IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘විපක්ෂය තවත් කෙට්ටු වෙනවාලු’

දිසා ඇමතිවරුන් 44 ක් හා ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරු පත් කිරීමට ආණ්ඩුව සැරසෙතියි  පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

වරප්‍රසාද ලබා දී අවසන් වන විට විපක්ෂය තව සිහින් වනු ඇතැයි ද වෙල්ගම මහතා විපක්ෂ නායක කරන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් බාර දෙද්දී සිටි මන්ත්‍රීවරු 55 දෙනාගෙන් දැන් ඉන්නේ ඉතා සුළු පිරිසක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන වටහා ගන්න‍ා  තරමට ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ගැන තමන් තුළ ඇති අප්‍රසාදය අවම වෙමින් පවතින බවද ඔහු කීවේය.



අදහස් (0)

‘විපක්ෂය තවත් කෙට්ටු වෙනවාලු’

ප්‍රසාද් Tuesday, 22 September 2015 09:09 AM

අන්තිමට විපක්ෂයේ ඉතුරු වෙන්නේ ගම්මන්පිලයි වීරවංසයි විතරද දන්නේ නෑ. සමහරවිට මහින්ද මහත්තයත් විපක්ෂයෙන් යයි. (ම)

:       0       0

ගයාන් Tuesday, 22 September 2015 09:26 AM

ගම්මන්පිල මහත්තය ජේ.ආර් . නෙමේ , පිරිබාහරන් ගේ හොද කිවත් පුදුම වෙන්න එපා. වාසි පිලට තමා එයා. (බ)

:       0       0

ස්මිත් Tuesday, 22 September 2015 09:27 AM

කොහොමද මෛත්‍රී ගේ ගැටේ, ඔහේගේ දහන් ගැටෙය් වගේද..., හෙට අනිද්දා මහින්ද විශ්‍රාම ගියාම ඔබ දෙපලට වට්ටක්කා ගෙඩිය සමග සැතපෙන්න පුළුවන්...නිකන් දියාරු වෙලා ගියා නේද? අපරාදේ අර රුපියල් 100 අරන් පලාත් සභාවට වෙලා හිටිය නම්....(බ)

:       0       0

ඉන්දි Tuesday, 22 September 2015 09:38 AM

මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු (අ)

:       0       0

සරත් Tuesday, 22 September 2015 09:55 AM

බලය නැතිදා ඔක්කොම දේශපාලුවෝ බලය දෙසට අභිසාරී වෙන බව දැන්වත් වටහා ගන්න බලන්න. ජාතිවාදය සහ ආගම් වාදය වපුරන එක විතරක් දැනගෙන ඕක කරන්න බැහැ මිත්‍රයා. (බ)

:       0       0

කෝසල Tuesday, 22 September 2015 10:07 AM

ස්මිත් ඔයා සුද්දෙක් නිසා මොනවා වුණත් අවුලක් නැහැ නේද? ඔයා කරන දේවල් වල විපාක තියෙන්නේ තව ඉස්සරහට එතකම් ජොලියේ ඉමු (බ)

:       0       0

විජයබාහු Tuesday, 22 September 2015 10:11 AM

ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් තම සවිමත් විපක්ෂයක් තිබීම. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන් කවර කතාද (බ)

:       0       0

දහම් Tuesday, 22 September 2015 10:28 AM

තැටිය රත් වෙලා එක්කෙනෙක්නම් ලෙඩින්. ගයාන් ඔයාලත් වතුර රත්වෙනකම් නටන්න. ඊට පස්සේ ඉතින් අබ සරණයි. (බ)

:       0       0

දිමුත් Tuesday, 22 September 2015 10:30 AM

අහෝ ගම්මන්පිල නොදුටු මොක්පුර! (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 22 September 2015 11:05 AM

දිසා ඇමති කම් සභාපති කම් දෙන්න කට්ටිය මදිනම් දැන්වීමක් හරි දාන එක හොඳයි කියලයි මම හිතන්නේ. (හේ)

:       0       0

සරත් Tuesday, 22 September 2015 11:19 AM

අර කවුද කිව්වා වගේ අනුන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුව තරණය කරලා විපක්ෂයේ කෙට්ටුවීම ගැන චෝදනා කරන්නේ කාටද කියලා හිතලා බැලුවොත් නේද හොඳ? (නි)

:       0       0

ඇසළ Tuesday, 22 September 2015 11:46 AM

ඡන්දෙ දුන් අයට දැන් සතුටු ඇතිනේ. අනේ තාම රටට කිසිම බරක් නැහැ. (නි)

:       0       0

ශාලිත ප්‍රසාද් Wednesday, 23 September 2015 03:34 AM

මේක හරි වැඩක් නේ. පැත්ත පැනපු උන්ටත් බනිනවා. නොපැන ස්ථාවරේක ඉන්න මිනිහටත් බනිනවා. ගම්මන්පිල විමලේ කවදාවත් ඇමතිකම් බලාපොරොත්තු වුනාද? වුනානම් රෙද්දපල්ලෙ රිංගගන්න එපැයි. තමන්ගෙ ප්‍රතිපත්ති පාවා නුදුන් උතුම් දේශපාලකයන්ට නිගරු කරන්න එපා. කොතන වුනත් කිව යුතු දේ කෙලින් කියන, එකක් කියා අනෙකක් කරන මෛත්‍රී වගෙ කපටියො නෙවෙයි මේ දෙන්නා. (බ)

:       0       0

රෝහන Tuesday, 22 September 2015 12:21 PM

ගම්මන්පිල මහත්තයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

වසන්ත Tuesday, 22 September 2015 12:57 PM

ඕව හොරුන්ට නම් දෙන්න එපා. මරණ දඬුවම ඕනා.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 22 September 2015 01:47 PM

සමහරුන්ගේ දේශපාලන හැසිරීම විහිළුවක්. මේ කරපු කියපු හැම දෙයක්ම කා වෙනුවෙන්ද? ලැජ්ජාවේ බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site