පාර්ලිමේන්තු විපක්ෂ නායක තේරීමට තමා හවුල් නොවන බවත් එය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සන්ධානයේ සුළු පක්ෂ නායකයන් සමග අද පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවකට තමන්ගේ කැමැත්තක් නැති බවයි.

එමෙන්ම ඉදිරි මැතිවරණවලදී එජාපය සමග එක්ව තරග කිරිමට සන්ධානය හා ශ්‍රීලනිපය එකතු  නොවන බවත් ඒක දේශපාලනමය වශයෙන් සාර්ථක දෙයක් නොවන බවත් ඔහු කීවේය.

 

 

වීඩියෝ - සනත් ඩෙස්මන්