විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා යුද හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූ බවට යුද හමුදාවෙන් පොලිසියට පැමිණිල්ලක් කර නැතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
ඔහු කඳවුරට ගිය පසු හමුදා ප්‍රධානියෙක් ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති සමග දුරකතනයෙන් සාකච්ඡා කර තිබූ බවත්, ප්‍රභූවරයා නොදන්වා පැමිණියහොත් ඇතැම් විට ඔහු යුද හමුදා ක්‍රියාවලියේදී ඔහු අපහසුතාවට පත් විය හැකි බවත් ජයවීර මහතා කීවේය.
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේ මෙය ප්‍රායෝගික ගැටළුවක් බවයි. සම්බන්දන් මහතා කඳවුරට යෑම ප්‍රභාකරන් කඳවුරට යෑම සේ නොලසකන ලෙස ද ඇමැතිවරයා කීවේය. යුද හමුදා කඳවුරුවලට ප්‍රභූවරුන් ගිය විට ඔවුනට හොඳට සලකන බවත්, හදිසියේ ගියහොත් එලෙස සැලකීමට නොහැකි වී ප්‍රභූවරයා අපහසුතාවට පත් වීමට ඉඩ ඇති බවත්, වෙන ගැටළුවක් ඇති වී නැති බවත් සේනාරත්න මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙම සිද්ධි වෙනකන් බලන් ඉන්නේ.(හේ)
මට මතක් වෙන්නෙම 2002-04, හමුදාව බැඳලා හිරකරලා තිබ්බ කාලෙ. (අ)
කොන්දක් අවශ්‍යයි (අ)
මේවාට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ත්‍රස්ත නායකයාට “මැතිතුමා“ කී අයත් අපි අතරම හිටියනේ! (නි)
දැන් මෙවෙනි දේවල් වෙන එක පුදුමයක් නොවේ (හේ)
සමහර කට්ටියට නම් හරි හිනා. අනේ අපේ හමුදාවට ගිය කලක්! (නි)
ජනතා සේවකයෝ කියලා එන්නේ. දැන් ඒගොල්ලෝම ඒගොල්ලන්ට ප්‍රභූවරුන් කියා ගන්නවා. මිනිසුන්ගේ සල්ලි වලින් කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ගන්න නිසා වෙන්න ඇති. (නි)
මේ වෙනකොට ප්‍රභාකරනුත් හිටියා නම් ප්‍රභූවරයෙක් කියලා කියන කට්ටිය හිටියි (නි)
එතකොට අපි බලෙන් ගියත් මෙහෙමද සළකන්නේ? අහෝ! යුද්ධයට,කොටියාට මුහුණදුන් රණවිරුවන්ට ගිය කල! (නි)
මේ ඊයේ පෙරේදා දවසක රජයේ නාලිකාවකට ආ එක්තරා දේශපාලකතුමෙක් නම් කිව්වා වගේ මතකයි පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා. (නි)
මට පහුගිය කාලේ අර කෙනෙක් ගස්බැඳගත් කතාව මතක්වුණා (නි)
මේ කතා අහනකොට හමුදාව ගැන අපිට කණගාටුවක් ඇතිවෙනවා නේද? මුරපොළ අසළදී ප්‍රශ්න නොකර ඇයි ඇතුළට අනවසරයෙන් යන්න දුන්නේ? (නි)
තමන් තමන්ටම ප්‍රභූවරුන් කියා ගන්නවා.අනේ මේවාගේ අය නේද අපි ජනතා සේවයට පත් කරගත්තේ (ම)
අනේද කියන්නේ සමන්ත, මේගොල්ලන්ගේ වාහන පර්මිට් පිටරට සවාරිවලට සල්ලි ඕන හින්ද වැට් වැඩි කරලා අපිට කියයි සීනි ඇගට හොද නැති නිසා සීනි මිල වැඩි කළා කියල. මිනිස්සු කන්ඩ නැතුව අපා දුක් විදිනවා. රටේ 50% ක් විතර ඌන පෝෂණයෙන් පෙළෙනවා. ගොඩක් මිනිස්සුන්ට බත් පත ගන්න සල්ලි නැහැ. පොඩ්ඩක් දුෂ්කර පළාත්වලට ගිහින් බලන්න මිනිස්සු විදින දුක. සීනි ග්රෑම් 100, තේකොල ග්රෑම් 50 ඔහොම තමයි මිනිස්සු බඩු ගන්නේ. මෙහෙම 226 කට වාහන පර්මිට් දෙන්න මිනිස්සු දහ දුක් විදින එක කොච්චර අසාධාරණද? මෝඩ මිනිස්සු ටිකක් අල්ලාගෙන මේ දෙස්පාලුවෝ දෙපැත්තට හුරේ දාගෙන ඉන්නවා. (බ)
ප්‍රශ්නය තියෙන්නේ, දුක තියෙන්නේ, අපේ හමුදාවට සම්බන්ධන් ආවේලාවේ කිරිබත් කෑල්ලක් කන්න දීල හොඳට සලකන්න බැරි උනානේ. අපේ හමුදාවට ගිය කලක්? (බ)
යහපාලන ආණ්ඩුව අපේ යුධ හමුදාවෙත් කොන්ද කඩල වගේ මට පේන්නේ. රාජිතනම් ඉතිං කොහොමත් බොරුනේ කියන්නේ. (බ)
එහෙනම් දැන් පැමිණිලි කරන්න. (ර)
මට හිතෙනවා හමුදාව කළ දේ හරි. බැරිවෙලාවත් යන්න නොදුන්නා නම් මේ ආණ්ඩුව එ්කටත් හමුදාවට දොස් පවරනවා. හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව විසින් මිසක්, හමුදාව විසින් ආණ්ඩුව පාලනය කරන්නේ නැත. වැල යන අතට මැස්ස ගහන එක දෙන කරන්න වෙලා තියෙන්නේ. අපේ රට ගෙන හරි දුකක් දැනෙනවා (බ)
ඔන්න තවත් දුස්රා පන්දුවක්.මේ ඔක්කොම එවුන්ට මම දන්නේ නැහැ මට මතක නැති ලෙඩේ තමයි බෝ වෙලා තියෙන්නේ.(බ)
දැන් හමුදා ප්‍රකාශක මහත්තයත් පෙත්තප්පු කෙනෙක් වෙලාද..(බ)
පැමිණිලි නොකරන්නේ කරලා වැඩක් නැති නිසා කියලා තේරෙන්නේ නැද්ද.(හේ)
මේක මහ පුදුම කතාවක්. හමුදා කදවුරකට කෙනෙක් බලෙන් ඇතුලු වුවහොත් හමුදාව කළ යුත්තේ පොලීසියට ගොස් පැමිණිලි කිරීමද? හමුදාවට බලයක් හෝ ශක්තියක් නැත්ද කදවුර ආරක්ෂා කරගන්න.(හේ)
2002 දීත් අපට මතකයි සාම ගිවිසුම වෙලාවේ හමුදාවේ කොල්ලන්ට රෙද්ද උස්සල පස්ස පෙන්න්නුව ?එ්කේ 2 කොටස තමයි දැන් රග දක්ක්වෙන්නේ?හරිම කණගාටුයි (බ)
සිංහල හමුදා කඳවුරකට ගිහිල්ලත්,මෙරෙන්නේ මෙතුව පණපිටින්ආ පු එකට සම්බන්ධන් මැතිතුමා හමුදාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලද ඔය කියන්න එන්නේ? (බ)
ඔව් ඉතින්,,එපා කිව්වට පස්සේ මොන පැමිණිලිද කිව්වලු...(කෞ)