කෝට්ටේ විහාරස්ථානයක බුදු මැදුරකින් සොරාගත් බුදු පිළිම පහක් සමග කාන්තාවක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මෙම කාන්තාව දිනපතා බුදුන් වැඳීම සඳහා බුදු මැදුරට ඇතුළුවී බුදු පිළිමය බැගින් සොරාගෙන යතුරුපැදියකින් රැගෙන ගිය බව කියති.
බුදු පිළිම අතුරුදන් වෙන බව දැනගත් පන්සලේ හිමි නමක් අවධානයෙන් සිට කාන්තාව අල්ලා ගෙන ඇති අතර එසේ සොරාගත් බුදු පිළිම නිවසේ කාමරයක සඟවා තිබියදී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැරහීමට ලක් නොකළ යුතු මේ කාන්තාවගේ මානසික ස්වභාවය පිළිබඳව සොයාබලා ප්‍රතිකාර කලයුතුවේ. (ම)
කිසිම කරදරයක් නැතුව ගෙදරට වෙලා නිදහසේ වදින්න වෙන්න ඇති නේද. අනේ මෙහෙම පව්කාරියෝ. (බ)
අනේ මෙහෙම ආසාවක් ,මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (බ)
අම්මප මෙහෙමත් ගැණු. මුන්ට ගහන්න ඕන මඩුවලිගෙන්. (බ)
මේක සාමාන්‍ය සිද්ධියක් නොවේ. මෙය පිටුපස තවත් හොර කල්ලියක් සිටිනවා වියහැකියි (නි)
ආගමට වංචා කිරීමත් මහා පාපයකි. මෙම තැනැත්තිය විශාල අකුසලයක් කරගත් නිසා නැවත මනුසත් ආත්මයක් ලබාගැනීමට ඇති අවස්ථාව තවත් දුෂ්කර කරගෙන ඇත. (නි)