කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක ටිපර් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි බව කියන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු (34) මිය ගිය බව පොලිසිය පවසයි.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
![FB_IMG_1460001994426[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/FB_IMG_14600019944261.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන .. ගේට්ටුවක් තිබුනත් ... රේල් පාරක් තිබුනත් .. අලියෙක් හිටියත් ... දිගටම එලවාගෙන යනවා ...(හේ)
පුදුමාකාර අවාසනාවන්ත සිදුවීමක් (නි)
ටිපර් රියදුරු ගේ ජීවිතය බේරිලාද ? (බ)
අනෙක් රේල් පාරේ දුම්රියක් අවොත් බොහොම දෙනෙක් අනතුරේ ඉක්මනින් ඉවත් වෙන්න (හේ)
පන්සල පැත්තෙන් තාප්පය නිසා එන දුම්රිය පෙනෙන්නේ නැහැ. අනතුරු බොහොම වෙලා තියනවා මෙතන. යන කෙනා පරෙස්සමෙන් ගියොත් මෙහෙම වෙන්නේ නැහැනේ. (නි)
ඇයි මෙතන ආරක්ෂක ගේට්ටු නැද්ද? (නි)
මම හැමදාමත් එන තැන. මම නැති දවසට ඔබ ආවා මගේ වෙලාවේ හොඳකමට මන්දා අද මට කලින් කෝච්චියෙ එන්න හිතුනා. ඒ නිසා උඹ එතන ආවා මට යන්න තිබුණ ගමන උඹ ගියා.හැමදාමත් විහිළු කරමින් සිංදු කියමින් ගිය දුම්රියෙන් ආයෙත් උඹ කොළඹ නොයනවා වගේම මමත් ඒ දුම්රියෙන් ආයෙත් එන්නේ නෑ.කකුල් දෙකම කැඩුන පොල්ලේ මාමත් ඒ වගේමයි උඹට ඉක්මන් සුවය ලැබේවා වගේම විකී උඹටත් නිවන් සුවය ලැබේවා.!(අ)
ටිපර් රථ රියදුරන් හිතන් ඉන්නේ පාර අයති ඒගොල්ලන්ට විතරයි කියලා. රේල් පාරත් ඒ අයගේ කියලා හිතන්න ඇති. (හේ)
මෙතන ගේට්ටුවක් නෑ හරියට අනතුරු වෙනවා. (අ)
මේක හැමදාම සිදුවෙනවා.