කඩු පහරකින් දකුණු අත වැලමිට ළඟින් වෙන්වූ පානදුර කලූදෑවල 17 හැවිරිදි තරුණයකුට අද පැය නවයක සැත්කමක් කොට සාර්ථකව අත බද්ධ කළ බව කොළඹ ජාතික රෝහල කියයි. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගමගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන සහ වෛද්‍ය ඞී. එස්. කුමාර සැත්කම කළහ. කඩු පහරින් අත කැපුණු පසු තරුණයා පානදුර රෝහලට ඇතුළු කොට එතැනින් කොළඹ ජාතික රෝහලට එවා තිබිණි. අද (1) අලූයම 1.30ට ඇරැඹුණු සැත්කම පෙරවරු 10.30ට අවසන්වූ බවත් සැත්කමෙන් පසු රෝගියා සුවය ලබමින් සිටින බවත් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ දක්ෂ වෛද්‍යවරු ටික අනෙක් ඊර්ෂ්‍යාකාර වෛද්‍යවරුන්ගෙන් බේරා දෙන්න
අම්ල මෙහෙයක්.
මෙම අත නැවත සවිකිරීම පිළිබදව වෛද්‍යවරැන්ට ස්තුතිය පුද කරනවා
හොද වැඩක්.
කවුරු මොනව කිව්වත් අපේ දොස්තරල තමයි ලෝකේ දක්ෂම. ගොඩක් සන්තෝසයි පැය නවයක් ඔපරේෂන් එක කරපු එකම මදෑ. මෙවැනි දොස්තරල අපට වාසනාවක්.
දක්ෂ වෛද්‍යවරැන්ගේ විශිෂ්ට සේවයක්.. ඉතිං බලන්න අර මනුෂ්‍යගෙ ක්‍රියාව නිසා කීදෙනෙක් අමාරැවෙද?
ලංකාවෙ දොස්තරල අති විශිෂ්ඨයි..
සැක කරැවාව අද සැත්කමකට යොමුකරනවා පානදුරදී
දොස්තර මහත්වරැ කියන්නේ රටට පහළවුණු ඍෂවරැ
කියල වැඩක් නෑ. දොස්තරලට බුදු සරණයි දෙවි පිහිටයි ...!
අවුරුදු 17 ළමයෙක් කඩුවෙන් කපන්න තරමට තිරිසනෙක් වුනේ කොහොමද...
තියන එකම ප්‍රශ්ණය, මේ වගේ සුවිශේෂ දොස්තරමහත්තරැත් හිටපු ගමන් ලෙඩ්ඩු අනාත කරමින් ස්ට්‍රයික් කරන එකයි..
වෛද්‍ය අමිල සිරිවර්ධන අපිට ඔබ ගැන ගොඩක් ආඩම්බරයි
පේ රටට විශාල සේවයක් සිදුකර වෛද්‍යවරු වැඩි පිරිසක් අන්ත දුක් විඳලා අධ්‍යාපනය ලබපු දුප්පත් අසරණ දෙමව්පියන්ගේ දරුවන්. මනෝවෛද්‍ය සේවාවට අදාළව මනෝ උපදේශනය තුළින් සිදුකරන මෙහෙවර පිළිබඳව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාව ඇගයීමට ලක්කරමි.
රම්සි, මමත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාගේ අදහස් හා එතුමාගේ සේවාව අනුමත කරමි
අපේ දොස්තරල එක වෙලාවකට දෙවිවරු වගේ..
මාතර රාහුල විදයාලයේ ආදි ශිෂ්‍ය විද්‍යා අමිල සිරිවර්ධන සොයුර ඔබ අප පාසලටත් ප්‍රදේශයටත් ආඩම්බරයක්, ඔබ වැනි දක්ෂයන් බිහි කළ රාහුල මෑණියන් නිහඩවම සතුටු වෙනවා ඇති...
(පහත ඒවා දැක්කම මට මොකක්දෝ මොකක්දෝ වගේ හිතුනා) ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:47:44 සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:46:17 රියාෂා සිරිවර්ධන මමද ඔබගේ අදහස අනුමත කරමි. රංගා ශානි දැන් මිනිස්සු සත්තුන්ට අන්ත තිරිසන්නු වෙලා විනූ උදානි සිරිවර්ධන 2012-06-02 12:54:24 මම වෙබ් සයිට්ස් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතගේ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි කියවා තියෙනවා.ඒ වගේම ඒ මහතා ලියූ පුවත්පත් ලිපි හා ශාස්ත්‍රීය පොතපත කියවා තිබෙනවා.www.gasmata.com වෙඩ් අඩවියේ "මනසට සිසිලක්" තුළින් සිදුකරන මනෝවෛද්‍ය උපදේශන සේවාවද අගයමි.මගේ පාසැල් මිතුරියක් එතුමාගෙන් උපදේශන සේවය ලබා එය මට පෙන්වූ නිසයි දැක්කේ.කාලයක් එතුමා කොළඹ ජාතික ආයුර්වේද රෝහලේ සේවය කර ඇතිබව සඳහන්ය.
මොනව වුනත් ඒ තරුනයාට දෙවි පිහිටයි
දොස්තරල හැමතිස්සෙම සල්ලි පස්සේ යන්නේ නෑ නොවෑ .
වෛද්‍යතුමනි ඔබලා වීරයෝ... මටත් මේ වගේම දෙයක් සිද්ධවුණා..
ලංකාවේ වටින දොස්තරවරු ඉන්නේ. ඔවුන්ට කල නොහැකි දෙයක් නෑ.අගය කල යුතුයි.
දක්ෂකම සහ මනුස්සකම අතර විශාල වෙනසක් පවතින බවත් මේ දෙක අතරට මුදල් පැමිණිවිට මනුස්සකම යටපත්වී දක්‍ෂකම විකිණීමට පටන්ගන්නා විට ඔබ අප කවුරුත් පතන දෙවිවරු අතුරුදන් වන බවත් මගේ අදහසයි.
බුද්ධදාස පරපුරෙන් පැවත එන අපේ දක්ෂ වෛද්‍ය වරුනට ජාතියේ උපහාරය!
දැන් මේක ආරංචිවෙලා මැරවරයින්ගෙ කඩු හරඹ තව වැඩිවෙයිද දන්නෙ නැහැ..
රියාෂා සිරිවර්ධන මමද ඔබගේ අදහස අනුමත කරමි. රංගා ශානි දැන් මිනිස්සු සත්තුන්ට අන්ත තිරිසන්නු වෙලා
සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ.
මම වෙබ් සයිට්ස් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතගේ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි කියවා තියෙනවා.ඒ වගේම ඒ මහතා ලියූ පුවත්පත් ලිපි හා ශාස්ත්‍රීය පොතපත කියවා තිබෙනවා.www.gasmata.com වෙඩ් අඩවියේ "මනසට සිසිලක්" තුළින් සිදුකරන මනෝවෛද්‍ය උපදේශන සේවාවද අගයමි.මගේ පාසැල් මිතුරියක් එතුමාගෙන් උපදේශන සේවය ලබා එය මට පෙන්වූ නිසයි දැක්කේ.කාලයක් එතුමා කොළඹ ජාතික ආයුර්වේද රෝහලේ සේවය කර ඇතිබව සඳහන්ය.
රංග ශානි අපි මේකේ හරි විස්තරේ දන්නේ නැහැනේ..
අද මම පොළොවේ පය ගහල ඇවිදින්නෙත් මේ දොස්තරලට පින් සිද්ද වෙන්න..නැත්තන් කකුලක් නැතුව ඉන්න වෙන්නේ..
අපේ දොස්තරලා පිටරට ඉන්න අයටත් වඩා දස්සයි