කෝට්ටේ විහාරස්ථානයක බුදු මැදුරකින් සොරාගත් බුදු පිළිම පහක් සමග කාන්තාවක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මෙම කාන්තාව දිනපතා බුදුන් වැඳීම සඳහා බුදු මැදුරට ඇතුළුවී බුදු පිළිමය බැගින් සොරාගෙන යතුරුපැදියකින් රැගෙන ගිය බව කියති.
බුදු පිළිම අතුරුදන් වෙන බව දැනගත් පන්සලේ හිමි නමක් අවධානයෙන් සිට කාන්තාව අල්ලා ගෙන ඇති අතර එසේ සොරාගත් බුදු පිළිම නිවසේ කාමරයක සඟවා තිබියදී සොයාගෙන ඇත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.