දිසා ඇමතිවරුන් 44 ක් හා ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරු පත් කිරීමට ආණ්ඩුව සැරසෙතියි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
වරප්‍රසාද ලබා දී අවසන් වන විට විපක්ෂය තව සිහින් වනු ඇතැයි ද වෙල්ගම මහතා විපක්ෂ නායක කරන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් බාර දෙද්දී සිටි මන්ත්‍රීවරු 55 දෙනාගෙන් දැන් ඉන්නේ ඉතා සුළු පිරිසක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන වටහා ගන්නා තරමට ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ගැන තමන් තුළ ඇති අප්‍රසාදය අවම වෙමින් පවතින බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට විපක්ෂයේ ඉතුරු වෙන්නේ ගම්මන්පිලයි වීරවංසයි විතරද දන්නේ නෑ. සමහරවිට මහින්ද මහත්තයත් විපක්ෂයෙන් යයි. (ම)
ගම්මන්පිල මහත්තය ජේ.ආර් . නෙමේ , පිරිබාහරන් ගේ හොද කිවත් පුදුම වෙන්න එපා. වාසි පිලට තමා එයා. (බ)
කොහොමද මෛත්‍රී ගේ ගැටේ, ඔහේගේ දහන් ගැටෙය් වගේද..., හෙට අනිද්දා මහින්ද විශ්‍රාම ගියාම ඔබ දෙපලට වට්ටක්කා ගෙඩිය සමග සැතපෙන්න පුළුවන්...නිකන් දියාරු වෙලා ගියා නේද? අපරාදේ අර රුපියල් 100 අරන් පලාත් සභාවට වෙලා හිටිය නම්....(බ)
මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු (අ)
බලය නැතිදා ඔක්කොම දේශපාලුවෝ බලය දෙසට අභිසාරී වෙන බව දැන්වත් වටහා ගන්න බලන්න. ජාතිවාදය සහ ආගම් වාදය වපුරන එක විතරක් දැනගෙන ඕක කරන්න බැහැ මිත්‍රයා. (බ)
ස්මිත් ඔයා සුද්දෙක් නිසා මොනවා වුණත් අවුලක් නැහැ නේද? ඔයා කරන දේවල් වල විපාක තියෙන්නේ තව ඉස්සරහට එතකම් ජොලියේ ඉමු (බ)
ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් තම සවිමත් විපක්ෂයක් තිබීම. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන් කවර කතාද (බ)
තැටිය රත් වෙලා එක්කෙනෙක්නම් ලෙඩින්. ගයාන් ඔයාලත් වතුර රත්වෙනකම් නටන්න. ඊට පස්සේ ඉතින් අබ සරණයි. (බ)
අහෝ ගම්මන්පිල නොදුටු මොක්පුර! (බ)
දිසා ඇමති කම් සභාපති කම් දෙන්න කට්ටිය මදිනම් දැන්වීමක් හරි දාන එක හොඳයි කියලයි මම හිතන්නේ. (හේ)
අර කවුද කිව්වා වගේ අනුන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුව තරණය කරලා විපක්ෂයේ කෙට්ටුවීම ගැන චෝදනා කරන්නේ කාටද කියලා හිතලා බැලුවොත් නේද හොඳ? (නි)
ඡන්දෙ දුන් අයට දැන් සතුටු ඇතිනේ. අනේ තාම රටට කිසිම බරක් නැහැ. (නි)
මේක හරි වැඩක් නේ. පැත්ත පැනපු උන්ටත් බනිනවා. නොපැන ස්ථාවරේක ඉන්න මිනිහටත් බනිනවා. ගම්මන්පිල විමලේ කවදාවත් ඇමතිකම් බලාපොරොත්තු වුනාද? වුනානම් රෙද්දපල්ලෙ රිංගගන්න එපැයි. තමන්ගෙ ප්‍රතිපත්ති පාවා නුදුන් උතුම් දේශපාලකයන්ට නිගරු කරන්න එපා. කොතන වුනත් කිව යුතු දේ කෙලින් කියන, එකක් කියා අනෙකක් කරන මෛත්‍රී වගෙ කපටියො නෙවෙයි මේ දෙන්නා. (බ)
ගම්මන්පිල මහත්තයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
ඕව හොරුන්ට නම් දෙන්න එපා. මරණ දඬුවම ඕනා.(හේ)
සමහරුන්ගේ දේශපාලන හැසිරීම විහිළුවක්. මේ කරපු කියපු හැම දෙයක්ම කා වෙනුවෙන්ද? ලැජ්ජාවේ බැහැ (නි)