‘ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය පුවත්පතේ නිර්මාර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.
රාවය පුවත්පතින් අනාවරණය කරන ලදුව පසුව ප්‍රසන්න විතානගේ මහතා චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කළ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්ගේ අපයෝජන සිදුවීම හා එය යටපත් කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, අධිකරණ පද්ධතියේ ගරා වැටීම ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අයිවන් මහතා ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
වික්ටර් අයිවන් මහතා එම ඉල්ලීම් කළේ රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි. ‘රාවය තිස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ ලෙස උත්සවය නම් කර තිබිණි.
මෙම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.
මෛත්‍රීපාල සිරිසේන ජනපති , රනිල් වික්‍රමසිංහ අගමැති, ආර් සම්බන්දන් විපක්ෂ නායක, අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ රාහුෆ් හකීම් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක සහ වික්ටර් අයිවන් මහතා දේශන පැවැත්වූහ.
සංවත්සරයට සමගාමීව පැවැත්වූ තරුණ විචාර තරඟයෙන් ජය ලැබූ ඔෂනි පීටර්ස්, ප්‍රියදර්ශනී චන්ද්‍රසේකර සහ කල්පන පෙරේරාට ජනපති අතින් සම්මාන පැරිනැමිණි.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 දී මහින්ද අපුරු එඩිතර එහෙත් අනවබෝධයකින් වැරදි තීරණයකට ගොස්, ඒ නිසාම පැරදුනු නායකයාගෙන් බලය ලබාගත් යහපාලන නායකයිනි, ඔබට තිබුනේ මහින්ද බිය පමණි. ඉලක්කය එතුමා පැරදවීම පමණි. ඔබට එතුමාගේ යුදබියෙන් සිටි රට බේරාගෙන කළ මහා සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටවුවද සැළසුමක් තුබුණේ නැත. ඔබ කළ සියලු දේවල් වලින්ම රටට සිදුවුයේ හානියකි. (නි)
සමහරු දෙපැත්තටම කත්ඇදලා, පාට සේදිලා දැන්. ඉස්සර රතුපාට, ඉටපසුව නිල් පාට, දැන්? (නි)
ඇත්තටම ඇත්ත . අපි දැන් ගිලගත් දේ වමාරන්න බැරිව ඉන්නේ මේ නස්පත්ති හින්ද (අ)
ඒ වෙලාවේ රාජපක්ෂව පරාජය කරන එක මහා විශාල අභියෝගයක් ලෙස තිබුණ නිසා ප්‍රතිපත්ති කතා කරන එක මඟහැරුනා. දැන් කරන්න ඕන පක්ෂ සහ පුද්ගලයින් පැත්තක තියල 2020 බලාගෙන පොදු වැඩපිළිවලක් සංවාද කිරීමයි. අපිට කලකිරීමක් තිබුනත් ජනවාරි වෙනස නොවුන නම් රට මේ වෙනකොට අපායක්. (අ)
හරි හරි . මම පොද වැස්ස ලොකු කරන්නම්කො. අයිසෙ, මං බලන පත්තර වල වේදනාව තිබුනේ නෑනේ. (අ)
මානසික ආබාද ඇති මිනිස්සු. (අ)
ගුණසිරි මහතා, දැන් මඩපාට (නි)
පොද වැස්සවත් නැතිව හෙනගෙඩි මහජනයාට (අ)
වේදනාවකට වඩා අපට ඇත්තේ තරහක් (නි)
අනුරගේ නිර්භීතකම හා කොන්ද කෙළින් තියාගැනීම ජතාවට ආඩම්බරයක් (නි)
නොබියව කාගේත් මුහුණට කෙළින් කතාකරන මාධ්‍යවේදියෙක්. එ්කට මං ගරු කරනවා මෙතුමාට. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්ව එක හරි තීරණයක්. නමුත් ඒ ජනතා අභිලාශය ඉටුකරගන්න බැරි වෙලා තියෙනවා අදටත්. ලාබෙට පරිස්සු සීනි කන්න නොවේ ඇත්තටම ඔබතුමන්ලව පත්කළේ. පසුගිය හොර නඩය කොල්ලකාපු මහජන ධනය අාපහු ගනී කියලා හිතලයි. නමුත් දැන් අලුත් හොරු ටිකක් පත්වුණ එකයි වුණේ. එ්කයි කණගාටුව මිනිසුන්ට (නි)
අධිකරණය ගැන විශ්වාසය තුරන් වෙන්නට කලින් ජනපතිතුමනි, ඔබ මැදිහත් වන්න. අපට යම්කිසි අකාල වැස්සක් ගැන ඉවක් දැනෙනවා. (නි)
ජාතිවාදීන් 'ආර්ථික මෙහෙයුම් කමිටුව' හරහා මේ රටේ ආර්ථිකය බිමට සමතලා කරද්දී, ෆෙඩරල් සංහිඳියාවට පාර කැපෙද්දී, යහපාලන පොද වැස්සෙන් අපි සැනසී සිටිමුද? අපි දුටුගැමුණු නරේන්ද්‍රයානන්ගෙනුත්, සෙනරත් නිරිඳුන්ගෙනුත් යහපාලනය සහ සංහිඳියාව පිළිබඳ ප්‍රායෝගික භාවිතාව අත්දුටුවෙමු. ඒ සිංහල පිළිවෙත කිසිදු සත්ත්වයෙකුට දුක, කඳුල වේදනාව ළඟා කර දී නැත. ඒ සියල්ල බැහැර කරමින් බටහිරට අවශ්‍ය පරිදි කටයුතු සැළසීමද බලාපොරොත්තුව? (නි)
ලංකාවේ දේශපාලනය අසාර්ථකයි. ජනතාව බොහෝදුරට කළකිරීමට පත්වෙලා. පසුගිය රජයට කළත් චෝදනා කිසිවක් ඔප්පු කරන්ට නොහැක. පවතින දේශපාලන අස්ථීර බව නිසා රටට ආයෝජන එන්නේ නැත (නි)
ඔව් ජයරත්න, ජනවාරි වෙනස නැත්නම් අපි අපායක. මොකද අපි දැන් ඉන්නේ දෝරේ ගලන සතුටකින්නේ. අනේ මොකටද කට! අයිවන් මහත්තයා ගැන පොතක් ලිව්වොත් හිටලර්ගේ ගොබෙල්ස් පවා පරාද වේවි. 1994 දි මේ රටට කරපු වින්නැහිය 2015 දී ආයෙත් කළා. අපි ආයෙත් රැවටුනා (නි)
ජයරත්න, කොහොමද වෙනසක අරුමේ. රටට නම් කරුමේ. (නි)
මේ පොද වැස්සෙන් වික්ටර් අයිවන්ට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනකොට ආණ්ඩුවේ එක්තරා ප්‍රභලයෙක් පමණක් මල් වැස්සකට හසුවීම නිසාදෝ කියලා තිබෙන යම් කතාවක් නිසා, ඒ දෙන්නටම වියදම් කරලා තියෙන්නේ එකම බලවේගයක් කියන නිගමනයට වුණත් අපට එන්න සිදුවෙනවා. (නි)
මේ සරුව පිත්තල යහපාලන ප්‍රෝඩාව අනුමත කරමින් බහුතර ඡන්දය දුන් ලක්වැසියන් විඳවයි ඉදිරි දශක දෙක තුනක්වත් (නි)
වික්ටර් අයිවන් මහතාගේ සේවය අගය කරමි. රාජපක්ෂ වියරුවෙන් රට ගළවාගත් සැමට පින්. මෙතැන් සිට වැරදි නිවැරදි කරගමු. මන්ත්‍රී පර්මිට් අහෝසි කරමු. ඕනෑමයි කියනවා නම් පර්මිට් විකිණීම තහනම් කරමු. කවදාහරි පර්මිට් වලට ගෙනා වාහන විකුණනවා නම් ඒ වෙලාවේදී බදු අයකරගමු. මේ මුදල් රෝහල්වල අඩුපාඩු පිරවීමට යොදවමු. (නි)
ජයරත්න, 2005 වෙනස නොවුණා නම් රට මේ වෙනකොට කොහොම තිබේවිද නේද? ඊයේ පෙරේදා ඉපදුන මිනිස්සු ඕවා දන්නේ නැහැ. මොකද දැන් පාසල් වල ඉතිහාසය ඉගැන්වීම නවත්වලා (නි)
ඔව් ඔව් හර්ෂ, ඔබ බලන්නේ පත්තර වල තිබෙන ඉඩකඩම් ගැන පමණයි. බලන්න ලංකාදීපය! (නි)
ගිලගත් දේ වමාරන්න කොහොමද අර්ජුන, ගිල්ලේ කඩුවක්නේ. අර කතාවට කියන්නේ කඩුව ගිල්ලා වගේ කියලා. (නි)
මට මතකයි ප්‍රේමදාස රජයේ වුණ අකටයුතුකම් ගැන මෙතුමා නොබියව කරුණු ඉදිරිපත් කළා. මම එතකොට පාසල් ශිෂ්‍යයෙක්. වික්ටර් අයිවන් වගේ අයගේ පුවත්පත් නිසා අපේ රටේ වැහිලා යාමට තිබු දේශපාලන අපරාධ හා අකටයුතුකම් විශාල ප්‍රමාණයක් එළිදරව් වුණා. ඒ වගේම සාධාරනයක් ඉටුවුණා. රාවයෙන් අපේ රටට ඉටුවූ සේවය ගැන තුති! (නි)
වෙනස දැන් ගොඩක් අයට අරහං වෙලා තියෙන්නේ (නි)
ඇත්ත කතාකළාට ස්තූතියි (නි)
මේ අය ලියන හුඟක් දේවල් වල තියෙන ඇත්ත තේරුම් ගන්න තරම් දේශපාලඥයෙක් අපේ රටේ නැහැ (නි)
සහතික ඇත්ත, තිබුන ආණ්ඩුව දහස් ගුණයක් හොඳයි. ඡන්දයක් තියන්නේ නැතුව වචන නාස්ති කරනවා (නි)
කොහොමද අගමැතිතුමා ඇතුළු පිරිස අනුරලා කියපු දේවල් අහගෙන හිටියේ? (නි)
බය නැතුව කියන්න පුළුවන් රටට මිනිසුන්ට ආදරය කරන පත්තරයක් කියලා (නි)
අපි නම් හිතෙන් දැන් සෑහෙන විඳවනවා (නි)
ජනාදිපතිතුමා සහභාගිවන රැස්වීම් වලදි එතුමාව වර්ණනා කරනවා මිසක් රටේ සැබෑ තත්වය මෙතෙක් කිසිම කෙනෙක් පවසා නැත. වික්ටර් අයිවන් මහතාට ගොඩක් පින්! (නි)
වෙනස අරහං වුණත් නැවත රාජපක්ෂ ප්‍රමුඛ හොර කල්ලිය බලයට පත්කර ගැනීම උත්තරයක් නෙමෙයි. පළාත් පාලන ඡන්දයේදී වැඩි බලයක් ජවිපෙට දී බලමු එයාලගේ වැඩ. ඒ වැඩ අනුව තීරණය කරන්න මහා ඡන්දෙදි ජවිපෙට බලය දී බලනවද නැද්ද කියලා. (නි)
වෙනසකට කතිරය ගහපු අය කවුරුත් දැන් හොයාගන්ට බැහැ. නියම වැඩේ වුණේ. උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් ... (නි)
අනේ අනේ මේ සුරංග, රාජපක්ෂ හින්දා තමයි ඔහේ ඔහොමවත් කට අරින්න අද ඉතුරු වුණේ. නිකන් දොඩවන්න එපා! (නි)
මෙහෙම කෙළින් කතාකරන අය ගැන ජනතාවට ඇත්තේ ලොකු ප්‍රසාදයක් (නි)
වික්ටර් අයිවන් කියන්නේ අවංක මනුෂ්‍යයෙක් (නි)
බොහොම හොඳ දෙයක්. මුලින්ම සමගිව එකතුවෙමු. සමගිව විවේචනය කරමු. සමගිව විසිර යමු. පස්සේ සමගිව හොරකම් ටික නවත්වාගන්න පුලුවන්. රාවයට ජය. (නි)
ජයරත්න,මම ඔබව අගයමි. (නි)
මෙයාලට ඕනෑ වුණේ මහින්ද පැරදවිම පමණයිනේ (නි)
ප්‍රභාකරන් හිටිය කාලේ මේ රට සුරපුරයක් නේද ජයරත්න (බ)
දිනන්න බැරි කෙනෙකුට ඕනේ තරම් පොරොන්දු දෙන්න පුළුවන්. එ්ක තමයි මේ ආණ්ඩුවට වුනේ. රුපියල් 10,000 ක් පඩිය වැඩි කරනවා කිව්වා. දින 100ක වැඩ 100 ක් කිවුවා. රටේ බහුතරයක් මධ්‍යම පාන්තික බඩ ගැන හිතන,කෙළෙහිගුණය නැති ජනතාව ඡන්දෙ දුන්න. (බ)
සුරංග හරි,,මමත් මේ පාර ජේවීපී එකට. හැබය් පුතෝ වැඩේ වැරැද්ද ගත්තොත්නම් ජේවීපී එකට ආයේ දෙන්නේ නෑ. එ්ත් කාටද ආයේ දෙන්නේ...(බ)
පොද වැස්සකුත් නෙමෙයි.(හේ)
වික්ටර් අයිවන් කියන්නේ මම අගයන එකම එක පත්තර කලාවේදියා . ඔහු පත්තරෙන් පමණක් නෙමෙයි ප්‍රයෝගිකව ගොඩක් ජයග්‍රහණ මේ රටට අරන් දීලා තියෙනවා .(හේ)
ඔබතුමා කියන දේත් ඇත්තක් තියෙනවා.(හේ)
දුප්පත් ජනතාවටමයි දැන් පහර වදින්නේ.(හේ)
වික්ටර්අයිවන් මහතා කියන දේ හරි.(හේ)
රට දිනවන්න බලන්න, පක්ෂ දිනවන්න ගියොත් හිටපු තත්වයටත් වඩා පහළ යනවා.(හේ)
රටක් වටින මහින්ද පරාජය කළාට ඔහොම වෙලා මදි (බ)
වෙනස මාරයි . කාලා හමාරයි. (ම)
නිවැරැදී දැක්මක් හෝ නිවැරදි දර්ශනයක් නොමැති මිනිස්සු ටිකක්. කවදාවත් මේගොල්ලන්ට මෙරට ගොඩදාන්න බෑ (ම)
ඔබට වගේම අපටත් අවසානයේ ලැබුණේ නායකයකු නැති වීමේ පසුතැවීම පමණයි (ම)
කාට කාටත් දැන් යථාර්ථය අවබෝධවෙලයි තියෙන්නේ (නි)
කොමිස් ලැබීම හා හොරකම අතර වෙනසක් නැද්ද? දැන් එළිපිට අමු අමුවේ වංචනික වැඩ සිදුවෙනවා. උනුත් එකයි මුනුත් එකයි කියලා එජාපය බේරාගන්න හදනවා (නි)
ජයරත්නලා සුරංගලා අප රටේ ජීවත්වෙන අයද? නැත්නම් පිටසක්වලින් හෝ එන්ජීඕ ඩොලර් වලින් ජීවත්වෙන අයද? රට ගැන අවබෝධයක් ඇත්තෙම නැහැ. නොදන්නා ඒවාට අදහස් නොදා හිටියා නම් හොඳයි. රාජපක්ෂලා එළවලා දැන් දිව්‍ය ලෝකයට ළඟාවෙලා ඉන්නවද? අපරාදේ අපි රාජපක්ෂලා එළවාගත්තේ. වැරදුන තැන හදාගෙන ඉවරයි. නැවත අපි මහින්දට. ඔහුට සුබ පතමු.....!! (නි)
මෙහෙම ඇණගත් කාලයක් නම් අපට මතක නැහැ. අපිට මේවා හොඳ පාඩම්. (නි)
කවුරුහරි පොඩ්ඩක් මතක් කරනවද මෙච්චරකල් අල්ලපු කලින් හිටි අයගේ මෙගා හොර? ලොකු ලොකු කතා කිව්වට කෝ විසිල් විතරයි බල්ටි නැහැනේ. එ්කනේ මේ වික්ටර් මහත්තයත් කියන්නේ (නි)
මේ ලියලා තියන ඒවා දැක්කම තව මොනවා කියලා කියන්නද. සමහරු නම් මැරිලා අලුතින් ඉපදිලා වගේ කතා කරන්නේ. (නි)
බලාගෙන යද්දී මේ ඔක්කොම එකයි (නි)
මෙහෙම කතාකළ එකට අපිට හරිම සතුටුයි (නි)
වික්ටර් අයිවන් හරියට හරි. නියම කතාව. අපි බලමු මේ රජය හදාගන්න. නැත්නම් වෙන වෙනසකට යන්න වෙන එක අනිවාර්යයි. (නි)
මෙතන අදහස් දාපු වැඩි දෙනෙකුට වික්ටර් මහත්තයා කියපු දේවල් තේරිලා නැහැ. එතුමා කියන්නේ රාජපක්ෂ හොඳ බව නෙමෙයිනේ (නි)
ජයරත්න මහතාගේ කතාව හරියටම හරි (නි)
අනේ මන්දා අපිට නම් මේවා ගැන දැන් එච්චර ගානක් නැහැ (නි)