IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වප් පෝදා අරන්තලාවේ සිල්

අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වු ස්ථානයේදී ප්‍රථම වතාවට  අද (18) පිරිසක් පෙහෙවස් සමාදන් වුහ.

ඔවුන් තෙලවල හා  මොරටුව යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝය.තෙලවල ගම්මානයේ පදිංචි ජී සි ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවකදී මෙම ස්ථානයට පැමිණ අරන්තලාව ඡාත්‍යන්තර භික්ෂු මධ්‍යස්ථානාධිපති  උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිදිවැල සෝමරතන හිමියන්ගෙන් අවසරය ලබාගෙන සිය ගම්වාසීන් රැගෙන අවුත් මෙසේ සිල් වැඩසටහන සම්පාදනය කළේය.

භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා වතුර ටැංකියක් හා අධාරකයක්ද  ඔවුහු පිරිනැමුහ.

1987 ජුනී 2 වැනිදා  කොටි ප්‍රහාරයයකින් භික්ෂු 31 නමක් ඝාතනයට ලක් වුහ.

 

.



අදහස් (0)

වප් පෝදා අරන්තලාවේ සිල්

ජගත් Friday, 18 October 2013 06:29 PM

අපේ අහවල් ඇමතිතුමාට මේ සිද්ධිය මතකද දන්නේ නැහැ (නි)

:       0       0

සොයිළ Friday, 18 October 2013 06:42 PM

1991-93 වකවානු වලදී ඔය කියන ස්ථානයේ මම රාජකාරි කළෙමි. ඇත්තටම ඔය තැන රාත්‍රී රාජකාරී කිරීමේදී මහා මුසලකමක් පාළුවක් දැණුනි.නැවතත් යන්න බලාපොරොත්තු වෙමි (නි)

:       0       0

අතුල Friday, 18 October 2013 06:50 PM

සාදු!!! සාදු !!! (අ)

:       0       0

සරත් Friday, 18 October 2013 06:56 PM

පුළුවන් තරම් මේ වගේ සිද්ධස්ථාන නිර්මාණය කරන්න (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 19 October 2013 09:17 AM

මේ ඝාතනයට අන දීපු සම්බන්ද උණු හෝ යන්තම්වත් අනුබලයක් දීපු සියල්ලන්ටම මේ ආත්ම බවයේදීම මේ පාපකර්මය කුමන හෝ ආකාරයකට පඩිසන් දෙනවා. බොදුනුවන් හැටියට අපිට එම විස්වාසය තියෙනවා..සමහරු කියන විදියට ඇමතිතුමාගේ අනුදැනුම මේකට තිබුනානම් අද කොච්චර සැප වින්දත් හෙට කර්මය එයාව සොයාගෙන එන එක ඉස්තිරයි. බේරෙන්න ලැබෙන්නේ නැහැ..කවදාවත් ස්වබාවික මරණයක් උරුම වෙන්නේ නැහැ..(නදී)

:       0       0

ජානු Friday, 18 October 2013 07:14 PM

සාදු සාදු සාදු! අපි දන්නවා නම් අපිත් එනවා සිල් ගන්න.මේ වගේ සිද්ධස්ථාන ගොඩනගන්න ඔය ඇමතිලාට බැරිද? (නි)

:       0       0

චමල් Friday, 18 October 2013 07:36 PM

අපේ දේශප්‍රේමී ඇමතිතුමාට දේශප්‍රේමී අපේ ප්‍රණාමය! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 18 October 2013 09:06 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 20 October 2013 02:56 AM

මේ අවාසනාවන්ත සිද්ධිය පින්තූර සමග ළඟදි ආපු පිල්ලෙට පෙන්නුවේ නැද්ද? සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!!! (නි)

:       0       0

චන්ද්‍රරත්න Saturday, 19 October 2013 02:01 PM

මොන අමාරු කම් තිබුනත් මිනිස්සු මේ රජයට ඡන්දෙ දෙන්නේ පසුගිය කාලකන්නි කොටි කල දේවල් මතකේ තියෙන නිසයි (අ)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 19 October 2013 01:36 AM

මේ අපරාධය කළ අයට අනන්ත කල්පයක් නිරයේ දුක උරුම බව ඒ අය නොදන්නා නිසා මෙවැනි භයානක අපරාධ සිදුවේ.බොදුනුවන්ගේ යුතුකම සමාජය දැනුවත් කිරීමයැයි සිතමි. (නි)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 04:35 AM

අපේ දේශප්‍රේමී ජනතාවට එදා වුණු භික්ෂු ඝාතනය ටික ටික මතකයෙන් ඈත් වී ගෙන යයි.ඒ වගේ භීෂණ සමයක් තිබුණා ද කියලාවත් මතකයේ නැත. (නි)

:       0       0

ජගත් Saturday, 19 October 2013 07:00 PM

අනේ බන්දුල ඔයාටත් අමතක වෙන හැටි. ඔය ඝාතන කරේ කවුද කියල අපි හැමෝටම මතකයි. දැන් එකතු වෙලා ඉන්න පක්ෂෙක, ප්‍රධාන ඇමති කෙනෙක් කෙලින්ම සම්බන්ද වෙලා හිටිය මේ ඝාතනයට. දැන් වත් මතකද. ආණ්ඩුවට ඔය තරම් කඩේ ගියාම නරක නැත්ද? (අ)

:       0       0

විකී Tuesday, 22 October 2013 07:50 PM

මොන දේ වෙන්නෙත් හොදටයි. ( මහත්මා ගානදී තුමා ) අපි කිසිවෙකුට වෛර නොකරමු. එහිදී දිවංගත සියලු දෙනාටම අපි නිවන් සුව පතමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site