පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
‘ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කවුද කියා මට දැන් හොඳට තේරෙනවා. මෙතන තියෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔබ සමගිව ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න.‘ යැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකට ගැටළුවක් ඇති කරන්නේ නම් ඒ එක්සත් ජාතික පක්ෂයෙන් බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
‘විපක්ෂ නායක කම ඕනෑ නම් ගන්න. පිටුපසින් සිට පිහියෙන් අනින්න එපා.‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායකට ගැටළුවක් ඇති කරන්නේ නම් ඒ එක්සත් ජාතික පක්ෂයෙන් බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවත් වැඩේ කරන්නේ කව්දැයි මුළු රටම දනී . (දී)
සමන්ති කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක් (දී)
කතානායක ඇඟ බේරගත්ත(දී)
නියමයි සමන්ති! ඔය කියලා තියෙන්නේ ටක්කෙටම. බලයට තිබෙන ආශාවට දිය යටින් ගින්දර ගෙනියනවා කියල තමයි අපිටත් පේන්නේ. (බ)
පාර්ලිමේන්තුව විසුරුවා හරින්ඩ , එතෙක් නිමල් මහත්තය හොඳයි විරුද්ධ පක්ෂ නායකකමට (බ)
ඔතන ඉන්න කිසිම කෙනෙක් ඔය වැඩේට සුදුසු නැහැ. ඉක්මනින්ම ඡන්දයක් තියල තෝරා ගත්ත නම් තමයි හොද. මොකද ඔක්කොම කිසි දෙයක් නොදන්නා බලයට තනතුරු වලට කැමති දේසපාලුවෝ. (බ)
නිමල් සිරිපාල ද සිල්වා මහතා රනිල් සහ මෛත්‍රී තෝරපු විපක්ෂ නායක. ඒ කියන්නේ විපක්ෂ නායකත් ආණ්ඩු පක්ෂයේ. එහෙම විපක්ෂ නායක කෙනෙක් රටකට වැඩැක් නෑ. කුමන්ත්‍රණයක් මගින් සුළුජාතික ඡන්ද පදනමෙන් හා බටහිර සහ ඇමරිකානු බලපෑමෙන් ජනාධිපතිවරයා පත්කරගෙන දැන් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ බලය අත්පත්කර ගැනීමට වලිකන්නේ කවුද කියා රටම දන්නවා. (බ)
නරියට කුකුල්ලු බරදුන්න වගේ (ස)
මට නම් පෙනෙන විදියට විපක්ෂයකුත් නැහැ, නායකකමට සුදුස්සෙකුත් නැහැ (නි)
ඕකට හරි යන්නේ රනිල් මහත්තයම තමයි,මොකද එයාට තමයි හොදටම පළපුරුද්ද තියෙන්නේ.(බ)
ඉස්සරහට ලංකාවේ දේශපාලනයට මොනවා වෙයිද කාට හරි කියන්න පුලුවන්ද (දී)
නිමල් මහත්තය තමයි සුදුස්සා (දී)
සිරිපාල.....සිරිපාල.......අයියෝ සිරිපාල.(ම)