි කළා යුත්තේ. දත්ත වෙනස් කිරීම කොලුකමට කරන්න ඇති. නරක වැඩක් කළත් දක්ෂයෙක් නිසා ජනාධිපත් තුමා සමාවක් දෙයි. (බ)
අතිගරු ජනාධිපතිතුමනි මොවුන් දෙදෙනාට සමාව ලබාදී මොවුන්ව නිදහස් කිරීම මුළු රටම ප්රශංසා කරන ස්තුති කරන උතුම් ක්රියාවක්. මොවුන් නැවත මෙවැනි වැරදි නොකරන අය බවට පත් කරන්න මොවුන්ව පුනරුත්ථාපනය කරලා මොවුන්ගේ දැනුමෙන් අපේ රටට ප්රයෝජනයක් ගන්න පුලුවන්නම් ගොඩාක්ම වටිනවා (බ)
සමහරු මේ සිද්ධියත් ජාතිවාදය පතුරුවාලීමට අවියක් කරගෙන විවිධ දේ කියනවා. තක්කඩිකම් කිරීම වීරකමක් ලෙස හුවාදක්වන්න බැහැ. නමුත් දක්ෂතාවයක් තිබිය යුතුයි කියලා නම් පිළිගන්න පුළුවන්. පළමුව වැරැද්දට දඬුවම සහ ඉන්පසුව දක්ෂකමට සැළකීම තමයි බුද්ධිමත් සමාජය අනුමත කරන්නේ. (නි)
පළමුවෙන්ම මොවුන් දෙදෙනා කළේ වරදක් බව තේරුම් ගතයුතුයි. නැතුව නිකන් සුපර් මෑන් රම්බෝ වගේ කියලා පුම්බන එක හොඳ නැහැ මම හිතන්නේ. කොල්ලෝ දෙන්නා දක්ෂයෝ වෙන්න පුළුවන්. හැබැයි ටිකයි දැනගෙන හිටියේ, නැත්නම් ඉතින් අහුවෙන්න කරයිද? මේක මෛත්රී මහතාගේ පෞද්ගලික ආයතනයක වෙබ් අඩවියක් නොවේ, රටේ රාජ්ය ආයතනයක දේපලක්. (නි)
වෙනත් රටවල මිනිස්සු නම් කියන්නේ වැරැද්දට දඬුවම් කරන්න කියලා. එ්ත්, අපේ රටේ අමුතු මිනිස්සු කියන්නේ වැරැද්දට දඬුවම් නොකර ඒ වෙනුවට තනතුරු දෙන්න කියලයි. අපිට නම් පෙනෙන්නේ, තරුණයින්ගේ දක්ෂකමට වඩා, ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය පවත්වාගෙනයන්නන්ගේ අදක්ෂ හා දුර්වලකමයි. (නි)
හැකියාවෙන් වැඩක් ගන්න අවවාද කර නිදහස් කරන්න.(ම)
දක්ෂතාවයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මහා ලොකු වීරකමක් කළා කියලා හිතන්න එපා (නි)
මේකේ අදහස් දාන සමහරු ගැන දුකයි (නි)
ආයෙත් නම් ජීවිතේට මෙහෙම මෝඩ වැඩ කරන එකක් නැහැ (නි)
කිත්සිරි, එතකොට කවුරුහරි බැංකුවක වෙබ් එක හැක් කරලා තිබුනොත් කියනවද බැංකුවේ වෙබ් එකේ ආරක්ෂාව මදි නිසා මේක වුණේ, ඒ නිසා හොරාව නිදහස් කරන්න කියලා? (නි)
මම හිතන්නේ විකුම් රංගනව පුනරුත්ථාපනය කරන්න ඕනෑ ඔක්කොටම කලින්. (නි)
මේ දෙන්න කරලා තියෙන්නේ වරදකට වැඩිය එම වෙබ් අඩවියේ තියෙන අනාරක්ෂිතබව පෙන්නා දීපු එක. ඒ දෙන්නට ඒකට තෑගි දෙන්න තිබුනේ. (නි)
ඒක හොද වැඩක්..(බ)
ඇප දුන්න එක හොදයි.(හේ)
මේ දරුවාව හරි මගට යොමුකරන්න.දඩුවම් කරන්න ගොස් අනාගතය අඳුරුකරන්න එපා. අනාගතයේදී පරිගණක අංශයෙන් රටට සේවයක් කරන්න පුළුවන් ළමයෙක්. (බ)
බැරි වෙලාවත් ඇප නොදුන්නා නම් මොනවා කියයද? එත් නිදහස දුන්නම අගය කරන්නේ කී දෙනාද ? (ම)
ඔය කියන පාසල් සිසුවා හා අනෙක් තරුණයා දක්ෂයින් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ව පුනරුත්ථාපනය කොට සමාජ ගත කළ යුතුයි. තවද මේ පිටුපස මේ තරුණයින්ව ඉත්තන් බවට පත්කර ගනිමින් විදේශ රටක සිට මෙම සිදුවීම මෙහෙයවූ පුද්ගලයෙක් සහ කණ්ඩායමක් සිටි බවත් පැහැදිලියි. ඒ නිසා ඒගැන රජයේ බුද්ධි අංශවල අවධානය යොමුකළ යුතුයි. (ම)