ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සහාය පළ කරමින්, නෙදන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලය සමඟ එක් වී සිටි විපක්ෂ ඊශ්‍රායල විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් එම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.
නිමාවක් නොමැති ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ රජය කෙරෙහි ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව පෙන්වා දෙමින්, කඩිනමින් මැතිවරණයකට යා යුතු බව ද පවසමින් විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් යුද කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. ග්‍රෑන්ට්ස් විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමෙන් පසු අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ ප්‍රධානත්වයෙන් යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සිදුවිය. ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දීම සිදුවූයේ එම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දීමට තීරණය කළ සැණින්, විපක්ෂ නායක ග්‍රෑන්ට්ස් සහ ඔහුගේ පක්ෂය එකපයින් නෙදන්යාහු ප්‍රමුඛ රජයට සහාය ලබා දුන්නේය. ග්‍රෑන්ට්ස් යුද කැබිනට් මණ්ඩලය සමඟ එක් වූයේ ඉන්පසුවය.
යුද ගැටුම් මැද නෙදන්යාහු පිහිටුවූ හදිසි රජයට (යුද කැබිනට් මණ්ඩලය) අප සහාය දීමට පියවර ගත්තා. තීන්දු තීරණ ගැනීමේ දී එය අගමැති නෙදන්යාහුට ශක්තියක් වුණා. එසේ වුවත් යුද්ධයේ සැබෑ ජයග්‍රහණයක් කරා යන බවක් පෙනෙන්න නැහැ. ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වෙලා'' යැයි ඉල්ලා අස්වන බව පවසමින් ග්‍රාන්ට්ස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
ග්‍රාන්ට්ස් නියෝජනය කරන ‘ඊශ්‍රායල රෙසිලියස්න්’ පක්ෂය මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සමන්විතය. නෙදන්යාහු අන්ත දක්ෂිණාංශික දේශපාලන මතධාරියෙකි. ග්‍රාන්ට්ස් පවසා ඇත්තේ, කඩිනමින් මහ මැතිවරණයකට යෑම වහා කළ යුතු බවය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපක්ෂ නායක ග්‍රාන්ට්ස් යුද කැබිනට්ටුවෙන් යයි
kotiya Wednesday, 12 June 2024 05:07 AM
අනුර කුමාරගෙන්ද කොහේද උපදෙස් අරගෙන තියෙන්නේ. 2006දී අනුර කුමාරත් ඔය ගොන් වැඩේම කළා...