අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී තම ඡන්දය නිවැරදිව භාවිතා කරන්නැයි කැනඩා දෙමළ කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් මෙරට දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටී.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණවලින් ජනවාරි 8 වැනිදා ජනපතිවරණය සුවිශේෂී එකක් වන බවත් විවිධ මර්දනයන් මැද ජනතාව එම මැතිවරණයට මුහුණ දුන්නත් සිදුවූ වෙනස පිළිබඳව ප්‍රශංසා කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.
එම වෙනස ආපස්සට නොහැරවීමේ වගකීම ශ්‍රී ලංකා ජනතාව සතු බවත් ඉඩම් පිළිබඳව, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳවි විසඳුමක් ලබාගැනීම යන ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලබාගැනීමට නොහැකි වුවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමත් සමග එම ගැටළු විසඳීමට ප්‍රවේශයක් ලැබී ඇතැයිද එහි සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්.ඒක ජාතිවාදේ.....සාධනීය විසඳුමක්....ලබාගැනීමට නොහැකි වුවත්...මේ ආණ්ඩුවම පත් කර ගත්තොත් ....ගැටළු විසඳා ගැනීමට ප්‍රවේශයක්.....ලබාගන්න පුළුවන් බව දීපු පොරොන්දු වලින්ම පෙනෙනවා නේද?ඉඩම් පිළිබඳව,ඇතුලේ ඉන්න කොටි පිළිබඳව,කොටින්ම කියනවනම් පෙඩරල් පිළිබඳව..එ්කට කමක් නැද්ද වදමල් මහත්තයෝ.....(බ)
හේමන්ත ඇයි දෙමල මිනිස්සු ලක්වැසියෝ නෙමේද? නිකන් ජාතිවාදය අවුස්සන්න එපා. මේ අය කියන්නෙ ඇත්ත. (නදී)
කොහොමද වැඩේ. ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට. ජනවාරි 8 ඉදිරියට ගෙනයන්න මෙයාලට තිබෙන උවමනාව? (නි)
මොන වෙනසද? (නි)
ඉතින් මේ සිංහලයට ලැබෙන අවසන් අවස්ථාව කියලා තේරෙනවා නේද දැන්වත්? (නි)
හරි හරි. අපි ඒක කරගන්නම් (නි)
කොහොමද වැඩේ ? කොටි අවතාර හොල්මන් කරනවා. යුද්දේ කාලයේ උන් කිවේ සිංහලයන් සමුල ඝාතනය කළ යුතු බවය . උන්ගේ වැදී බණ (බ)