IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විනිසුරු ආබෘෘගේ අයිතිවාසිකම් පෙත්සම විසිවේ

තමන්ට එරෙහි අධි චෝදනා  පත්‍ර ගොනු කිරීමට නීතිපති ගත් තීරණය නීති විරෝධි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය .

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අදාළ චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා තමන්ට අදාළ නීති රාමුව යටතේ සිට කටයුතු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.

කිසිම අවස්ථාවක නීතිපතිවරයා නීතිය අභිබවා ගොස් කටයුතු කර නොමැති බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  එම නිසා පෙත්සමේ සඳහන් කරුණූ අදාළ නොවන බව සඳහන් කර තිබේ.ඒ අනුව පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

සිය නිවසේ මෙහෙකාරියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැණි බව පෙත්සම්කාර සරත් ද ආබෲ මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබීණි.

සාධාරණ පරික්ෂයකින් තොරව අදාළ චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති බව පෙත්සම්කාර සරත් ද ආබෲ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.ඒ හේතුවෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස සරත් ද ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.



අදහස් (0)

විනිසුරු ආබෘෘගේ අයිතිවාසිකම් පෙත්සම විසිවේ

මාලි Monday, 11 January 2016 09:59 AM

ඉතාමත් හොඳයි (ම)

:       0       0

වසන්ජය Monday, 11 January 2016 10:11 PM

රජකම් කළත් කළකම් පළදේ කියන්නේ නිකන්ද? (නි)

:       0       0

උදිත් Tuesday, 12 January 2016 02:40 AM

හරියටම හරි වසන්ජය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site