මාදිවෙල තිබී හමුවූ ඩිෆෙන්ඩරයක් තමාගේ බව කියමින් රංජන් රාමනායක තමාට අපහාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22) මාධ්‍ය හමුවකදී පැවසීය.
‘රංජන් රාමනායක (වන්ෂොට්) මහතා වැඩිකල් නොගොස් හොට බිම ඇනගන්නවා. සිනමා පටයක රඟ දැක්වීම හා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට එකම කාරණයක් බව ඔහු සිතනවානම් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ උත්තරීතර පාර්ලිමේන්තුව බවත් මතක තබාගත යුතුයි. රංජන් රාමනායක චිත්‍රපටවල මෙන් මල් ගහක් වටේට දුවලා සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියලා ඇඟේ ඩයි ටිකක් ගාගෙන බිම වැටෙන චරිත පාර්ලිමේන්තුවේ කිරීම විහළුවක්‘ යැයිද අලුත්ගමගේ මහතා කීය.
එහෙත් ඔහුගේ ඥාති සොයුරු ආනන්ද අලුත්ගමගේ කියනුයේ එය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මැතිවරණ සමයේ පාවිච්චි කළ රියක් බවයි. රංජන් රාමනායක මහතා ඒ බව තහවුරු කරයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.