(අංජුල මහික වීරරත්න)

සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් සඳහා වන්දි මුදලක් දීමට තොරතුරු රැස් කිරීම  අරඹා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා  පැවසීය.

විනාශ වූ පොල් ගසක් වෙනුවෙන් කීයක් ලබා දෙනවාද යන කාරණය අදාල දත්ත සියල්ල ලැබුණු පසු තීරණය කරන බව සභාපතිවරයා කීය.

පොල් වගාකරුවන් සඳහා වන්දි මුදලක් සමග පොල් පැල ලබාදීමටද රජයේ අවධානය යොමුවී තිබෙන්නේ යැයි  සභාපතිවරයා පැවසීය.

නායයෑම් සහ කුණාටුවෙන් විනාශ වූ ගස් වෙනුවට නව පොල් පැළ සිටුවීමට සැලසුම් කර ඇතැයි  ආචාර්ය ජයකොඩි මහතා සඳහන් කළේය.

පොල් වගා බිම් වලට සිදුවූ හානි පිළිබඳව දත්ත සම්පූර්ණ කරගත් සැණින් වන්දි මුදල් දීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීය.