දකුණු පළාතේ අතිරේක දිසා විනිසුරුවරියකගේ මෝටර් රථයක ටයර්වල හුළං ඇරියේයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසු වූ හේමමාලා ගුණසිංහ නම් කත රුපියල් පනස් දහස බැගින් ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියම කළේය.
පසුගිය 26 වැනි දා ගම්පහ නගරයේ ආයතනයක් ඉදිරිපිට විනිසුරුවරියගේ රිය නතර කර තිබූ බවත්, එම නිසා එම කාන්තාවගේ නිවසට යන පාර අවහිර වී තිබූ බවත් අධිකරණයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුවරිය හිතාගෙන ඉන්න ඇත්තෙ එයා ඉන්නේ උසාවියේ කියලා වෙන්න ඇති (නි)
නීතිය සමග ගනුදෙනු කරන කෙනා වැරදි වැඩක් කරලා.වෙන රටක නම් හිරේ යන්නේ විනිසුරුවරිය තව දඩයකුත් එක්ක. (නි)
හුළං ඇරි එකේ වරද මොකක්ද එතකොට? (නි)
මෙවැනි අය අනෙක් අයට ආදර්ශමත්ව කටයුතු කළ යුතුවේ. ගෙදරට යන්නේ උඩින්ද? විනිසුරු නිසා වෙන්න ඇති තමාට හිතුන දේ කරන්න ඇත්තේ (නි)
මේ වගේ වැරදි ප්‍රාථමික මට්ටමෙන් ඒ කියන්නේ උසාවි නොදා සමථ මණ්ඩල මගින් හෝ පොලිසි මගින් හෝ විසදීම කරනවා නම් හොදයි (නි)
ප්‍රේමරත්න මොළේ නැහැ කිවුවේ කාටද? (නි)
මේක පුදුම වැඩක්නේ (නි)
විනිසුරුවරයෙක් වුණා නම් තත්ත්වය වෙනස් වෙන්නටත් තිබුනා (නි)
ඔවුන්ගේ වාහනයට ඔහොම කළා නම් අහිංසක අපේ වාහනවලට මොනවා නොකරයිද? (නි)
හදිසියේවත් ඕක මන්ත්‍රී කෙනෙක් කළා නම්? (නි)
අනේ කපිල, එහෙම කතාකරන්න එපා (නි)
රතුපස්වල පාර අවහිර කිරීම පිළිබදව හුගක් අය කතා කළේ නොකළ යුතු ක්‍රියාවක් ලෙසයි. හේතුව රෝගියකු හදිස්සියේ රෝහලකට රැගෙන යාමේදී සිදුවන බාධාව එම රෝගියාගේ ජීවිතය අනතුරට පත්වීමට වැඩි ඉඩකඩක් ඇති නිසා. මේ සිදුවීමේදී මෙම නිවසේ යම් හදිස්සි අවස්ථාවක් සිදුවුණා නම් මේ නිවසට යන පාර අවහිර කරළ විනිසුරුතුමියට තරන සැළකීමේ ආකාරය අනුව තීන්දුව කුමක් වෙයිද ? (නි)
ගැහැනු කෙනාට කියන්න තිබුණේ වාහනය විනිසුරු කෙනෙක්ගේ කියලා ලියලා තිබුනේ නැහැ කියලා. (නි)
පාරේ තිබ්බ ඇනයක් එහෙම ඇනිලා හුළං ගියානම් එහෙම ඇනේටත් නඩු දානවද දන්නේ නෑ.(නදී)
ලංකාවේ නීතිය සැමට එක සමාන විය යුතුය . නඩු අසන බැන්චියට නැග්ග පසු නඩුකාරයා උනාට පාරේ වාහනයක් එලවනකොට එතනට නඩුකාරකමක් අදාල නැත .එවිට රථය පදවන තැනැත්තා තවත් එක රියදුරෙක් පමණි. පාරක් අවහිර වෙන විදියට රථයක් නවත්වන එක නීති විරෝඩී බව තේරුම්ගන්න බැරි නඩුකාරයාගේ නීතිය ගැන දැනුම ගැන කවර කතාද? (ස)
1,විනිසුරුවරිය වරදක් කර ඇත 2, හුළං ඇරීම නිතිය අතට ගැනීමක් පොලිසියට ඇමතුමක් දෙන්නයි තිබුනේ .... (නි)
හුළං අරින්න ඇත්තේ පාර වැහිලා හරි වාහනය අයින් නොකර එතන තියෙනවා දකින්න ඒ කාන්තාවට ඕනෑ වෙන්න ඇති. හුළං තිබුනොත් අයිතිකාරයා ඇවිල්ලා වැරදීමක් සිදු වී ඇති බව දැනගෙන වාහනය අයින් කරනවනේ. (නි)
මේක අමුතු නඩුවක් නේ. (ස)
මටත් ඔය වගේ කරදරක් තියනවා. අපේ ගේ ගාවත් පන්සලක් තියෙනවා. ඒකට එන අයගේ වාහනත් අපේ වත්තේ විතරක් නෙමේ කඩය ගාවත් අහුරනවා හරිම කරදරේ මොකුත් කියන්ඩත් බැහැ පන්සලට එන අය නිසා ඒත් ඉතින් දැන ගන්ඩ එපැයැ(නදී)
විනිසුරු වරියක්ගේ කියා නොදැනයි කරන්න ඇත්තේ.ඒත් ඒ වගේ කෙනෙක් ජනතාවට බාදා නොවන පරිදි වාහන පාවිච්චි කලා නම් නේද හොඳ? (ස)
මර වැඩක් නේ, රෝද දෙක හුලං ඇරියට සැක නිසා දවස් පහක් ගැනියෙක් රිමාන්ඩ්, මිනි මරල දවසක් වත් රිමාන්ඩ් නැතුව ඉන්න උන් ඉන්න රටේ. (ස)
ලංකාපුත්‍ර, විරාජ් කාලිංග සහග මාත් එකඟයි. නීතිය තිබෙන්නේ කෙනෙකුගෙන් "පළිගන්න" නොවේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය පටන්ගන්නේ "සියලුම පුරවැසියෝ නීතිය ඉදිරියේ එක සමානය, සියලු දෙනාටම නීතියේ ආරක්ෂාව සමානව ලැබිය යුතුය" කියලයි. නඩුකාරයෙක් වුනත්, අපේ කෙනෙක් වුණත් ඒ නීතිය එහෙමමයි. (නි)
විනිසුරු පාර අවහිර කරලා වැරදි කරලා. සාමාන්‍ය මිනිස්සුන්ට දඩ ගහනවා මාරයි නෙ. (ස)
විනිසුරුවරිය කරලා තියෙන්නෙත් හරි වැඩක් නෙවෙයි නේද? (ස)
මෙම කාන්තාව ටයර් වල හුළං ඇරපු එක වැරදි තමයි. ඒ ගැන කිසිදු තර්කයක් නැහැ.නමුත් විනිසුරුවරිය කාන්තාවගේ නිවසට යන පාර අවහිර වෙන විදිහට වාහනය නවත්වපු එකත් වැරදියි. ඉහල පුටුවල ඉන්න අය නීති ගරුක යුක්ති ගරුක නොවී, පොඩි මිස්සුන්ට විතරයි නීති පිළිපදින්න කියන්නේ. හැම තැනකදීම පහත් තැනින් තමයි ජලය ගලා යන්නේ. (ස)
මාර නීතියක්නේ මේක, ලංකාපුත්‍ර ගේ අදහස තමයි මාත් කියන්නේ. නඩුකාරයා උනත් කරලා තියෙන්නේ හරි දෙයක් නෙවේනේ. කාගෙවත් ගෙවල් වලට යන පර අවහිර වෙන ලෙස වාහන ගාල් කිරීම ගැන වෙනම නඩුවක් කියන්න ඕන. (ස)
පළමුව වරද කරල තියෙන්නෙ විනිසුරුවරියනෙ. (ස)
වැරදි වැඩේට පෙළඹවීම මත ඇති වූ ක්ෂණික කෝපය මත සිදුවුවක් බව පෙනෙයි. තරාතිරම නොබලා ඉහළ උසාවියකදී මානව හිමිකම රැක ගත යුතු බව පෙනේ. (නි)
අපේ ගෙදරට යන පාර අවහිර කලා නම්, මමත් ඔය ටිකමයි කරන්නේ! අපේ ගෙ ලඟත් මුස්ලිම් පල්ලියක් තියෙනවා. සිකුරාදාට ප්‍රමාදවෙලා දුන් දාගෙන එන සමහර ත්‍රී වීල් කාරයෝ, අපෙ ගේට්ටුව ඉස්සරහම වැහෙන්න නවත්තලා යනවා. එයාල හිතන් ඉන්නේ අනික් මිනිස්සු එයාලට ඉඩ දෙන්න ඕන කියලයි. ඒවා කොහෙද! අපිත් අර ගෑනු කෙනා වගේ එක්කෝ හුලං අරිනවා, නැත්තන් බැටරිය බහින කල් හෝන් එක ගහනවා. ( මෙහෙම කරන්න්නේ එයාලට කීප දවසක්ම ගේට්ටුව අවහිර කරන්න එපා කිව්වත් අහන්නේ නැති නිසයි ) පාරක් අවහිට උනාම තියෙන කරදරේ දන්නේ එහෙම උනාමයි.බලේ තියෙද්දී මොලේ නෑ කියන්නේ ඕක තමයි! (ස)