පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
‘ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කවුද කියා මට දැන් හොඳට තේරෙනවා. මෙතන තියෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔබ සමගිව ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න.‘ යැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකට ගැටළුවක් ඇති කරන්නේ නම් ඒ එක්සත් ජාතික පක්ෂයෙන් බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
‘විපක්ෂ නායක කම ඕනෑ නම් ගන්න. පිටුපසින් සිට පිහියෙන් අනින්න එපා.‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපක්ෂ නායක තේරීම සුසිල්ට බාර දෙයි
සමන්ති Wednesday, 08 April 2015 02:43 PM
විපක්ෂ නායකට ගැටළුවක් ඇති කරන්නේ නම් ඒ එක්සත් ජාතික පක්ෂයෙන් බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවත් වැඩේ කරන්නේ කව්දැයි මුළු රටම දනී . (දී)
යොහාන් Wednesday, 08 April 2015 03:10 PM
සමන්ති කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක් (දී)
විජයබාහු Wednesday, 08 April 2015 03:17 PM
කතානායක ඇඟ බේරගත්ත(දී)
විදුර Wednesday, 08 April 2015 03:33 PM
නියමයි සමන්ති! ඔය කියලා තියෙන්නේ ටක්කෙටම. බලයට තිබෙන ආශාවට දිය යටින් ගින්දර ගෙනියනවා කියල තමයි අපිටත් පේන්නේ. (බ)
ගාමිණී Wednesday, 08 April 2015 03:34 PM
පාර්ලිමේන්තුව විසුරුවා හරින්ඩ , එතෙක් නිමල් මහත්තය හොඳයි විරුද්ධ පක්ෂ නායකකමට (බ)
ඇසළ Wednesday, 08 April 2015 03:38 PM
ඔතන ඉන්න කිසිම කෙනෙක් ඔය වැඩේට සුදුසු නැහැ. ඉක්මනින්ම ඡන්දයක් තියල තෝරා ගත්ත නම් තමයි හොද. මොකද ඔක්කොම කිසි දෙයක් නොදන්නා බලයට තනතුරු වලට කැමති දේසපාලුවෝ. (බ)
සමන් වන්නිආරච්චි Wednesday, 08 April 2015 03:52 PM
නිමල් සිරිපාල ද සිල්වා මහතා රනිල් සහ මෛත්‍රී තෝරපු විපක්ෂ නායක. ඒ කියන්නේ විපක්ෂ නායකත් ආණ්ඩු පක්ෂයේ. එහෙම විපක්ෂ නායක කෙනෙක් රටකට වැඩැක් නෑ. කුමන්ත්‍රණයක් මගින් සුළුජාතික ඡන්ද පදනමෙන් හා බටහිර සහ ඇමරිකානු බලපෑමෙන් ජනාධිපතිවරයා පත්කරගෙන දැන් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ බලය අත්පත්කර ගැනීමට වලිකන්නේ කවුද කියා රටම දන්නවා. (බ)
රනිල් Wednesday, 08 April 2015 05:11 PM
නරියට කුකුල්ලු බරදුන්න වගේ (ස)
කුරුවිට Thursday, 09 April 2015 06:25 AM
මට නම් පෙනෙන විදියට විපක්ෂයකුත් නැහැ, නායකකමට සුදුස්සෙකුත් නැහැ (නි)
උදිත් Thursday, 09 April 2015 06:57 AM
ඕකට හරි යන්නේ රනිල් මහත්තයම තමයි,මොකද එයාට තමයි හොදටම පළපුරුද්ද තියෙන්නේ.(බ)
නාලක Wednesday, 08 April 2015 02:12 PM
ඉස්සරහට ලංකාවේ දේශපාලනයට මොනවා වෙයිද කාට හරි කියන්න පුලුවන්ද (දී)
වසන්ත Wednesday, 08 April 2015 02:33 PM
නිමල් මහත්තය තමයි සුදුස්සා (දී)
සමිර Thursday, 09 April 2015 08:47 AM
සිරිපාල.....සිරිපාල.......අයියෝ සිරිපාල.(ම)