ජනවාරි 8 දේශපාලන ජයග්‍රහණයට උරදුන් සියලු දෙනා එම දේශපාලන පරිවර්තනයෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට ද වෙහෙස මහන්සි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (13) පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා රචිත “මා දුටු ජනවාරි 8” කෘතිය එළිදැක්වීමේ උලෙළට එක්වෙමින් ජනපතිවරයා එසේ කීය.
එම ජයග්‍රහණයට උරදුන් සියලු දෙනාට එහි ප්‍රතිඵල අත්පත් කරගැනීමේ වගකීමක් හා යුතුකමක් තිබෙන බවද ජනපතිවරයා කීය.
වත්මන් ආණ්ඩුවට චෝදනා කරන පිරිස් චෝදනා කරන කරුණුවලට විසඳුම් ද පෙන්වා දිය යුතු බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසඳුම් නොදී හුදෙක් චෝදනා හා විවේචන පමණක් කරන පිරිස් හිස් මනසක් ඇති පුද්ගලයන් බව ද පෙන්වා දුනි.
ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනසට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා රටක් වශයෙන් සාමුහික වගකීමකින් නිවැරැදි දේශපාලන විග්‍රහයක යෙදෙමින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසී්‍ය.මුහුණ දිය යුතු ප්‍රශ්නවලට රටක් වශයෙන් මුහුණ දිය යුතු බව ද වැරැදි අඩුපාඩු හදාගනිමින් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපති මෛත්‍රීපාල මහතා පෙන්වා දුනි.
ජනවාරි 8 වෙනසට චෝදනා කරන පිරිස් ජනවාරි 8 වැනිදා එවැනි වෙනසක් නොවුණා නම් අද තත්ත්වය කෙසේදැයි නොසිතන බව ද ජනාධිපතිවරයා කීය.
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතේ නම මෙහෙම වුණා නම් හොන්දායි.'මා කඩේ යන හැටි.. (අ)
වෙනසේ ප්‍රතිපල 2020 වන විට සම්පූර්ණව ලැබේවි. සිංහල බෞද්දයා පහතට හෙලු .උ /නැ දෙමල අයට ස්වයං පාලනය ලැබී .ඇමරිකාවට ත්‍රිකුණාමලේ කඳවුර ලැබී . සංහින්දියාවෙන් ආලෝකමත් වූ බෙදුණු රටක් (අ)
ඔය කියන වෙනස කොහොමද උනේ? රහසිගතව කටයුතු කරල සිදුවූ වෙනස පිළිගන්න පුලුවන්ද? චෝදනා කරන්නේ සිදුවන ක්‍රියාදාමයේ පිළිවෙල හොඳ නැති නිසයි. අමාරුවෙන් ජිවිත පුජාකරලා බේරාගත් රට අප රැක ගත යුතුයි.(රේ)
ඔය වෙනසට දායක උන දෙමළ සන්ධානය, ඩයස්පෝරාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් නම් වෙහෙස මහන්සියක් නැතුවම දැන් වෙනස බොහොම සතුටින් භුක්ති විඳින බව අපට පේනවා! (රේ)
ඔබ ලඟත් බොහොමයක් චෝදනාවලට තියන විසඳුම මහින්දට බැනීම (තමනුත් ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් බව අමතක කරලා) විතරනේ! (රේ)
පත්තරේ බැලුවනම් සමහරවිට විසදුම් ටිකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ කියලය් මට හිතෙන්නේ. (ර)
ඡන්දෙ දුන්න අයට ඔන්න තවත් වැඩක් තියනවා කරන්න! (බ)
අපි නොදන්න වෙනස (අ)