වෙබ් අඩවි පාලනයට රජය පුවත්පත් මණ්ඩල පනත සංශෝදනය කිරීමට යයි. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ තක්කඩි හා මඩ වෙබ් අඩවි පාලනයට නීති රීති සකසන බවයි. අලුතින් වෙබ් අඩවියක් ලියාපදිංචියට රුපියල් 100,000 ද වාර්ෂිකව රුපියල් 50,000 ද ගෙවිය යුතුයැයි කරුණු සඳහන් ලියවිල්ලක් එහිදී මාධ්‍යවේදීන් අතර බෙදා හැරිණි. මාධ්‍යවේදීන්ගේ අදහස වූයේ මේ ගාස්තු ඉතා අධික බවයි. ගාස්තු වෙනස් කළ හැකිදැයි සොයාබලන බව ද හොඳ වෙබ් අඩවිවලට මේ නීති වලින් කිසිම අයුක්තියක් හෝ අසාධාරණයක් නොවන බව ද ජනමාධ්‍ය ඇමති සඳහන් කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමදේම ඔන්ලයින් කියලා තේරෙන්නේ නැද්ද මේ ගොල්ලන්ට. වෙන රටක ඉදන් වෙබ් අඩවියක් අපි විවෘත කරනවනේ. හූ...............................
තමන් කරන්න හදන දේවල් ගැන දන්න කෙනෙකුගෙන් අහලා බැලුවොත් නරකද?
ප්‍රායෝගික නෑ....
කට්ටියගේ බර කරගහන්න වෙබ් අඩවි වලටත් දැන් උරදෙන්න වෙලා වගේ ..
කොලුවා හරි.මේවා මෝඩ වැඩ.මේ අය හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා
එක පාරක් බැල්කනියෙන් වැටුණා.ඊළගට මෙතුමා මොනවා කර ගන්න යනවද මන්දා
මඩ වෙබ් අඩවි වලට මේකත් ගාණක්ද? මේකෙන් බැට කන්නේ නිකන් අහිංසක මිනිස්සු
පේමන්ට් එකට ගිහින් ලේන්සුවක් දිගඇර ගත්තනම් මීට වඩා හොඳ නැද්ද අපට ?
ඕන ඩොට් කොම් එකක් මලේ........... අද තුට්ටුවයි වෙළඳ පොලේ ..............
හුස්ම ගන්නත් ටැක්ස් ගෙවන්න වෙයිද ????
මෝඩ වැඩක් වගේ....
ඩෙංගු , කිරි පිටි ,වෙබ් .... එකම ශ්‍රේණියක ඊ ළඟට?
අයියෝ, මොනවද මේ කරන්නේ? අපිටත් එක්ක ලැජ්ජයි.මඩ වෙබ් අඩවි මුදා හරින්නේ වැඩිපුරම පිටරටවලින්.කරන්න තියෙන්නේ එස්.එල්.ටී. එක හරහා ෆිල්ටර්ස් දාන එකනේ
මෙයින් සාමාන්‍ය වෙබ් අඩවි වලට හානියක් නෑ
ගණන් ගන්න එපා වැඩිය මේවා.
වෙබ් අඩවි පවත්වාගෙන යන්නට අපට අවශ්‍ය වූයේ අසරණ කවියන් සූරා කන ඇතැම් කවියන්ගේ නම ගම හා පැදි පෙළක් ඔවුන්ගෙන් ලියවාගෙන. එම තොරතුරු කවියන්ගේ නාම ලේඛණය නම් වූ පොත් පිංචක සටහන් කොට මහා මුදලක් ලබා ගැනීමේ ජාවාරම නතර කරවීමයි. එය මේ වනවිට හොඳින් ක්‍රියාවට නැන්වේ. මෙබඳු අවස්ථාවක මේ තරම් මුදලක් ගෙවන්නට වෙතොත් එම වෙබ් අඩවි වහාම නතර කර දැමීමට අපට සිදුවෙනු ඇත. එහි පාඩුව සිදුවන්නේ අසරණ කවියන්ටමය.
මේ යන විදියට වැසිකිලි යන්නත් බද්දක් ගනීද දන්නේ නැ 'මළ බද්ද' කියල...අපොයි...
මම හිතන්නෙ ප්‍රවෟත්ති වෙබ්‍වලට විතරයි
අන්තිම අසාධාරණයි
ඉතිං වෙන රටක ලියාපදිංචි කරනවනෙ.. මේක විහිළුවක්..
කරුණාකර පරිගණක දැනුම ඇති අය ප්‍රොක්සි සර්වර්ස් පාවිච්චි කරලා අවහිර කර ඇති වෙබ් අඩවි වලට යන හැටි අනිත් අයට කියා දෙන්න. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට මොවුන්ට ඉඩ දෙන්න බෑ. ලියාපදිංචි වෙන්නේ නැති වෙබ් අඩවි සියල්ලම අනාගතයේදී අවහිර කරයි. මොවුන්ට ඡන්දෙ දීපු අපිටයි මඩු වලිගෙන් තලන්න ඕනේ. කොටියා කාලා මළා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා දැන්.
උද ගෙන මුන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන ගහන්න ඕන .යකෝ බාෂණයේ අයිතිය මුලික අයිතිවාසිකමක් නේද ලෝකේ. ඉදි අමින් හොදයි වගේ මුන්ට වඩා.ඔය මොනවා උන්ටත් ලග එන චන්දෙත් මුන් දිනනවා වාර්තා තියල. හොද වෙබ් අඩවි වලට මෙකින් ප්‍රශ්නයක් නෑලු.ඒ කියන්නේ රජයට කඩේ යන ඒවාට අවුලක් නැ.රජයේ වැරදි කිව්වොත් ඉවරයි.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.මේ වගේ රටක ඉපදුන අපේ අවාසනාව.
මොනවටද දැන් සල්ලි නොගන්නේ . ගොනා හැරෙන කොට අපි දන්නවා පොල් පැලේ කන්න බව....
මේක ප්‍රායෝගික නැහැ. ඕකෙන් පිටරටවල් වල ඉඳන් තව තවත් දරුණු විදියට මඩ ගහන වෙබ් අඩවි පටන් ගනීවි. වෙබ් අඩවි අවහිර කරන එකත් ප්‍රායෝගික නැහැ. ඒවට ඇතුළු වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා
හැම දෙයකටම ගිනිගණන් බදු ගහනවා. බදුගහනවා වගේම, මිනිස්සුන්ගේ පඩිත් වැඩි කරන්න කියල මම ඉල්ලා සිටිනවා.
100000 ක් ??????? පිස්සු හැදෙයි...
බලාගෙන, නැවතත් උඩුමහලකට එහෙම නගින්න එපා.හොදද
හැමදේටම මුදල්. මුදලට යට නොවී, කොයි කා හටත් , පාට ජාතී, දුප්පත් පොහොසත්, මැති මන්ත්‍රි, නිල තළ වලට යට නොවෙන, රට ගැන හිතා යහපත් දේශයක් උදාකිරීමේ මහඟු චේතනාවෙන්, නීතිරීති පනවන්න.
මඩ වෙබ් අඩවි පාලනයට නීති සැකසීම හොඳයි. එනමුත් කිසියම් සේවාවක් සපයන ගුණාත්මක අගයක් ඇති කලාත්මක බවින් යුත් වෙබ් අඩවි සඳහා ලියාපදිංචියට රුපියල් ලක්ෂයක් අය කිරීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. මේ රටට විණිමය ගෙන එන විදේශ ගත ශ්‍රමිකයින් පිනවන වෙබ් අඩවි බොහොමයක් මේ නිසා වැසී යාමට හේතු විය හැකිය.විදේශ ගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙක් අන්තර්ජාලය භාවිතා කරති.තනිව දුරු රටක සිටිනා අයකුට අන්තර්ජාලය හොඳම මිත්‍රයකු වේ. එමඟින් රටේ තොරතුරු දැන ගැනීමට පාලුව තනිකම මකා ගැනීමට ඇති හැකියාව මේ නිසා බොඳ වී යැමට ඉඩ ඇත.
හොඳ වෙබ් අඩවි කෙසේ වෙතත් අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මම නම් කොයි එකටත් මල් වඩමක් ලෑස්ති කරලා තියා ගත්තා.
අතීසාරේට අමුඩය ගැහුවා වගේ; එහෙමත් නැත්නම් පැස්බරා ඔලුව වැල්ලේ සඟවගත්ත වගෙයි ..... මේ වගේ දෙයකට බදු අය කිරීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ, රජයෙන් අනුග්‍රහය දැක්වීමයි...නැත්නම් අපි සෑමදාම එකතැන නේද?
කණගාටුයි . මාධ්‍ය නිදහස නෑ...වෙබ් අඩවි වලටත් බලපත්‍ර ගන්න ඕන කියලා ඇහුවමයි මේ....
මොන බොරු වැඩද මේවා? අන්තර්ජාලයෙන් ඕනම .කොම් එකක් 1500කට ගන්න පුලුවන්නේ
ඊ ලඟට හුස්ම ගන්නත් කීයක් හරි ගෙවල ලියාපදිංචි වෙන්න වෙයි.
තව මඩ ගැසිලි වැඩි කර ගන්නවා වගේ
ගෙදර ඉන්න බල්ලවත් රුපියල් 10000ක් දීලා රෙජිස්ටර් කරන්න කියං තව ටික දවසකින්...
වෙබ් හොස්ටින්ග් වලට ගෙවන්න ඕනිත් 3000යි. මේ අය බලන්නේ කොහෙන් හරි මොකකින් හරි සල්ලි කඩා ගන්න.
රඡයක් උනාම හරි තීරණ අවශ්‍ය වෙලාවට ගන්න ඹ්‍න. මෙතන තිරණ ගන්න මිනිසුන්ගෙ මොලේ කළදක්වත් තියන බව පේන්නේ නැහැ. මොකද මඩ ගහන කෙනා ලක්ෂයක් නෙවෙයි කෝටියක් වියදම් කරල හරි එයාගේ වැඩය කරගන්නවා. සාමාන්‍ය මිනිහෙකුට දැන් වෙබ් අඩවියක් ආරම්‍භ කරන එකත් අහෝසි වෙනව මේ වැඩ නිසා
හරිම අසාධාරණයි
මඩ වෙබ් අඩවි මුවාවෙන් ගාණක් හොයා ගන්න වද්ද මේ හදන්නේ? අයියෝ සල්ලි.
ප්‍රවෘත්ති සම්බන්ධ වෙබ් අඩවි විතරයි නේද ලියාපදිංචි කරන්න අවශ්‍ය?
එතකොට වෙබ් අඩවියේ ලංකාව රෙජිස්ටර් නොකළොත් ඒත් 100000ක් ගෙවන්න වෙනවද?
මේකද මෙයාලගේ ඊ - ශ්‍රී ලංකා
ගොඩක් අයට ලෝකය ගැන කිසිම අදහසක් නැ. ඒ අය බලන්නෙ කියක් හරි හොයා ගන්න. වෙන කිසි දෙයක් නැ.