මාස හතකට ආසන්න කාලයක් වන්නියේ පවතින අධික ඉඩෝරයත් සමඟ වැව් අමුණු ඇල දොළ සිඳී පානීය ජලය සොයා ගැනීම ප්‍රශ්නයක් වී ඇත.
ඇතැමෙක් වතුර සොයා කිලෝ මීටර හතර පහ යති.
එවැනි දුරක් ඇවිදීමට නොහැකි වැඩිහිටියෝ වතුර සොයා දරුවන් යවති.
මූන්තෝට්ටම්, සින්නකුලම්, රාසිකුලම්, තරනිකුලම්, කල්ලිකුලම් ගම්මානවල ජනයාට වතුර සොයා ගැනීම බරපතල ගැටළුවක් බවට පත් වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට වහින්න කියලා අපි සේරම ප්‍රාර්ථනා කරමු. (අ)
පිපාසයට දිය පොදක් ගෙනෙන්න ගව් ගණන් දුරගෙවන මේ ළපටියන්ගේ දෙපතුල් වල දිය පට්ටා ඇවිල්ලා ඇති. හේමන්ත, ඔබේ පැතුම මමත් පතනවා. පළාත් සභා මොනවද කරන්නේ? (නි)
මහ බැංකු වාර්තා අනුව 2013 ලංකාවේ වාර්ෂික එ්ක පුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 3,280 (රුපියල් 426,400). එහෙම තිබ්ලත් මේ මිනිස්සු මෙහෙම දුක් විඳින එක හරි පුදුමයි නේ (නදී)
කොළඹ නම් ගිය ගිය තැන් වල වතුර මල් වලින් අලංකාර වෙලා. (නදී)
අව්වේ තියන රැස් මාලා අඩුවේවා දැවෙන දෙපාවල දිය ගඩු නොම ඒවා කැලේ සතුන්ගෙන් අනතුරු නොම වේවා ඇසේ කදුළු දෙන්නම් - වැසි වසී වා ! (නදී)
වතුර නැතුව දුක්විඳින මේ දරු දෙන්නා දැක්කම පුදුම වේදනාවක් දැනුනේ. නමුදු අපි කියා කුමක් කරමුද...?වැස්ස වලාහක දෙවියනි, විගසින් වඩිනු මැනේ! (නි)
මොවුන්ට පානීය ජලය සැපයිය යුතුයි. එ්ත් කපා බිම හෙලා ගිනි තියා ඇති ජලසම්පාදක දෙවිවරු ටික දැක්කාම දුකයි. (නදී)
ලස්සන ෆොටෝ එක (නදී)
අපේ රටේ කොච්චර සල්ලි තොගයක් නාස්ති කරනවද බොරු ප්‍රචාර වැඩ වලට. තම තමන්ගේ විනෝද වැඩ වලට. මේ සල්ලි මහජන සල්ලි. වතුර ජීවත්වෙන්න නැතිවම බැරි දෙයක්. ඇයි කොටසක් වතුර නැතිව දුක් විදින්නේ තව කොටසක් රජ සැප විදින්නේ ? (නදී)
දේශපාලකයෝ අපි පත් කරන්නේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්ඩ, නැතිව කාර් රේස් යන්ඩ නෙමේ. (නදී)
සමහර ව්‍යාපෘති වලට වැයකරන සල්ලි වලින් ලංකාවටම වතුර දෙන්න තිබුනා නේද? (නි)
කරුණාකර වගාවන්ට කියල වනාන්තර එලි පෙහෙළි කරන්නෙපා. ඒවා ජාතික අපරාධ. දේශපාලුවෝ එහෙන් වනාන්තර තමන්ගේ බූදලේ වගේ හිතුමතේ ලියල දෙනවා. මෙහෙන් ගම්මු හේන් ගොවිතැනටයි කියල වනාන්තර එලි කරනවා. එහෙමනම් දැන් ඒවායේ විපාකත් ගෙවන්න වෙනවා.(නදී)
අධි සුඛෝපභෝගී වාහනයක් මෙරටට ගෙන්වන මුදල් වලින් වතුර බවුසර් පහක් ගන්න පුළුවන්. පින්වත් පාලකයනි, මොන ක්‍රමයකින් හරි ඒ අහිංසකයින්ට වතුර පොදක් ලබා දෙන්න ක්‍රමයක් සළස්වන්න. දෙවියොත් ආශිර්වාද කරයි (නි)
දෙවැනි ඡායාරූපයේ ලොකු කතාවක් තියෙනවා. ගස් කපලා වැස්ස නැති වුණහම වතුර ගෙනෙන්න දුක් විඳිනවා. (නි)
දෙවැනි පින්තූරයේ පසුතලයෙන් වතුර ගෙනෙන්න හේතුවට උත්තරයත් තිබෙනවා. (නි)
මේ පින්තූරයේ ඉන්න දරුවන් දෙදෙනා දැක්කම පුදුම සංවේගයක් අපේ සිත් වල ඇතිවෙනවා. නමුත් දණින් සිටගෙන ඉන්න අපි මොනවා කියලා කරන්නද? (නි)
මේකට තමයි කියන්නෙ කොළඹට කිරි ගමට කැකිරි කියලා.පව් අහිංසක දරුවො පාසලකට යනබවක්වත් පෙනෙන්නෙ නැහැ වගෙයි. (නි)
ඒ අය මොනතරම් නම් අසරණද? (නි)
රජින්ද, ඔබ නිවැරදියි. එහෙත් මේ නාස්ති කරන සල්ලි වලින් මේ ජනතාවට වතුර ටිකක් යවන්න බැරිකමක් අපේ රටේ තියනවා කියා නොසිතමි. මේවා මාධ්‍යයෙන් හෙළිවනතුරු දේශපාලුවන් නිදා සිටී. (නි)
මේ මිනිස්සුට ඉන්න හිටින්න හරියට ගෙයක් දොරක් නැතුව මොන තරම් දුක් විදිනවද? කෝ දේශපාලුවෝ මේ මිනිස්සුගේ දුක පෙනෙන්නේ නැද්ද? අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරන් මේ අය සුරසැප විදිනවා.(නදී)
මේ රට රට පාලනය කරන සමහර පාලකයින් කරන වැඩ දැක්කම ස්‍භාවධර්මයත් කුපිත වෙනවා. ඉතින් කොහෙද වැස්ස (නදී)
ඔයතරම් දෙමල ජනතාවට ආදරේ කරන උතුරු පළාත් සභාව කෝ දැන්. කෝ කට අරිනවා ඒ ගැන. රට පුරා නයිට් රේස් තියන ඇමතිවරුන්ගේ පවුල් පිටින් ලෝක සවාරි ගෙනියන ආණ්ඩුව තමන්ට ජෝගි නටන්න බදු ගෙවන අසරණ ජනතාව වෙනුවෙන් පිපාසයට බොන්න දිය පොදක් දෙන්න හිතන්නේ නෑ (නදී)
අපේ රටේ ජල කළමනාකරණය නම් හරිම දුර්වලයි. කුඩා රටක් වෙලත් එක ප්‍රදේශයක් ගං වතුරින් පීඩා විදින කොට තව ප්‍රදේශයක් බොන්න වතුර පොදක් නැතුව දුක් විඳිනවා. තවත් ප්‍රදේශවල වගා කරගන්න වතුර නැතුව ගොවියෝ වස බොනවා. රටේ ජල මුලාශ්‍ර ආරක්ෂා කරගැනීමක්, ඒවා නිරන්තර නිරීක්ෂණය කිරීමක් හෝ අතිරිකත්ත ජලය කළමනාකරණය පිළිබඳව අදාල බලධාරීන්ට එතරම් උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ. මුහුදු වතුර පිරිසිදු කර ප්‍රයෝජනයට ගන්න රටවල් දිහාවත් බලල අපේ වගකිවයුත්තන් අහසින් නොමිලේ වැටෙන වතුර ටිකවත් නිසි පරිදි කළමණාකර ගන්නවා නම් හොඳයි. ෂෙලාන්සියුස් මහත්මයා, ඒක පුද්ගල අදායමෙන් කියවෙන්නෙ නැනේ රටේ හැමෝටම එම ගාණ ලැබෙනවා කියලා. ඒක පුද්ගල අදායම කියවන්න ඕන ගිනි දර්ශකයත් සමග. අපේ රටේ අදායම බෙදීයාමේ විෂමතාවය ඉහල අගයක් වන අතර රටේ සමස්ත අාදායමෙන් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසක් අතට යද්දී බහුතරයකට වෙන්නේ ඔහොම දුක් විදින්න තමයි (නදී)
පාලකයෝ සියලු දෙනාම දකින්නේ යන එන මග ප්‍රසිද්ධ නගර ගම් වල තියෙන දේවල් විතරයි. පොඩ්ඩක් ඇතුලට ගිහිල්ල බැලුවොත් ජනයාගේ අඩු පාඩු පොදු පහදුකම් ගොඩක් තියෙනවා. (නදී)
පාසල් යායුතු වයසේ දරුවන් විදින දුක දැක්කම හරිම අසරණ හැගීමක් හිතට ඇති වෙනවා. එත් මොනව කරන්නද. චන්ද කාලෙට එක උදලු තලයක් ගෙනත් දුන්නම අපේ සමහරුන්ට ඇති.(අ)
අනේ මේ ඔක්කොම අසරණ මිනිස්සු. මේ අයට අපි ඔක්කොමල එකතුවෙලා පිහිට වෙන්න බලමු.(අ)
අපේ රටේ ඇති තරම් වතුර තියනවා එකම වරද ඒවා හරි හැටි බෙදා හැරීමේ කලමනා කාරිත්වය නැති වීමයි. අායෙත් රටනම් හදන්න බැරි ගානට විනාශ වෙලා තියෙන්නේ.(නදී)
රටේ වාර්තා බැලුවම දුප්පතුන් නැහැ වගේ. එ්ත් මේ අයට ඉන්න තැනක් නැහැ බොන්න වතුර නැහැ මොනවද දේශපලකයෝ කරන්නේ (නදී)
ලංකාදීප පත්තරේට පුලුවන්ද මේ අසරණ අයට වතුර දීම සදහා වැඩපිළිවෙලක් සකසන්න. අපි හැමෝම වතුර බෝතලය ගානේ එකතු කරලා මේ අයට දෙමු (නදී)
නෝ ප්‍රොබ්ල්ම් අපි උගන්ඩාවෙත් ජලසම්පාදන ව්‍යාපෘති වලට ඩොලර් මිලියන් ගනන් අධාර කරපු නායකයෝ ඉන්න රටක්. (නදී)
ඉතින් මොකද කරන්න කියන්නේ. දැන් අමතර ගුවන් තුටුපොලවල්, අධිවේගී මාර්ග හදල දීල රට දියුණු කරලා දුන්න නේද? තව මොනවද? (නදී)
මේ රටේ දේශපාලුවන්ට මේ මිනිසුන්ගේ දුක්බර ජීවිතයට බොන්න වතුර ටිකවත් දෙන්න බැරිනම් මහජන නියෝජිතයෝ මොකටද මේ රටට? (නදී)
රට පෙරට, ගම නැගුම, දිවි නැගුම ,සැමට ජලය ,ආසියාවේ ආස්චර්ය, ඒක පුද්ගල ආදායම ඉහලට, වෙිගවත් සංවර්ධනය. (නදී)
දේශපාලකයෝ පුළුවන් නම් නියන් ආධාර වලින් හොරා කන්න බලාගෙන ඉන්නවා ඇති දැන්. කට මැදගන ඇත්තේ දැන්. (නදී)
පිනක් කරනවා නම් මෙන්න (නි)