යුරෝ අටලක්ෂයක් හෙවත් රුපියල් දහතුන් කෝටියක් වටිනා ඉපැරැණි සිතුවම් 29ක් වැනීසියේ ධන කුවේරයන්ගේ මහා මන්දිරවලින් සොරා ගැනීමේ පිඹුරුපත් ශ්‍රී ලංකාවේ හොරුන් දෙන්නාට දුන් ඉතාලි ජාතිකයෝ තිදෙනෙක් වැනීසියේ කැරිබනේට් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මුල් සිතුවම්වල ඡායාරූප ගෙන ඒවා රාමු කැර එම මන්දිරවල එල්ලා මුල් සිතුවම් සොරකම් කළැයි කියනුයේ එම මන්දිර පිරිසිදු කිරීමට ගිය ශ්‍රී ලංකිකයන් දෙදෙනකු බව පොලිසිය කියයි. ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් අල්ලා ගැනීමත් සමග හොරකමේ මහ මොළකරු වන ඉතාලි ජාතිකයා වෙනත් රටකට පැන ගොස් ඇතැයි ද ඔහු ඉතාලි රජපෙළපතට අයත් බවද පොලිසිය කියයි. මොහාන් ඇන්ටන් (40) හා රොඩ්රිගු ජෝෂප් මාර්ෂල් 50 යන දෙදෙනා මේ ගැන වැදගත් තොරතුරු දනිතියි ද පොලිසිය පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd