විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා දැන් ජාතිවාදී ආකල්පවලින් තොර බව ඔහුගේ කතාවලින් පෙනේ යැයි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියෝ ජාතික සංවාද ඇමැති මනො ගනේෂන් මහතා සමඟ අද පැවසූහ.
‘ඉස්සර ඔහුගේ කතාවලින් ජාතිවාදී හැඟීම් පෙනුණා. දැන් එහෙම නැති බවත් පෙනෙනවා. එය හොඳ ලක්ෂණයක්. උතුරේත් දකුණේත් ගම්වල මිනිසුන් අතර ජාතිවාදයක් නෑ. ජාතිවාදය පතුරන්නෝ දේශපාලනඥයෝ. ඔවුන්ගේ වාසියටයි එහෙම කරන්නේ.‘
ඇමැති පදවියේ වැඩ බාර ගැනීමෙන් පසු ගනේෂන් මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක දළදා සමිඳුන්ද වැඳ පුදා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් අවශ්‍ය මේ දේම තමයි (නි)
සම්බන්ධන් මහතා සතයක්වත් හොරකම් නොකරපු තමන් නියෝජනය කරන ජනතාවට අවංකව හිටපු දේශපාලඥයෙක්.. මේ වගේ අය 10 දකුණේ හිටියානම් වාසනාවක්..(ම)
වැරදි තේරුම්ගෙන ඒවා නිවැරදි කරගැනීමයි වටින්නේ (නි)
බොහොම සන්තෝෂයි මහත්තයෝ (නි)
මෙතුමා ගැන අපට විශ්වාසය තබන්න බැරිකමක් නැහැ. (නි)
එකනම් ඇත්ත හාමදුරුවනේ .ඔක්කොම හීල වෙලා යහපාලනෙන්..පුස් පැටව් වගේ අහිංසකයි..කට්ටිය පවු කරලත් නැහැ කරන්නෙත් නැහැ..බෙදුම්වාදය ජාතිවාදය බිඳක්වත් මෙයාලගේ ඇගේ ගැවිලා නැහැ..ඕව ඔක්කොම් තියෙන්නේ මහින්ද මහත්තය ගාව..එතුමාව දැන් එලව ගත්තනේ..ඇත්තම නිසා ලබපු විපක්ෂයත් මංකොල්ල කා ගත්තනේ..දැන් මේ රටට කිරි උතුරාවී...පාලකයෝ පාලිතයෝ හතරපෝයටම සිල් ගනීවි..මහින්ද මහත්තය නැනේ ආයේ යුද්දේ මතක් කරන්න..එහෙම ඉතිහාසයක් තිබුණ කියල මතක් කරන්න.(අ)
සිනහවෙන් හෝ කථාවෙන් බැ මනින්නට මිනිසා. (අ)
උතුරේත් දකුණේත් ගම්වල මිනිසුන් අතර ජාතිවාදයක් නෑ. ජාතිවාදය පතුරන්නෝ දේශපාලනඥයෝ. ඔවුන්ගේ වාසියටයි එහෙම කරන්නේ.......... මේක තමයි ඇත්ත. හැබැයි දැන්නම් අවස්ථාවාදී දේශපාලනඥයෝ විසින් බොහෝ අයගේ ඔලු ගෙඩි විකුර්ති කරලා, ජාතිවාදය කවල තියෙන්නේ. (සිංහල දෙමල දෙගොල්ලොගෙම) (අ)
රෑට ඩැනියෙල් දවල් මිගෙල්ද දන්නේ නැහැ. (ම)
එහෙම වෙනවා නම් කොච්චර සතුටක්ද? (නි)
සාදු සාදු සාදු ! (ම)
පාර්ලිමේන්තුවේ කිව්වා පළමු කතාව ඉල්ලා අස් කර ගත්තා ද දන්නේ නැහැ . (ම)
කැළේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ (ම)
අපේ හාමුදුරුවනේ අපි නම් විශ්වාස කරන් නෑ (ම)
අපේ රටේ ජාතිවාදය අවුස්සන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර දුරකතනයට සම්බන්ධ කෙනා සහ පිවිතුරු කෙනා. (ම)
අපේ හාමුදුරුවෝ රැවටුනාද.. ඔය කට්ටිය කරන දේ කියන්නේ නෑ (අ)
සුදාර මහතා හරි. සම්බන්දන් මහතා පමණක් නොවේ, ටි එන් ඒ ගොඩක් මන්ත්‍රීවරු වැදගත් උගත් උදවිය. ඒ වගේම එයාලා නියෝජනය කරන ජන සමුහය වෙනුවෙන් අවංකව වැඩ කරනවා. ඒ ගැන වාදයක් නැහැ. අවාසනාවට දකුණේ අපි පක්ෂ පාට බදාගෙන විහින් නැහෙනවා. ඔබතුමා 100% හරි. මම දන්නවා මේ ලිපියටත් අපේ කට්ටිය දෙකට බෙදිලා අදහස් දාවි. නමුත් කවුරු මොන අදහස් දැම්මත්, මේ රට බේරාගත්ත රණවිරුවන්ව දං ගෙඩියට යවන්න මේ රටේ බහුතර ගරු සංඝරත්නය නම් ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ජනතාවත් පාරට බහීවි (නි)
තමන් කළ වැරදි තේරුම් ගැනීම මොනතරම් හොඳද? (නි)