කොළඹ අලුත් කඩේ අංක හතර දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සේමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා පැහැරගැනීම සඳහා පැමිණි නවීන පන්නයේ වෑන් රථයේ සවි කර තිබු අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල අංකයක් බව තහවුරු වී ඇතැයි මොරටුව පොලීසිය සදහන් කරයි.
මෙම දරුවා පැහැර ගැනීමෙන් අනතුරුව වාද්දුව ප්‍රදේශයේදී මුදාහරින අවස්තාවේ වෑන් රථයේ අංක නිරීක්ෂණය කර ඇති අතර ගරාජ් අංකය වැනි අංකයක් සටහන් කළ කඩදාසියක් අංක පුවරුවේ සවි කැර තිබු බවද පොලීසිය කියයි.
මෙම දරුවාගේ ප්‍රකාශය හා පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ (30) දින සිදු කළ පරීක්ෂණ වලදී නිශ්චිත හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වු බවත් සිදුධිය සම්බන්ධයෙන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්ථාවක් ගොනු කළ බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබිරහස එළිවෙයි තව ටික කලකින්. පුතා දන්නවනේ සිද්ධ වුණ දෙය (නි)
අවිවාහක පුද්ගලයන් පමණක් විනිසුරු පදවි වලට තෝරා ගනිමුද? නැත්නම් විනිසුරු භාර්යාවන්ට හා දරුවන්ට පොලිස් ආරක්ෂාව සැපයීමට විශාල වියදමක් රජයට දැරීමට සිදු වේවි (නි)
දරුවා පැහැර ගන්න ආ දරුණු මනුස්සයන්ට බලපතල දඩුවමක් දෙන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම එයට උදවු දුන් අයටත් දඩුවමක් දෙන ලෙස ඉල්ලා සිටිමි. ආ රථ වාහනය සොයා ඒක රාජසන්තක කරන්න. (නි)
අර හිටපු අධිකරණ කොමිසම් ලේකම් තිලකරත්න මහත්තයට ගල්කිස්සේදී ගහපු කට්ටියත් හොයා ගන්න බැරිවුනා නේද? (නි)
බන්දුල පෙරේරා, මෙන්න තවත් ප්‍රතිපලයක් (නි)
ගරාජ් අංක ඇති වාහන ලංකාවේ පාරවල්වල ඕනෑ හැටියට දකින්න හැකිය .ඒවා ලොකු වාහන නිසා පොලිස් නිලධාරීන් ඒවා දුටුවිට අහක බලා ගනී. නමුත් මෝටර් බයිසිකල්,ත්‍රීරෝද රථ ,ලොරි ,බස් පෙන්නන්න බැරිය. (නි)
ප්‍රථමයෙන් කරන්නේ බිය ගැන්වීම.පසුව එතනින් එහාට යනවා. ප්‍රතිපත්තිය වෙනස් කර ගත්තේ නැත්නම්, ඉන්න රට හැර දාලම යන්නම යනවා. (නි)
හරියට මිනීමරු ප්‍රබාකරන්ගේ කාලේ වගේනේ. (නි)
ලංකාවට හරියන හොඳම ජොබ් එක තමා කුඩු මුදලාලි කෙනෙක් හෝ ගණන් කාරයෙක් වීම. ලංකාවේ මේ තත්වය වෙනස් නොකලොත් අපිට වෙන්නේ අර ඉස්සර කොටි කාලේ වගේ ගෙදරටම වෙලා ඉන්න. (ස)
මෙතුමාගේ රාජකාරිය අකුරටම කරන කෙනෙක් නිසා. (නදී)
විනිසුරුවරුන්ගේ ළමයි පැහැරගන්නේ මොන රටේද මොන රටේද එංගලන්තේ, එංගලන්තේ, එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (ස)