IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වනපස මලින් පුද - කළැයි පවසනු කවර වරදද

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවනට ජය පතා ආශිර්වාද පූජාවක් සහ වනපස මලින් ශ්‍රී ඝටීකාර මහ සෑ රඳුන් වන්දනාව මාලඹේ පිට්ටුගල අමාවතුර මහමෙවුනාව භාවනා අසපුවේදී දෙසැම්බර් 6 වැනි උඳුවප් පොහෝදා පස්වරු 5 සිට පැවැත්වීමට නියමිතය.

අමාවතුර අසපුවේ බුදු-පසේ බුදු-අරහන්තක මහා විහාරයේ සිරි ඝටීකාර සෑ මළුවේදී පිංකම පැවත්වෙන අතර තම ප්‍රදේශයෙන් සපයාගත හැකි වනපස මල්ද රැගෙන වන්දනාවට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව, මහාමේඝ පුවත් සඟරාව සහ කල්‍යාණ මිත්‍රයෝ යොවුන් සභාව පිංකම සංවිධානය කරයි.



අදහස් (0)

වනපස මලින් පුද - කළැයි පවසනු කවර වරදද

පිටිගල මිලානෝ Thursday, 04 December 2014 12:17 PM

බුදුන් වහන්සේ දේශනාකර ඇත්තේ තමන් වහන්සේටවත් කෙනෙක්ගේ ගැළවීම වෙනුවෙන් දෙයක් කරන්න බැරි බවත්, කළ හැක්කේ මාර්ගය කියාදීම පමණක් බවත්ය. ස්වයං වීර්යය වඩවා (තම උත්සාහයෙන්) එය සාක්ෂාත් කරගත යුතු බවත්ය. පාඩම් නොකර කුමන පුජාව තිබුනද සමත්විය නොහැක. මා විශ්වාස කරන්නේ එසේය (නි)

:       0       0

දර්ශිකා Thursday, 04 December 2014 12:52 PM

පිටිගල මිලානෝ, බුදුරජාණන් වහන්සේ "අරහං" නම් ගුණයෙන් යුක්තවන සේක. එනම් යහපත් වූ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට යම් පූජාවක් සිදුකළ යුතු නම් ඒ පූජාවන් කිරීමට අග්‍ර වූ පුද්ගලයා වන සේක. අනෙක බුදු ගුණ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව සිටීමෙන් සිත ප්‍රසන්න වේ. ඉන් සිතේ සංසිඳීම ඇති වේ. එයින් කායික මානසික සැහැල්ලු බව ඇතිවේ. එයින් කායික මානසික සැපය ඇති වේ. කායික මානසික සැපවත් වූ පුද්ගලයාගේ සිත එකඟ වේ. එනම් සමාධිය ඇති වේ. සමාධිය ඇති වූ කෙනාට නුවණින් විමසීමේ හැකියාව වැඩිදියුණු වේ.නුවණින් විමසීමේ හැකියාව ඇති කෙනාගේ ප්‍රඥාව වැඩේ. (නි)

:       0       0

පී. කරුණාසේන Thursday, 04 December 2014 11:21 PM

සුනිල් එන්. කොළඹතන්ත‍්‍රීගේ මහතා, ඔබ කියන්නේ ඔය පුජාවට ආ සියල්ල සමත්වෙනවා කියාද? (නි)

:       0       0

වික්‍රම Thursday, 04 December 2014 01:02 PM

පිනක් දහමක් කරමින් මලක් පුජාකර සුබ වැඩකට යන්න. මෙවැනි දේවල් කොතරම් ආශිර්වාදයක්ද? සාදු.. සාදු .. !! (නි)

:       0       0

සුනිල් එන්. කොළඹතන්ත‍්‍රීගේ Thursday, 04 December 2014 02:12 PM

දර්ශිකා, ඔබගේ පිළිතුර ඉතාම නිවැරිදි සහ ඉතාම තර්කානුකුලයි. හොද වැඩකට සාදු කියන්න අපි පුරුදුවෙන්න ඕනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site