යහපාලනයක් හා මිනිස් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ නැතැයි විපක්ෂය කියනවා. එසේ නම් උතුරේ ඡන්දය පවත්වන්නේ කෙසේද? උතුරේ ඡන්දය පවත්වන්තේ රජය යහ පාලනය ගෙන යන නිසයි. මිනිස් අයිතිවාසිකම් සුරකින නිසයි. ඕනෑ කෙනකුට ඕනෑතරම් නිදහස ශ්‍රී ලංකාවේ තිබෙනවා.‘ මහින්ද රාජපක්ෂ ජනපති එසේ පැවසුවේ වාරියපොල ලෙන්මලු රජමහා විහාරයේ උත්සවයකදී ය.
විහාරයේ බෝධි ප්‍රාකාරය වටා රන් වැටක් ද, දාන ශාලාවක් ද, ඝාණ්ටාර කුලුන ද ජනපති අතින් විවෘත විය.
උටුගම බුද්ධරක්කිත අස්ගිරි මහනාහිමියෝ මුලසුන දැරීය.
දරුවන් දහම්පාසල් යවා ආගම දහමට නැඹුරු කරන ලෙසත් ජනපති මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුෂන් ගුරෙක් කියනවා ළමා අපචාර වෙන්නේ ආගමික ස්ථාන වලදී , දහම් පාසල් ගියාම ත්‍රස්තවාදී වෙනවා, ඒ නිසා ලමින්ව හදා ගන්න ඕනෙනම් ඉරිදට ටියුෂන් යවන්න කියල . (දී)
ඡන්ද තියෙනවනම්,රටේ විරුද්ද පක්ෂයන් තියෙනවනම්,රාජ්‍ය විවේචන වලට නාලිකා මගින් ඉඩ තියෙනවනම්,ඕන කෙනෙකුට ජීනිවා යන්න පුලුවන්නම්..අන්තර ජාලය හරහා රජය විවේචනය කරන්න පුලුවන්නම්.. (දී)
ලංකාවේ දේශපාලනය ගැන නම් මම සාමාන්‍යයෙන් කතා කරන්න කැමති නැහැ (දී)
ලංකාවේ විපක්ෂයක් නැතිනිසා ඔය වගේ කතා කියනවා
ඇයි මේ වගේ දේවල් කියවන්නේ? (නි)
කතාවනම් ඇත්ත... මොකද කරන්නේ ඉතින් අපි (දී)
එතකොට දුෂණ හෙළිකරන මාධ්‍යෙව්දීන් මරා දාන එක අතුරුදන් කිරීම .උද්ගෝෂණ වලට වෙඩි තැබීම .අපේ සල්ලි කෝටි ගණන් නාස්ති කිරීම .පිටරට බැංකු වල කලු සල්ලි තැන්පත් කිරීම.(නදී)
කවදත් උනේ ඕකමනේ (දී)
සුමන මානවඩු මහත්තයා, කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන්නේ කාගේද කියලා කිව්වොත් තමයි හොඳ. ඔබතුමා කියන දේ පැහැදිලි මදි (නි)
මෙහෙමයි අපි ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන්න ඕනේ ආණ්ඩුව පෙරලන්න නොවෙයි රටක් නිවැරදිව ඉස්සරහට යන්න (දී)
මේ රටේ ජනතාව ඉතා අසරණයි, ගරු විපක්ෂ නායක තුමනි සියල්ල එකතු කොට (වික්‍රමබාහු ) අර, හොඳ ප්‍රබල විපක්ෂයක් ඉක්මනින් හදන්නද? (නදී)
අපිට පිලි ගන්න සිද්ද වෙනවා ඔබේ කතාව (දී)
ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත....හැමොම මෙය තෙරුම් ගන්නවා නම් ගොඩක් හොදයි.... (දී)
මිනිපේ මහත්තයෝ, ඔය මොනවා පුළුවන් උනත් වැඩක් නැහැ. අවුරුදු ගානක් වේලි වේලි ඉදල තව අවුරුදු ගානක් වේලෙන්න වෙන බව දැක්කම අපි ඔතන හිටියනම් අපිට උනත් ඔය ටික හිතෙනවා.(නදී)
මහින්ද මහත්තයා නැත්නම් අපේ කටෙත් වෙඩි උන්ඩ තමයි.(නදී)
ඔය , කියන කට්ටියට පුළුවන් නම් එක කිලෝ මීටරයක් තනියම ගිහිල්ලා පෙන්නන්න (නි)
නියම ඇත්ත කථාවක් ඔබ තුමා කරල තියෙන්නෙ (දී)
ප්‍රජාතන්ත්‍රවාදයේ හස්තය වන්නේ චන්දයයි.ඒක මේ විපක්ෂෙට තේරුම් ගන්න බෑ (දී)
ලොක්කට බයේ මගේ අදහස පළ නොකරපු එකට තුති. නමුත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි මිනිස් අයිති වාසි කම් නිසා වෙන්න ඇති ශිරාණි බණ්ඩාරනායකගේ නිලය අයින් කලේ. ජෙනරාල් තුමාගේ තරු පටි ගලවලා දේශපාලනය කරන්න බැරිවෙන්න දාල තියෙන්නේ. මම හිතන්නේ තාමත් ජෙනරාල්ට බයේ වෙන්න ඇති.(නදී)
රනිල් කියන ඒවා ගණන් ගන්න එපා. කවදත් කීවේ හරුප.(නදී)
මොකද්ද විපක්ෂයේ කාර්ය භාරය (දී)
උතුරු කොරියාවෙත් ඡන්ද තියන්නේ.(නදී)
පෙරුමාල් හරි. එක ලොකු පොහොසතෙක් හිඟන්නෙකුට කිව්වලු, "බලනවා, තමුසෙට ඕනෑම පාරක ඕනෑම පිට්ටනියක වැටිලා නිදාගන්න නිදහසත් අයිතියත් තියෙනවා නේද? මටත් ඕනෑම පාරක ඕනෑම පිට්ටනියක වැටිලා නිදාගන්න නිදහසත් අයිතියත් තියෙනවා. දැන් පේනවා නේද ලොකු පොඩි භේදයක් නැතුව අපි කවුරුත් නිදහසත් අයිතියත් බුක්ති විඳින බව.(නදී)
සුමනා මානවඩු ඔබ ගැන මට ඉතා කනගාටුයි.(නදී)
ලංකාවට කෝ ශක්තිමත් විපක්ෂයක් (දී)
එදිරිසිංහ මහතා, මගේ අදහසට කණගාටු වෙන්න එපා.සත්‍යය එයයි.ඊට අමතරව රෝහණ මහතාගේ අදහස් දැක්වීම කියවන්න.එතකොට ඔබට හොද වැටහීමක් ලැබෙයි. (නි)
කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා (දී).
පව් රනිල්ට දැන් කියන්න දෙයක් නැත (දී)
සහෝදර මානවඩු මගේ අදහස වුයේ ගරු ජනපති කම පත් කරන්නේ සමස්ත ශ්‍රී ලංකා වාසීහු අපිය එතුමට අපේ ගෞරවය ඒ නිසා දීම අපේ යුතුකමකි.(නදී)
අපේ රට දේශපාලනික වශයෙන් කුලල් කාගන්න හැටි දුටුවම හිතෙන්නේ අපි තමයි මේ වරද කළේ කියලා. (නි)
ඉතින් විපක්ෂේත් මොනවාහරි කියන්න එපාය.(දී)
අපේ රටේ නිතිය ගැන මට නම් කිසිම විශ්වාසයක් නැහැ (දී)
ඡන්දයක් තිබූ පමණින් මිනිස් අයිතිවාසිකම් සහ යහපාලනය තිබේනම් ජේ ආර් ගෙ කාලෙත් යහපාලනය හා මිනිස් අයිතීන් තිබූ බව පිලිගන්නවා. (දී)