මාදිවෙල තිබී හමුවූ ඩිෆෙන්ඩරයක් තමාගේ බව කියමින් රංජන් රාමනායක තමාට අපහාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22) මාධ්‍ය හමුවකදී පැවසීය.
‘රංජන් රාමනායක (වන්ෂොට්) මහතා වැඩිකල් නොගොස් හොට බිම ඇනගන්නවා. සිනමා පටයක රඟ දැක්වීම හා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට එකම කාරණයක් බව ඔහු සිතනවානම් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ උත්තරීතර පාර්ලිමේන්තුව බවත් මතක තබාගත යුතුයි. රංජන් රාමනායක චිත්‍රපටවල මෙන් මල් ගහක් වටේට දුවලා සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියලා ඇඟේ ඩයි ටිකක් ගාගෙන බිම වැටෙන චරිත පාර්ලිමේන්තුවේ කිරීම විහළුවක්‘ යැයිද අලුත්ගමගේ මහතා කීය.
එහෙත් ඔහුගේ ඥාති සොයුරු ආනන්ද අලුත්ගමගේ කියනුයේ එය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මැතිවරණ සමයේ පාවිච්චි කළ රියක් බවයි. රංජන් රාමනායක මහතා ඒ බව තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්න වෙන්න ඇති සෙංකෝලය උස්සන් දිව්වේ . ඒවා දැන් අමතක වෙලා .(ම)
හැමදාම බොරුවෙන් රටේ හිටින්න බැහැ (ම)
නැදයින්ගෙන් බේරෙන එක තමා ලොකුම ප්‍රශ්ණය. නයි වගේ කොයි වෙලාවේ දෂ්ට කරයිද කියන්නට බැහැ. (බ)
මාධ්‍ය සාකච්ඡා එපා. දාන්න පැමිණිල්ලක්. (නි)
මෙතුමාගේ බිරිඳ තමයි සාක්කි සපයන්නේ (බ)
එතකොට සේල්ස්මන් කෙනෙකුට කොහොමද ඔච්චර සල්ලි ලැබුනෙ ? (බ)
රංජන්ගේ චිත්‍රපටියක් බලලා මිනිස්සු හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවා මහින්දානන්දගේ කට අැර උත්තරිතර පාර්ලිමෙින්තුව ජනතාව රවටනවා (බ)
රන්ජන් ඇමති තුමාට දේශපාලන අත්දැකීම් මදි ඇති එ්ත් ඔහු දුප්පත් මිනිස්සුන්ගේ දේ හොරාකන දේසපාලුවෙක් නෙමේ (බ)
කවුරු කොහොම කිවුවත් රන්ජන් රාමනායක දේශපාලනය දන්නා කෙනෙකු නොවේ. සිනමාපටවල ඉන්දීය අනුකරණ රඟපෑ, යම් කොටසක් අතරේ ජනප්‍රියවූ දේශපාලන ගංවතුරෙන් ඡන්දය දිනා එගොඩ වූ කෙනෙක්. ඔහු සත්‍ය හෝ අසත්‍ය තොරතුරු සපයමින් ජනප්‍රියවන්න හදන කෙනෙක් (නි)
රන්ජන් දේශපාලනය නොදන්නා නිසා ජනතා මුදල් මංකොල්ල කන්නේ නැහැ. දේශපාලනය දන්නා අය මංකොල්ල කනවා. ඒකයි අැත්ත. (නි)
වාහනය තමුන්ට අයත් එකක් නොවේ නම් හොඳම දේ ඔබත් සහාය වෙන්න කාගේද කියල හොයා බලන්න. (ම)
අර හොට බිම ඇනගෙන ඉන්න ඩබල සාක්කි වලටද එක්ක ආවේ ? (බ)
වටේ ඉඳගෙන ඉන්න කට්ටිය හිතනවා ඇති හැම අතින්ම පාරිශුද්ධ වූ අලුත් සාමාජිකයා තමන්ට විශාල ශක්තියක් බව. (බ)
ඔයා බබා.ඔය කොමියුනිස්ට් කියන අයත් මෙයා එක්ක එකට ඉඳගෙන ඉන්න එක තමා ලජ්ජා. මෙයාගෙම සහෝදරයා එතන හිටිය කියල එයා දන්නේ නැහැ. (බ)