( මනෝප්‍රිය ගුණසේකර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව වසන් කරමින් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කර ඇති බවත් ලෝකයේ සිදුවු බිහිසුණුම මෙම නාවික අනතුරෙන් නෞකාවේ පටවා තිබූ මෙට්‍රික් ටොන් 28.7 ක නයිටි්‍රක් අම්ල ගිනිගෙන සාගර කලාපයට එකතු වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට පෙන්වා දුන්නේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලද බවට නීතීපතිවරයා විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සියල්ලටම තමන් නිවැරදිකරුවන් බව නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතයින් ඇතුළු විත්තිකරුවන් විවෘත අධිකණණයේ පැවසීමෙන් අනතුරුව නඩුවේ ආරම්භක දේශණය පවත්වමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඒ බව පෙන්වා දුන්නේ.
මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති හෙයින් නඩු විභාගය ආරම්භ නොකරන ලෙස විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු ඉවත දමා නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීරණය කිරීමෙන් අනතුරුව නඩුවේ ආරම්භක දේශණය පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එසේ පැවසීය.
2021 මැයි මස 19 වැනිදාත් ජුනි මස 02 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට අයත් දේශිය මුහුදේදී ගිනි ගැනීමෙන් නැවේ තිබු හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි සමුද්‍ර දුෂණ වැලැක්වීමේ අධිකාරී පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 08ක් මත නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනාශය දැන දැනම පර්ල් නැවේ කපිතාන් නැව ලංකාවට ඇතුළු කරලා
රංබොඩ Sunday, 24 March 2024 11:47 AM
දැන් කපිතාන්ලා එහෙම ගොඩක් වයසටත් ගිහින් අති. මොකද අපේ රටේ මැතිවරණයක් ලං වෙනකම් එයාලට වයසට නොයා ඉන්න බෑ නෙව