මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවනට ජය පතා ආශිර්වාද පූජාවක් සහ වනපස මලින් ශ්‍රී ඝටීකාර මහ සෑ රඳුන් වන්දනාව මාලඹේ පිට්ටුගල අමාවතුර මහමෙවුනාව භාවනා අසපුවේදී දෙසැම්බර් 6 වැනි උඳුවප් පොහෝදා පස්වරු 5 සිට පැවැත්වීමට නියමිතය.
අමාවතුර අසපුවේ බුදු-පසේ බුදු-අරහන්තක මහා විහාරයේ සිරි ඝටීකාර සෑ මළුවේදී පිංකම පැවත්වෙන අතර තම ප්‍රදේශයෙන් සපයාගත හැකි වනපස මල්ද රැගෙන වන්දනාවට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව, මහාමේඝ පුවත් සඟරාව සහ කල්‍යාණ මිත්‍රයෝ යොවුන් සභාව පිංකම සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ දේශනාකර ඇත්තේ තමන් වහන්සේටවත් කෙනෙක්ගේ ගැළවීම වෙනුවෙන් දෙයක් කරන්න බැරි බවත්, කළ හැක්කේ මාර්ගය කියාදීම පමණක් බවත්ය. ස්වයං වීර්යය වඩවා (තම උත්සාහයෙන්) එය සාක්ෂාත් කරගත යුතු බවත්ය. පාඩම් නොකර කුමන පුජාව තිබුනද සමත්විය නොහැක. මා විශ්වාස කරන්නේ එසේය (නි)
පිටිගල මිලානෝ, බුදුරජාණන් වහන්සේ "අරහං" නම් ගුණයෙන් යුක්තවන සේක. එනම් යහපත් වූ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට යම් පූජාවක් සිදුකළ යුතු නම් ඒ පූජාවන් කිරීමට අග්‍ර වූ පුද්ගලයා වන සේක. අනෙක බුදු ගුණ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව සිටීමෙන් සිත ප්‍රසන්න වේ. ඉන් සිතේ සංසිඳීම ඇති වේ. එයින් කායික මානසික සැහැල්ලු බව ඇතිවේ. එයින් කායික මානසික සැපය ඇති වේ. කායික මානසික සැපවත් වූ පුද්ගලයාගේ සිත එකඟ වේ. එනම් සමාධිය ඇති වේ. සමාධිය ඇති වූ කෙනාට නුවණින් විමසීමේ හැකියාව වැඩිදියුණු වේ.නුවණින් විමසීමේ හැකියාව ඇති කෙනාගේ ප්‍රඥාව වැඩේ. (නි)
සුනිල් එන්. කොළඹතන්ත‍්‍රීගේ මහතා, ඔබ කියන්නේ ඔය පුජාවට ආ සියල්ල සමත්වෙනවා කියාද? (නි)
පිනක් දහමක් කරමින් මලක් පුජාකර සුබ වැඩකට යන්න. මෙවැනි දේවල් කොතරම් ආශිර්වාදයක්ද? සාදු.. සාදු .. !! (නි)
දර්ශිකා, ඔබගේ පිළිතුර ඉතාම නිවැරිදි සහ ඉතාම තර්කානුකුලයි. හොද වැඩකට සාදු කියන්න අපි පුරුදුවෙන්න ඕනේ. (ර)